• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනයේ තියෙන්නේ දරදඬු කොමියුනිස්ට් මාධ්‍ය පරිපාලනයක්! විවේචනාත්මක වාර්තාකරණයට චීනයේ ඉඩක් නෑ! චීනෙට රාජ්‍ය මාධ්‍ය ටික දීලා අපිටත් එහෙම වුණොත් තමයි මරු! Sri Lanka Latest News

February 2, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
සියලු රාජ්‍ය මාධ්‍ය චීනයට ගැට ගහන්න ආණ්ඩුව තීන්දු කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මහජන චීන සමූහාණ්ඩුවේ ජනමාධ්‍ය මූලික වශයෙන් රූපවාහිනිය, පුවත්පත්, ගුවන්විදුලිය සහ සඟරාවලින්ද සමන්විත වේ. 21 වැනි සියවසේ ආරම්භයේ සිට අන්තර්ජාලයද වැදගත් ජනමාධ්‍ය ආකරයක් ලෙස මතුව ඇති අතර, එය මහජන චීන සමූහාණ්ඩුවේ සහ පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ (Chinese Communist Party – CCP) ඍජු අධීක්ෂණය සහ පාලනය යටතේ පවතී. චීනයේ මාධ්‍ය CCP විසින් දැඩි ලෙස පාලනය කර වාරණය කරනු ලැබේ. ජාතියේ මාධ්‍ය අධීක්ෂණය කරන ප්‍රධාන ඒජන්සිය වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම ප්‍රචාරක දෙපාර්තමේන්තුවයි. චයිනා මීඩියා ගෲප්, පීපල්ස් ඩේලි සහ ෂින්හුවා පුවත් ඒජන්සිය ඇතුළු විශාලතම මාධ්‍ය සංවිධාන සියල්ලම පාලනය වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය යටතේය. මෙය චීනයේ වත්මන් මාධ්‍ය ප්‍රතිපත්තියේ ස්වභාවයයි…’ Sri Lanka Latest News

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව මෙලෙස චීනයෙන් ඇසෙන බැරෑරුම් කතාන්දරය කුමක්ද? ගෝලීය මාධ්‍ය කලාවට අදාළවද මෙසේ ඇසෙන වතගොත අපට කියා සිටින්නේ අන්තර්ජාලයෙහි ඇති ‘විකිපීඩියා’ පරිච්ඡේදයක් ඇසුරෙනි. මෙය කියවන විට අපට ඉතා සැණෙකින් හැඟී යන්නේ චීනයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව අර්ථකථනය කෙරෙන මතිමතාන්තරයකි. එනම් වත්මන් චීනයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඇති යම් නෛතිකමය ක්‍රමවේදයකි. මෙම වතගොත තවත් සොයා බලන්නට ප්‍රථම එම පරිච්ඡේදයේ තවත් තතු සොයා බලමු. එය තවදුරටත් මෙසේ කියයි.

‘1949 දී මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ සිට සහ 1990 (1980 දශකය) වැනි කාලයක් දක්වාම චීනයේ ප්‍රධාන භූමියේ සියලු මාධ්‍ය ආයතන පාහේ චීන රජය විසින් පාලනය කර ඇත. මෙලෙස රාජ්‍ය මාධ්‍ය අඛණ්ඩව සැලකිය යුතු වෙළෙඳපළ කොටසක් හිමිකරගෙන සිටියද, පුද්ගලික සතු මාධ්‍ය ආයතන මතුවීමට පටන්ගත්තේ චීන ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භයේදී පමණි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම ප්‍රචාරක දෙපාර්තමේන්තුව විසින් පනවා ඇති රෙගුලාසි මේ වනවිටද සියලු මාධ්‍ය ආයතන විසින් දිගටම අනුගමනය කරයි. මෙහිදී මාධ්‍යවේදීන් සිය මාධ්‍ය අක්තපත්‍ර පවත්වා ගැනීම සඳහා ‘ෂී ජින්පින් චින්තනය’ අධ්‍යයනය කිරීම අත්‍යාවශ්‍ය වෙයි. (ෂී ජින්පින් යනු චීනයේ වත්මන් ජනාධිපතිවරයාය) ‘දේශසීමා නොමැති වාර්තාකරුවන්’ නමැති ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයේ, වාර්ෂික ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ, මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් චීනය ඉතා දුර්වල ලෙස ශ්‍රේණිගත කර ඇති ආකාරය පෙනීයයි…’

දැන් ඔබට මෙම කතාන්දරයේ යම් මූලික කරුණු කිහිපයක් අවබෝධ වනු ඇතැයි සිතමි. එසේ නම් මෙම කතාව ලියන්නට හේතු වූයේ ඇයි? එය නම් මෙයට දින කිපියකට පෙරදී සිදුවූ සුවිශේෂ සිදුවීමකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීනයේ නිල සංචාරයට අදාළව මෙම සිදුවීම සිදුව තිබිණි. ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී දෙරටට අදාළ වන අවබෝධතා ගිවිසුම් කිහිපයක්ම අස්සන් තැබූ බව පසුගියදා මාධ්‍ය වාර්තා හරහා දක්නට ලැබිණි. එම ගිවිසුම් අතරින් එක්තරා සුවිශේෂ ගිවිසුමක් වූයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ චීනයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්ට අදාළව අස්සන් තැබූ අවබෝධතා ගිවිසුමයි. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව ධාරිතා වර්ධනය සඳහා චීන මාධ්‍ය ආයතන සමග මෙම ගිවිසුමට එළැඹුණේ යැයි කරුණු ප්‍රකාශ වී තිබිණි. එසේම චීනයේ මාධ්‍ය ආයතන සමග මෙසේ අස්සන් කළ ගිවිසුමේ යෝජනා ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා අනුමත කිරීමද සිදුකර තිබිණි. මෙම ගිවිසුම හරහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා නිලධාරීන් මෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ද ධාරිතා වර්ධන පුහුණුව සඳහා චීනයට යවන බවට කරුණු ප්‍රකාශ විය. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ චීනයේ ජාතික ගුවන්විදුලි හා රූපවාහිනී පරිපාලනය යන ආයතන සමග එක් ගිවිසුමක්ද, ශ්‍රී ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) සහ චීන රජය සතු ෂින්හුවා මාධ්‍ය ආයතනය සමගද අනෙක් ගිවිසුම අස්සන් කරන ලදී. එසේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද ‘ෂින්හුවා’ ආයතනය සමග ගිවිසුම් අස්සන් කරන ලද අතර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව චීනයේ රජය සතු ‘චයිනා මීඩියා ගෲප්’ සමගද අවබෝධතා ගිවිසුම් අස්සන් කර ඇත.

දැන් ඔබ මෙම කතාවේ යම් සන්ධිස්ථානයකට පැමිණ ඇත. එනම් මෙහිදී පැහැදිලිවම පෙනීයන්නේ මෙම ගිවිසුම් හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍යවලට සම්බන්ධ නිලධාරීන් සහ ජනමාධ්‍යවේදීන්, චීනයේ රාජ්‍ය මාධ්‍ය ආයතන තුළදී පුහුණුවට ලක්කරන ආකාරයි. මෙම සිදුවීම මේ වනවිට මෙරට බොහෝ පාර්ශ්ව තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇත. එයට හේතුවී ඇත්තේ මෙම ලිපියේ ආරම්භයේදීම ඔබට ලියා තැබූ පරිදි චීනයේ ජනමාධ්‍ය විසින් ගන්නා දැඩි ස්ථාවරයයි. ලෝකයේ ප්‍රබලතම මෙන්ම අංක එකට තිබෙන කොමියුනිස්ට් රාජ්‍යය වන චීනය තමන්ගේ සියලු කටයුතුවලදී ඉතා දරදඬු ප්‍රතිපත්ති අනුගමනය කරයි. එහිදී විශේෂයෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළදීද එම ප්‍රතිපත්තිය අනුගමනය කිරීම චීන රජයේ ස්ථාවරයයි. මෙවැනි වටපිටාවකදී මෙරට රාජ්‍ය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ ජනමාධ්‍යවේදීන් චීනයට ගෙනගොස් එරට රාජ්‍ය අංශ මගින් පුහුණුවට ලක්කිරීම අතිශයින්ම අර්බුදකාරී තත්ත්වයක් යැයි මෙරට විවිධ පාර්ශ්ව ප්‍රශ්න කර ඇත. මෙයට පෙරදී යම් කාලයක සිටද මෙරට ජනමාධ්‍යවේදීන් චීනයේ මාධ්‍ය සංචාරයන් සඳහා සහභාගි වී ඇතත්, එය මෙම නව ක්‍රියාවලියට වඩා වෙනස් එකක් විය. එනම් එහිදී පුද්ගලික ජනමාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ද එම සංචාරය සඳහා සහභාගි විය. එහෙත් මෙම නව වැඩපිළිවෙළ යටතේ සහභාගි වන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතන පමණි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මාධ්‍යවේදී සංවිධානයක් වශයෙන් සැලකෙන ශ්‍රී ලංකා වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මෙම අර්බුදකාරී තත්ත්වය ගැන මෙසේ අදහස් දක්වා තිබිණි.

‘චීනයේ මාධ්‍ය කියන්නේ ප්‍රධාන වශයෙන්ම රජය සතු එමෙන්ම රජය විසින් පූර්ණ වශයෙන්ම පරිපාලනය වන ආයතනයයි. ශ්‍රී ලංකා රජය සහ චීන රජය අතර මෙසේ ඇතිකරගෙන තිබෙන මාධ්‍ය අවබෝධතා ගිවිසුම්වල කාලසීමාව සහ විනිවිදභාවය ගැන සොයාබැලීම අත්‍යාවශ්‍යයි. චීන රජයේ මාධ්‍ය ආයතන කියන්නේ කිසි විටෙකවත් ස්වාධීන ආයතන නොවෙයි. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්, මාධ්‍ය ස්වාධීනත්වය සහතික කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනීසිටින මොහොතක, විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය තුළ ගෙන ඇති මෙම පියවර ඉතා දැඩි ලෙස කරදරකාරී ස්වරූපයක් පෙන්නුම් කරනවා. මෙවැනි හවුල්කාරීත්වයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ විදේශීය බලපෑම් ඇතිකිරීමට ඉඩ තිබෙනවා. එසේම මෙවැනි වටපිටාවකදී රටේ මාධ්‍ය නිදහස පවා හෑල්ලුවට ලක්වීමට ඉඩ තිබෙනවා. විනිවිදභාවයක් නොමැති මෙම ක්‍රියාවලිය මගින් දේශීය මාධ්‍ය පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමටද රජය අපොහොසත් වී තිබෙනවා….’

මෙයට අමතරව ශ්‍රී ලංකාවේ තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක්ම මෙම ක්‍රියාවලියට තමන්ගේ දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති අතර, දැඩි විවේචනයටද ලක්කර ඇත. මෙවැනි ක්‍රියාවලියක් හරහා මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ රාජ්‍ය කේන්ද්‍රගත ප්‍රවේශයක් ප්‍රවර්ධනය වීම සිදුවන බව එම පාර්ශ්ව චෝදනා කර සිටී. චීනයේ මාධ්‍ය එරට කොමියුනිස්ට් රජය විසින් දැඩි ලෙස පාලනය කරනු ලබන අතර, රාජ්‍ය අනුමත ආඛ්‍යාන බෙදාහැරීමේ මෙවලමක් ලෙසද භාවිත කරන බව මෙම පාර්ශ්ව පෙන්වා දී ඇත. මෙලෙස රජයේ න්‍යායපත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් චීන ආයතන සමග සමීපව කටයුතු කිරීම මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය හෑල්ලුවට ලක්කිරීමක් ලෙසද පෙන්වා දෙයි. තවද මෙහිදී ශ්‍රී ලංකාවේ පුවත්පත් ස්වාධීනත්වය තවදුරටත් මර්දනය විය හැකි බවද නිරීක්ෂකයෝ කනස්සල්ලට පත්ව ඇත. මෙහිදී සැඟවුණු න්‍යායපත්‍ර සඳහා ඉඩක් නිර්මාණය වන බවටද ඔවුන් චෝදනා එල්ල කර ඇත.

ලෝකයේ රටවල මාධ්‍ය නිදහසට අදාළ නිල දර්ශකයට අනුව 2024 වසරේදී රටවල් 180ක් අතරින් චීනය සිටින්නේ 172 වැනි ස්ථානයේය. එසේම එම දර්ශකයේ ශ්‍රී ලංකාව සිටින්නේ 150 වැනි ස්ථානයේය. මෙයින් පෙනීයන්නේ මෙම රටවල් දෙකම කෙතරම් පසු ස්ථානයක සිටිනවාද යන්නයි. මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථාන තුන ලබාගෙන ඇත්තේ පිළිවෙළින් නෝර්වේ, ඩෙන්මාර්කය සහ ස්වීඩනයයි. තවද මෙහිදී පැහැදිලිවම පෙනීයන කරුණ නම් මාධ්‍ය නිදහසට අදාළව ශ්‍රී ලංකාවට වඩා බොහෝ පසු ස්ථානයක චීනය සිටීමයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ චීනයේ මාධ්‍යවල තිබෙන දරදඬු රාජ්‍ය බලය සහ පාලනයයි. පසුගිය කොවිඩ් වසංගතය ඇරැඹුණු කාලයේ එම තත්ත්වය විවේචනය කළ චීන මාධ්‍යවේදීන් දෙදෙනකුම තවද අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය එකල වාර්තා කර තිබිණි. වාරණය යන්න චීන රාජ්‍ය මාධ්‍යවල ඇති ප්‍රධානතම සිද්ධාන්තයකි. විවේචනාත්මක වාර්තාකරණයට චීනයේ කිසිදු ඉඩක් නැත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

යෝෂිත රාජපක්ෂ එළියට ආවේ කොහොමද? Sri Lanka Latest News

Next Post

අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් එක්ක සජිත් හදිසියේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවුණේ ඇයි? PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.