හැටන් දුම්රිය ස්ථානය තුළ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයෙක් ඊයේ (02) දිනයේදී සොයාගෙන තිබේ.Sri Lanka Latest News
හැටන් පොලීසිය සඳහන් කළේ දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මගියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙලිය නල්ලතන්නිය මුල්ගම පහල කොටසේ පදිංචිව සිටි පී.එස්.ආරුමුගම් නැමති 70 පමණ වයසැති අයෙක් බවයි.
දුම්රිය පැමිණෙන තුරු හැටන් දුම්රිය ස්ථානයට පැමිණෙන මගින්ට විවේක ගැනිම සදහා සකස් කර ඇති ආසනයක් මත මොහු ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයාගෙන තිබේ.









