කුඹුක – බටුවිට ප්‍රධාන මාර්ගය පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගය කුඹුක ප්‍රදේශයෙන් අවහිර කරමින් අද (09) උදෑසන විරෝධතාවක් පැවැත්වුණි.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති විරෝධතාව හේතුවෙන් හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වී තිබු අතර, පොලීසිය එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව එක් මංතීරුවක් පමණක් ගමනාගමනය සඳහා විවෘත කරගැනීමට හැකිවිය.
අනතුරුව හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක රණතුංග මහතා පැමිණ ලබන මාසයේදී මාර්ගය පිළිසකර කරදෙන ලෙසට පොරොන්දුවීමත් සමග විරෝධතාව අවසන් කෙරුණි.










