හොරගොල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණ මුදලින් ගාස්තු ගෙවීමේ ගැටළුවකට මුහුණ දුන් රුසියානු ජාතික යුවලකට සිදුවූ අපහසුතාව මගහරවා වනෝද්‍යානය නැරඹීමේ අවස්ථාව උදාකර දීමට හොරගොල්ල වනජීවී නිළධාරීන් පියවර ගැනීමේ සිදුවීමක් අද (26) පෙරවරුවේ වාර්තා විය. (Sri Lanka Latest News)
රුසියානු ජාතික යුවල ඹවුන්ගේ කුඩා දරුවාද සමග වේයන්ගොඩ දුම්රියපොළට පැමිණ හොරගොල්ල ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා පිටත්ව ගොස් ඇත.
වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 03ක් පමණ දුරින් පිහිටි හොරගොල්ල ජාතික වනෝද්‍යානයට ඹවුන් ගමන් කළ ත්‍රීරෝද රිය රුපියල් 3000ක මුදලක් අය කර ඇත.
දිවයිනේ විවිධ ස්ථානවල සංචාරය කිරීමෙන් අනතුරුව ආපසු යාමට පෙර මෙම යුවලගේ ගමනාන්තය වී ඇත්තේ හොරගොල්ල ජාතික වනෝද්‍යානයයි. මෙසේ රට වටේ යාමෙන් ඔවුන් අත තිබූ මුදල් අවසන් වී ඇති අතර ත්‍රීරෝදයේ කුලිය ගෙවීමෙන් පසුව ඔවුන් අත ඉතිරිව ඇත්තේ රුපියල් 2000ක මුදලක් පමණි.
හොරගොල්ල ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා ප්‍රවේශපත්‍ර ලබාගැනීමට ඔවුන් අත ප්‍රමාණවත් මුදලක් නොතිබීම හේතුවෙන් ඔවුන් බැංකු කාඩ් පතෙන් මුදල් ගෙවීමට කටයුතු කර ඇතත් ඒ සදහා පහසුකම් එහි නොවීමෙන් විදේශික යුවළ මෙන්ම වන නිලධාරීන්ද මහත් අපහසුතාවකට පත්ව ඇත.
පස්වරුවේම ඔවුන් ගුවන් ගමනේ යෙදීමට නියමිතව තිබිණි. අවශ්‍ය තරම් මුදල් අත නොතිබිම නිසා වන උද්‍යානය නැරඹිමේ අවස්ථාව ගිලිහි යාමට තිබියදි වන නිළධාරීන් සිදු වී ඇති දෙය පිළිබද හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ ස්ථන භාර නිළධාරී ඒ. විජේසිංහ මහතා දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
විදේශික යුවල පත්ව ඇති තත්ත්වය පිළිබද වටහා ගත් විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් උසස් නිළධාරීන්ගේ උපදෙස් පතා ඇත්තේ කිසියම් සහනයක් යුවලට ලබා දීමේ අදහස ඇතිවය.
අනතුරුව විශේෂ අවසරයක් මත විදේශිය යුවළට වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දිමට වනෝද්‍යානය භාර නිලධාරී පියවර ගෙන තිබිණ.
වන ජීවි නිළධාරීන්ට අනේක වාරයක් ස්තූති කරමින් විදේශීය යුවල ඔවුන්ගේ දරුවා සමග ඉතාම සතුටින් වනෝද්‍යානය නරඹා ආපසු පිටත්ව ගියේ ශ්‍රී ලාංකිකයන්ගේ සත්කාරය හා ශ්‍රී ලංකා නාමය හදවතේ රදවා ගැනීමෙන් පසුවය.
lankadeepa










