මහජන බදු මුදලින් යැපෙන පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඇඹිලිපිටියේ ගංජා පැල වැටලූ, පොලිස් නිලධාරියාට ප්‍රහාරයක් එල්ල වීම ගැන පළවූ පුවතට අදාළව හිරු ටීවී වෙත එවන ලද ලිපිය මගින්, ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව හිරු ටීවී මගින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත යවන ලද පිළිතුරු ලිපිය මගින් දැඩිව අවධාරණය කර ඇත.Sri Lanka Latest News
අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය විසින්ම පටිගත කරන ලද සාක්ෂියක්, හිරු ටීවී මගින් වාර්තා කරන තෙක්ම පොලිසිය ඒ පිළිබඳව කිසිවක් රටට අනාවරණය නොකළ බව ද එම පිළිතුරු ලිපියෙහි සඳහන් කර තිබේ.
පොලිසිය හිතා මතාම එම ප්‍රබල සාක්ෂිය අධිකරණයට හෝ මාධ්‍ය වෙත, අනාවරණය නොකළේ ඇයිදැයි යන්න තේරුම් ගත නොහැකි බවද හිරු ටීවී නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තරංග ජයකොඩිගේ අත්සනින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත යවන පිළිතුරු ලිපිය මගින් තවදුරටත් අවධාරණය කර ඇත.
එමෙන්ම සූරියකන්ද පොලිසියේ කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහතා කරන ලද පැමිණිලි සහ ප්‍රකාශ අනුව ඔහුට සිදු වූ පහර දීම සහ ගංජා පැල වැටලීම අතර සම්බන්ධයක් පවතින බව ද එම පිළිතුරු ලිපියෙහි සඳහන් වෙයි.
පොලිස් විමර්ශනවලදී එවැනි සම්බන්ධයක් අනාවරණ වී නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය එවන ලද ලිපියේ සඳහන් වුවද, එවැනි සබඳතාවක් ඇති බව තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි සහ මූලාශ්‍ර ඕනෑවටත් වඩා තමන් සතුව පවතින නිසා පොලිස් මාධ්‍ය කොට්ඨාසය හිරු ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දරණ ස්ථාවරය තරයේ ප්‍රතික්ෂේප කරන බවද එම ලිපිය මගින් අවධාරණය කර ඇත.
අපරාධයක් සම්බන්ධයෙන් පොලිසියම ලබා ගත් ප්‍රබල සාක්ෂියක් හිරු ටීවී රටට වාර්තා කළේ, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරමින් බවද එම පිළිතුරු ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.











