• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඥානසාර හිමිට ආණ්ඩුව ඇතුළෙන්ම ලොකු විරෝධයක් එයි! සභාපතිකමින් ඉවත් කරයිද?

December 11, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පාස්කු වාර්තාවෙන් ඥානසාර හිමිටත් අපරාධ චෝදනා
Share on WhatsAppShare on Facebook

මුළු රටට ම පොදු නීතියක් සම්පාදනය කිරීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස භික්ෂුවක් පත්කිරීමට ඉතාමත් කනගාටු වන බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නොකළ යුතු ක්‍රියාවක් කළ බව ත් යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේ ය.

“ජේ.ආර්. ජනාධිපතිවරයා ධර්මිෂ්ඨ සමාජයක් පිළිබඳ මේ රටේ ඓතිහාසිකව ජනතාවගේ සිතුම් පැතුම්වලට අමතමින් තමයි බලයට පත් වෙන්නේ. හැබැයි එතුමා විවෘත ආර්ථිකය තුළ සම්පූර්ණයෙන් ම සාරධර්ම නොතකා හරින ක්‍රියාවලියකට යොමුවීම තුළ ඒ ප්‍රතිඥා භාෂාවේ තියෙන වචනවලට තියෙන ගරුත්වය පවා කෙතරම් විහිළුවක් බවට පත් වුණා ද? එම නිසා මෙයත් එවැනි අවාසනාවන්ත සිද්ධියක් විය හැකි බවයි අපේ අදහස.

අපේ රජයත් මේ ගැන බරපතළ ලෙස සිතා හැකි ඉක්මනින් නිවැරදි තීරණයක් ගත යුතුයි කියලා අපි හිතනවා.

Breaking News දැනගන්න දැන්ම Mawrata WhatsApp Group එකත් එක්ක Join වෙන්න…
https://chat.whatsapp.com/GhA7xXKxK7LGWo3bKB28iQWhatsApp

ත්‍රස්තවාදය අවියක් කරගෙන අපේ රටේ ඒකීය රාජ්‍ය දුර්වල කිරීම සඳහා නැතිනම් රටේ රාජ්‍ය ව්‍යුහය බල රහිත වන ආකාරයකට 13 වන සංශෝධනයේ සිට සම්මත කර ඇති බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන නිවැරදි කරන නව ව්‍යවස්ථාවක් තමයි එම ජනවරමට දායක වුණ අපෙ ත්, 69 ලක්ෂයක් වූ ඒ දායකයන්ගේ ත් ප්‍රධාන බලාපොරොත්තුව.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ඒ වගේ ම පාර්ලිමේන්තුවේදී 20 වන සංශෝධන පිළිතුරු කතාව කරමින් අලි සබි්‍ර මහතා මුළුමහත් පාර්ලිමේන්තුවටත්, මුළු මහත් රටටත් පොදුවේ ප්‍රතිඥාවක් දුන්නා. ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියෙන් දෙවන වර්ෂ පූර්ණයට පෙර නව ව්‍යවස්ථාව හා සම්බන්ධ කෙටුම්පත රට හමුවේ තබනවා කියලා. එහිදී 20 වන සංශෝධනය නිසා එක්තරා ආකාරයකට ඒ ජනවරමට පටහැනි වූ යම් යම් ව්‍යවස්ථාමය වගන්ති ක්‍රියාත්මක වෙමින් අරඹුණා නම්, උදාහරණයක් විදිහට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ සහ විධායකයේ බලතල දැරිය හැකි වන ආකාරයට 19 වන සංශෝධනයෙන් බලතල දරන්නට බැරි වන ආකාරයට ගෙන තිබූ ඒ ව්‍යවස්ථා සංශෝධනය 20 වන සංශෝධනයේදී නිෂ්ප්‍රභ වුණා. එවැනි රටට වැදගත් වන්නා වූ ව්‍යවස්ථා ප්‍රතිපාදන සහිත නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට අධිකරණ ඇමතිවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා ඔහුට පෞද්ගලිකව ම පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දෙන්න කියලා කියන කාරණාව තමයි. ඒ අනුව අපි 69 ලක්ෂ ජනවරමේ ප්‍රධානතම කාර්යයක් හැටියට විශාල බලාපොරොත්තු තියාගෙන හිටියා ජනාධිපතිවරයාගේ දෙවන වර්ෂ පූර්ණයට පෙර මේ නව ව්‍යවස්ථා කෙටුම්පත අපේ රට හමුවේ තබයි කියලා.

ඒ සඳහා ජනාධිපති නීතිඥයන් ඇතුළු ව්‍යවස්ථාව හා සම්බන්ධ විශාරදයන් ඇතුළත් කමිටුවක් පත් කරලා වසරකට ආසන්න කාලයක් ඔවුන් කටයුතු කරන අතර කොවිඩ් තත්ත්වය හෝ වෙනත් කරුණු නිසා හෝ මේ කාරණය කල් දැමිය යුතු හෝ අතපසු කළ යුතු හෝ කාරණාවක් යැයි අපි හිතන්නේ නෑ.

ත්‍රස්තවාදය පරාජය කර රණවිරුවන් අපේ රටට මේ ඒකීය ශ්‍රී ලංකාව රැකගනිමින් ලබාදුන් ඒ විජයග්‍රහණය තව යුගයෙන් යුගය පවතින ආකාරයේ ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ත්‍රස්තවාදය භාවිත කරමින් විවිධ බෙදුම්වාදී බලවේග හා විජාතික බලවේග අපේ රටේ ඒකීය රාජ්‍යය දුර්වල වන ආකාරයට 13 වන සංශෝධනයේ පටන්ගෙන ආ සංශෝධන බල රහිත වන ආකාරයේ නව ව්‍යවස්ථාවක් නොපමාව අපේ රටට දායාද කරන්න රජය කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

SendShareShare
Previous Post

ජගත් සංවිධානයේ ඉහළම නිලධාරීන් සඳුදා ලංකාවට! දවස් 5ක් තිස්සේ කරන්න යන්නේ මොනවාද?

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.