මුළු රටට ම පොදු නීතියක් සම්පාදනය කිරීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස භික්ෂුවක් පත්කිරීමට ඉතාමත් කනගාටු වන බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නොකළ යුතු ක්‍රියාවක් කළ බව ත් යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේ ය.
“ජේ.ආර්. ජනාධිපතිවරයා ධර්මිෂ්ඨ සමාජයක් පිළිබඳ මේ රටේ ඓතිහාසිකව ජනතාවගේ සිතුම් පැතුම්වලට අමතමින් තමයි බලයට පත් වෙන්නේ. හැබැයි එතුමා විවෘත ආර්ථිකය තුළ සම්පූර්ණයෙන් ම සාරධර්ම නොතකා හරින ක්‍රියාවලියකට යොමුවීම තුළ ඒ ප්‍රතිඥා භාෂාවේ තියෙන වචනවලට තියෙන ගරුත්වය පවා කෙතරම් විහිළුවක් බවට පත් වුණා ද? එම නිසා මෙයත් එවැනි අවාසනාවන්ත සිද්ධියක් විය හැකි බවයි අපේ අදහස.
අපේ රජයත් මේ ගැන බරපතළ ලෙස සිතා හැකි ඉක්මනින් නිවැරදි තීරණයක් ගත යුතුයි කියලා අපි හිතනවා.
ත්‍රස්තවාදය අවියක් කරගෙන අපේ රටේ ඒකීය රාජ්‍ය දුර්වල කිරීම සඳහා නැතිනම් රටේ රාජ්‍ය ව්‍යුහය බල රහිත වන ආකාරයකට 13 වන සංශෝධනයේ සිට සම්මත කර ඇති බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන නිවැරදි කරන නව ව්‍යවස්ථාවක් තමයි එම ජනවරමට දායක වුණ අපෙ ත්, 69 ලක්ෂයක් වූ ඒ දායකයන්ගේ ත් ප්‍රධාන බලාපොරොත්තුව.
මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ඒ වගේ ම පාර්ලිමේන්තුවේදී 20 වන සංශෝධන පිළිතුරු කතාව කරමින් අලි සබි්‍ර මහතා මුළුමහත් පාර්ලිමේන්තුවටත්, මුළු මහත් රටටත් පොදුවේ ප්‍රතිඥාවක් දුන්නා. ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියෙන් දෙවන වර්ෂ පූර්ණයට පෙර නව ව්‍යවස්ථාව හා සම්බන්ධ කෙටුම්පත රට හමුවේ තබනවා කියලා. එහිදී 20 වන සංශෝධනය නිසා එක්තරා ආකාරයකට ඒ ජනවරමට පටහැනි වූ යම් යම් ව්‍යවස්ථාමය වගන්ති ක්‍රියාත්මක වෙමින් අරඹුණා නම්, උදාහරණයක් විදිහට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ සහ විධායකයේ බලතල දැරිය හැකි වන ආකාරයට 19 වන සංශෝධනයෙන් බලතල දරන්නට බැරි වන ආකාරයට ගෙන තිබූ ඒ ව්‍යවස්ථා සංශෝධනය 20 වන සංශෝධනයේදී නිෂ්ප්‍රභ වුණා. එවැනි රටට වැදගත් වන්නා වූ ව්‍යවස්ථා ප්‍රතිපාදන සහිත නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට අධිකරණ ඇමතිවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා ඔහුට පෞද්ගලිකව ම පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දෙන්න කියලා කියන කාරණාව තමයි. ඒ අනුව අපි 69 ලක්ෂ ජනවරමේ ප්‍රධානතම කාර්යයක් හැටියට විශාල බලාපොරොත්තු තියාගෙන හිටියා ජනාධිපතිවරයාගේ දෙවන වර්ෂ පූර්ණයට පෙර මේ නව ව්‍යවස්ථා කෙටුම්පත අපේ රට හමුවේ තබයි කියලා.
ඒ සඳහා ජනාධිපති නීතිඥයන් ඇතුළු ව්‍යවස්ථාව හා සම්බන්ධ විශාරදයන් ඇතුළත් කමිටුවක් පත් කරලා වසරකට ආසන්න කාලයක් ඔවුන් කටයුතු කරන අතර කොවිඩ් තත්ත්වය හෝ වෙනත් කරුණු නිසා හෝ මේ කාරණය කල් දැමිය යුතු හෝ අතපසු කළ යුතු හෝ කාරණාවක් යැයි අපි හිතන්නේ නෑ.
ත්‍රස්තවාදය පරාජය කර රණවිරුවන් අපේ රටට මේ ඒකීය ශ්‍රී ලංකාව රැකගනිමින් ලබාදුන් ඒ විජයග්‍රහණය තව යුගයෙන් යුගය පවතින ආකාරයේ ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ත්‍රස්තවාදය භාවිත කරමින් විවිධ බෙදුම්වාදී බලවේග හා විජාතික බලවේග අපේ රටේ ඒකීය රාජ්‍යය දුර්වල වන ආකාරයට 13 වන සංශෝධනයේ පටන්ගෙන ආ සංශෝධන බල රහිත වන ආකාරයේ නව ව්‍යවස්ථාවක් නොපමාව අපේ රටට දායාද කරන්න රජය කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”