• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැබිනට් තත්ත්වයත් එක්ක මිලින්ද ඉන්දීය ජනපතිට අක්තපත්‍ර බාරදෙයි! (VIDEO & PHOTOS)

September 22, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
කැබිනට් තත්ත්වයත් එක්ක මිලින්ද ඉන්දීය ජනපතිට අක්තපත්‍ර බාරදෙයි!  (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

කැබිනට් නිල තත්ත්වය සහිතව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත් කරනු ලැබූ මිලින්ද මොරගොඩ මහතා අද (22) නවදිල්ලි නුවරදී ඉන්දියානු ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා වෙත ස්වකීය අක්ත පත්‍ර පිරි නැමීය.

කෝවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රතිෂ්ඨාපනය කොට ඇති පිළිගත් සම්ප්‍රදාය අනුව මෙම අක්ත්‍රපත්‍ර පිරිනැමීමේ උත්සවය ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේදී වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් පැවැත්විණි.

ඉන්දියානු ජනාධිපතිවරයාගේ නිල නිවෙස වන රාෂ්ට්‍රපති භවන් මන්දිරයේ සිට විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වූ ඉන්දියානු ජනාධිපතිවරයා වෙත මහකොමසාරිස් මොරගොඩ මහතා විසින් සිය අක්තපත්‍ර පිරිනමනු ලැබිණි.

අක්තපත්‍ර පිරිනැමීමෙන් අනතුරුව, මහකොමසාරිස් මොරගොඩ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උණුසුම් ශුභාශිංසන ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා වෙත පළ කළ අතර ඉන්දියාවේ ස්වකීය දූත මෙහෙවරෙහි ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර දැනට පවතින සම්බන්ධතාවෙහි ගාමක බලය තව දුරටත් වර්ධනය කොට, ඒ් සම්බන්ධතාව විශේෂ මට්ටමකට ඉහළ නැංවීම බව ප්‍රකාශ කළේය.

භාරතය ශ්‍රී ලංකාවට දායාද කළ වටිනාම ත්‍යාගය වනුයේ බුදුසමය බව සඳහන් කළ මහකොමසාරිස්වරයා, සිය ප්‍රතිපත්තිමය මාර්ග සිතියම වන ඉන්දියාව සඳහා වූ ඒකාබද්ධ රාෂ්ට්‍ර ක්‍රමෝපායේ දාර්ශනික පදනම වශයෙන් අනුගමනය කොට ඇත්තේ බුදුන්වහන්සේගේ ඉගැන්වීම් බවද පැවැසීය.

සිය දූත මෙහෙවරෙහි මුඛ්‍ය අරමුණ සාක්ෂාත් කර ගැනීමටත්, දෙරට අතර ඇති ඉපැරණි, කාලය විසින් පරීක්ෂාවට ලක් කෙරුණු හා බහු මානීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් ඉන්දියානු ජනාධිපතිවරයාගේ හා රජයේ සහයෝගය මහකොමසාරිස් මොරගොඩ මහතා ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු වශයෙන් අදහස් දැක්වූ ජනාධිපති කෝවින්ද් මහතා, ඉන්දියාවේ ‘අසල්වැසි රාජ්‍ය පළමුවෙන්’ හා ‘සාගර්’ යන ප්‍රතිපත්ති තුළ ශ්‍රී ලංකාවට ඉතා විශේෂ ස්ථානයක් හිමිවන බව ප්‍රකාශ කළේය.

දෙරට අතර පවතින අතිශය මිත්‍රශීලී, ඓතිහාසික, සහ බහු-මානීය සබඳතා මෙන්ම ඉතා සවිමත් ද්විපාර්ශ්වික සංවර්ධන සහයෝගීතාව ගැනද ඉන්දියානු ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

දෙරට අතර පවතින සමීප සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇති බවට බලාපොරොත්තු පළ කළ ඉන්දියානු ජනාධිපතිවරයා සිය උණුසුම් ශුභාශිංසන ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමන ලෙසද මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.

1942 වසරේදී ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතා ඉන්දියාවේ ලංකා නියෝජිත ධූරයට පත් කෙරුණු තැන් පටන්, ඉන්දියාවේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කෙරුණු විසිහය වැන්නා මිලින්ද මොරගොඩ මහතා වේ.

අක්තපත්‍ර පිරිනැමීමේ උත්සවයේදී මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා කළ සම්පූර්ණ කථාව පහත දැක්වේ

අතිගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ උණුසුම් සහ හෘදයංගම ශුභාශිංසන මම ඔබතුමන් වෙත පිරිනමමි. ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයකුට විදේශයකදී ලැබිය හැකි වැදගත්ම ධුරයක් වන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වශයෙන් අද දින ඔබතුමන් වෙත අක්තපත්‍ර පිළිගන්වන්නට හැකි වීම ඉමහත් ගෞරවයක් කොට මම සලකමි.

ගෝලීය වශයෙනුත්, විශේෂයෙන්ම මේ කලාපයේත්, භූ දේශපාලන ප්‍රවණතා ක්‍රමක්‍රමයෙන් සංකීර්ණ හා අභියෝගාත්මක වන කාල වකවානුවක, අපගේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන ප්‍රතිෂ්ඨාව වූ ඉන්දියාවේ ස්වකීය මහකොමාසාරිස්වරයා වශයෙන් මා පත් කිරීමෙන් මගේ ජනාධිපතිතුමන් මා කෙරෙහි තැබූ දැඩි විශ්වාසය මට මහත් ගෞරවයකි.

ඉන්දියාවේ මගේ මෙහෙවරෙහි ප්‍රධාන අරමුණ වන්නේ අප දෙරට අතර දැනට පවතින සම්බන්ධතාවෙහි ගාමක බලය තව දුරටත් වර්ධනය කොට, ඒ සම්බන්ධතාව විශේෂ සම්බන්ධතාවක මට්ටමට ඉහළ නැංවීමයි. මෙම මුඛ්‍ය අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අටියෙන්, ඊළ`ග වසර දෙකක කාලය ස`දහා ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල පිණිස වූ ඒකාබද්ධ රාෂ්ට්‍ර ක්‍රමෝපායක ස්වරූපයෙන් මම මාර්ග සිතියමක් පිළියෙළ කොට ඇත්තෙමි.

මා දකින ආකාරයට, භාරතය අපට දායාද කළ වටිනාම ත්‍යාගය වනුයේ බුදුසමයයි. සම්බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අප රටට හ`දුන්වා දීම පිණිසත්, එය අප රටෙහි ප්‍රචාරය කිරීම පිණිසත්, ශ්‍රේෂ්ඨ බෞද්ධ පාලක අශෝක අධිරාජයා ස්වකීය පුතණුවන් සහ දියණියන් අවස්ථා දෙකකදී අප රටට පිටත් කර එවීම, අප රටවල් දෙක අතර ඇති ශක්තිමත් හා අවිච්ඡින්න ශිෂ්ටාචාරමය බැදීම් හකුඵවා දක්වන වැදගත් සාධකයකි.

මෙම සන්දර්භය තුළ, ඉන්දියාව ස`දහා වූ ඒකාබද්ධ රාෂ්ට්‍ර ක්‍රමෝපායෙහි දාර්ශනික පදනම වශයෙන් මා අනුගමනය කළේ බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කොට වදාළ සද්ධර්මයයි. විශේෂයෙන්ම, බුදුන්වහන්සේ වදාළ ‘සද්ධා’ , ‘සීල’, ‘ත්‍යාග’ සහ ‘පඤ්ඤා’යන සතර සම්පදා යි. මේ සතර සම්පදා අද්‍යතන ජාත්‍යන්තර සම්බන්ධතා විෂයෙහි ගත් කල, සද්ධා යන්නෙන් අන්‍යොන්‍ය විශ්වාසයත්, සීල යන්නෙන් සංවරබව හා නීතිගරුකබවත්, ත්‍යාග යන්නෙන් දැඩි ආස්ථානවල එල්බගෙන නොසිට ඔවුනොවුන්ගේ අදහස්වලට ගරු කරමින් සම්මුතිවලට එළැඹීමත්, පඤ්ඤා යන්නෙන් බුද්ධිමත්ව හා පරිණතව කටයුතු කිරීමත් අදහස් වෙයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විශ්වාසය ගොඩනැංවීමෙහිලා මේ උතුම් ප්‍රතිපත්ති අතිශය වැදගත් වේය යන්න මාගේ පරම විශ්වාසයයි.

මගේ මෙහෙවරෙහි මුඛ්‍ය අරමුණ සාක්ෂාත් කර ගැනීමටත්, අප දෙරට ඇති ඉපැරණි, කාලය විසින් පරීක්ෂාවට ලක් කෙරුණු හා බහු මානීය සබදතා තව දුරටත් ශක්තිමත් කිරීමටත් ඔබතුමාගේත්, ඉන්දියානු රජයේත් සහයෝගය ලබා දෙන්නේ නම් අතිශය කෘතඥ වන්නෙමි.

ස්තූතියි.

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2021 සැප්තැම්බර් 22 වැනිදා

SendShareShare
Previous Post

ඥානසාර හාමුදුරුවො කාගෙ ප්‍රකාශකද? ගෝඨා පිටරට ගිහින් ගහන ඩබල් ගේම මොකද්ද? රාසමාණික්කම් පාර්ලිමේන්තුව හොල්ලයි! (VIDEO)

Next Post

ජගත්-සරත් ප්‍රශ්නයට පසුපෙළ අත දමයි!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.