• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයවැයෙන් මිනිස්සුන්ට බදු වදින හැටි මෙන්න! Sri Lanka Latest News

November 15, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අයවැයෙන් මිනිස්සුන්ට බදු වදින හැටි මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2026 වසර සඳහා ජනාධිපති, මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය වාර්තාවේ ඇතුළත් බදු අයකර ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් වරලත් ගණකාධිකාරී, බදු උපදේශක විරාජ් හේනේගෙදර මහතා Tax Advisor යූටියුබ් නාලිකාවට අදහස් දක්වා තිබෙනවා. පහත පළවන්නේ එම අදහස් දැක්වීමයි.

2025 නොවැම්බර් මාසේ හත්වැනිදා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා විදිහට ලංකාවේ 80 වැනි අයවැය තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ 80 වැනි අයවැය ලේඛනය ගැන කතාකරනකොට හරියටම එකහමාරට විතර පටන් ගත්තා. මේක හය විතර වෙනකන් ගියා. දීර්ඝ අයවැය කතාවක් තමයි මෙතැන තිබුණේ. ඉතින් මේ දීර්ඝ අයවැය කතාව ඇතුළත සාමාන්‍යයෙන් අපි ටැක්ස් ගැන හොයන හැමෝම මේකෙ ටෙක්නිකල් නෝට් එක තමයි හොයන්නේ. ටෙක්නිකල් නෝට් එකේ බොහොම පැහැදිලිව ටැක්ස් ගැන වෙනම තියෙනවා. හැබැයි මේ පාර ටෙක්නිකල් නෝට් එකක් නැහැ. ඒක නිසා මුළු කතාවම අහගෙන ඉන්නත් වුණා. කොහොම වුණත් මම අද කතාකරන්න යන්නේ ප්‍රධානම ටැක්ස් ප්‍රපෝසල් මොනවද කියන එක සහ තවත් වැදගත්ම දෙයක්. ගිය පාර බජට් ප්‍රපෝසල්වල කියපු අදටත් ක්‍රියාත්මක වෙලා නැති ඒවා ගැනත් මම කතා කරනවා. මොකද එතකොට තමයි අපිට හරියටම මේ කතාව බලාගන්න පුළුවන්කම ලැබෙන්නේ.

ඉතින් පළවෙනියටම ජනාධිපතිවරයා කතා කරන්න පටන්ගත්ත මොහොතේ ඉඳලා මේ අයවැය ලේඛනය දිහා බලාගෙන ගියාම මට තේරිච්ච දෙයක් තමයි මේක ඩිජිටලයිස් වෙච්ච අයවැයක්. ඒ කියන්නේ සම්පූර්ණ කතාව හරහාම තියෙන්නේ ඩිජිටලයිසේෂන් එක ගැන. රජයේ ඩිජිටලයිස් කරනවා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැමීස් පද්ධතිය 3.5 වර්ෂන් එකට ගන්නවා. එතැනත් ඩිජිටලයිසේෂන්. ඊට පස්සේ පොස් සිස්ටම් එක හඳුන්වලා දෙනවා. මේ වගේ ඒවා. පොස් සිස්ටම් එක නම් ගිය අවුරුද්දෙ බජට් ප්‍රපෝසල්වලත් තිබුණා. ඒකත් මේ පාර කියනවා. මේක ෆේස් වන්, ෆේස් ටූ, ෆේස් ත්‍රී විදිහට ඩිවලොප් කරනවා. ඉතින් මේක තනිකරම ඩිජිටලයිසේෂන් වෙච්ච කොටසක් විදිහට තමයි මම දැක්කේ.

ඒ වගේම තමයි මේකෙදි මේ එස්වැට් සිස්ටම් එක ගැනත් කතා කරා. ඉතින් එස්වැට් අපි කොහොමත් දන්නවා ඔක්තෝබර් පළවෙනිදා ඉඳලා අහෝසි වෙනවා කියලා. ඒ ගැන නැවත වතාවක් කතා කරනවා. ඒ වගේම ස්ට්‍රැටජික් ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට් ඇක්ට් එක ගැන, පෝර්ට් සිටි එක ගැන කතාකරනවා. මේවා යාවත්කාලීන වෙනවා. ඉතින් ප්‍රධානතම අයවැය යෝජනා ටික එකින් එක අපි බලමු.

ඒ අතර පළවෙනි එක තමයි අපි දැක්කේ මේ ආනයනික පොල්තෙල් සහ පාම් ඔයිල්වලට එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද කියන එක පනවනවා කියන එක. වැට් සහ එස්එස්සීඑල් එක ඉම්පෝර්ටඩ් කොකනට්වලට සහ පාම් ඔයිල්වලට අය කරනවා. දැන් මේකේ කතාව ගත්තොත් එහෙම ඇත්තටම මේකට තිබුණේ කොමෝඩිටි ලෙවි එකක්. ඉතින් මේකට ස්පෙෂල් කොමෝඩිටි ලෙවි එකක් තමයි තිබුණේ. මේක ඇත්තටම තිබුණේ ආනයනික පොල්තෙල් සහ පාම් තෙල් පිළිවෙළින් කිලෝග්‍රෑම් එකට රුපියල් 150 සහ රුපියල් 275ක් විදිහට තමයි තිබුණේ. ඉතින් මේකෙදි ස්පෙෂල් කොමෝඩිටි ලෙවි එකක් තමයි අය වුණේ. හැබැයි මේකෙදි සමාන තරගකාරීත්වයක් හැදෙන්න නම් ආනයනික ඒවා සහ ලංකාවේ හදන ඒවා තියෙනවා. ඒක නිසා මේගොල්ලෝ කරපු වැඩේ තමයි මේ ස්පෙෂල් කොමෝඩිටි ලෙවි එක අයින් කරලා, මේකට වැට් සහ එස්එස්සීඑල් අය කරනවා. ඉතින් මේකේ පදනම තමයි අර ඉම්පෝර්ට් කරනකොට, නැත්නම් ආනයනය කරන එකකට එක ක්‍රමයක්, දේශීයව තියෙනකොට එක ක්‍රමයක් තියෙන නිසා මේකට සම බිමක් නිර්මාණය කිරීම, එහෙම නැත්නම් සමාන තරගකාරීත්වයක් ඇති කිරීම තමයි මේකේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. එතකොට පළවෙනි එක තමයි අපි ගත්තොත් ආනයනික පොල්තෙල් සහ පාම් ඔයිල් මතට වැට් සහ එස්එස්සීඑල් අය වෙනවා. ඉතින් අපි වැට් අනුපාතය දන්නවා 18%යි. එස්එස්සීඑල් එක 2.5%යි. මේක තමයි පළවෙනි යෝජනාව.

දෙවැනි එක තමයි ගොඩක්ම වැදගත් එක. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා මේ එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද, මේ දෙකේම ලියාපදිංචි වීමේ සීමාව තිබුණේ අවුරුද්දකට මිලියන 60යි, ක්වාටර් එකකට මිලියන 15යි. තවත් සරල කළොත් මාසෙකට මිලියන පහයි කියන එක. ඉතින් ඔබට තේරෙනවා ඇති මිලියන පහක් මාසෙකට සේල් එකක් තියෙනවා කියලා කියන්නේ, මේක 30න් බෙදුවොත් සාමාන්‍යයෙන් එක්ලක්ෂ හැටදාහක් වගේ එනවා. හැබැයි දැන් යෝජනා වෙලා තියෙන්නේ මේ ත්‍රෙෂෝල්ඩ් එක 2026 අප්‍රේල් පළමුවැනිදා ඉඳලා මේක මිලියන 36ක් කරන්න වර්ෂයකට. මිලියන 36ක් කරනවා කියලා කියන්නේ මාසෙකට කීයද? මාසෙකට මේක 12න් බෙදන්නකෝ. මිලියන තුනයි. අපි නිකන් මේක 30න් බෙදලා බලමුද? එහෙම බෙදුවොත් ඔබට පේනවා ඇති ලක්ෂයක් විතර. අර එක්ලක්ෂ හැට දාහක් වෙච්ච එක දැන් ලක්ෂයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ කෙනකුගේ පිරිවැටුම රුපියල් ලක්ෂයට වඩා වැඩිනම් දවසකට, ඔහුත් වැට්වලට ලියාපදිංචි වෙනවා. ඉතින් මේකෙදි අපි නොහිතන බලපෑමක් තියෙනවා. එකක් තමයි මේ රෙජිස්ටේ්‍රෂන් ත්‍රෙෂෝල්ඩ් එක අඩුවීම හරහා විශාල ප්‍රමාණයක් වැට් බදු සඳහා ලියාපදිංචි වීම සිද්ධ වෙනවා. ඉතින් මේකෙදි තර්කයක් ගේන්න පුළුවන් කෙනෙක්, කුඩා ව්‍යාපාරත් දැන් වැට් ගෙවන්න ඕනෙ, මේක හරි කරදරයක් කියලා. නෑ, මේකේ දෙපැත්තකට අපිට බලන්න පුළුවන්. එකක් තමයි මේකේ යම් යම් අවාසිසහගත අවස්ථාවන් තිබුණා. මොකද විශාල පරිමාණයේ ව්‍යාපාර වැට් ගෙවනකොට, ඒ කිසිම දෙයක් නොගෙවා යම්කිසි කෙනෙක් භාණ්ඩ විකුණන අවස්ථා තිබුණා මේ වැට් ත්‍රෙෂෝල්ඩ් එක අඩු නම්.

ත්‍රෙෂෝල්ඩ් එක අඩුකිරීම හරහා මොකක්ද වෙන්නේ? කුඩා පරිමාණ ව්‍යාපාර වුණත් වැට් එක ලියාපදිංචි විය යුතුයි. මේක හරහා අර හැමෝම වැට් ලයබල් එහෙම නැත්නම් වැට් ලියාපදිංචි වෙලා ඒකට බඩු විකුණන්න සිද්ධ වෙනවා. ඉතින් මේකේ අවාසිය මොකක්ද කියලා බැලුවොත් එහෙම, මේකේ අවාසිය තමයි භාණ්ඩවල මිල ගණන් වැඩි වෙනවා. ඒ කියන්නේ වැට් රෙජිස්ටර් නැති කෙනා ඉස්සර වැට් එක එකතු කරන්නේ නැතුවනේ විකුණුවේ. මෙතැනදි අපි තේරුම් ගන්න ඕනෙ දෙයක් තමයි මේ වැට් කියලා කියන්නේ හැම වෙලාවෙම පාරිභෝගිකයාගෙන් එකතු කරලා රජයට ගෙවන එකක්. ව්‍යාපාරිකයා ගෙවන එකක් නෙවෙයි. ඒක නිසා අවසානයේ බැලුවොත් භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි වෙනවා. හැබැයි රජයේ මේ අතරම යෝජනාවක් තියෙනවා, දැනට තියෙන ඍජු බදු හා වක්‍ර බදු අනුපාතයේ 25% – 75% තියෙන එක, ඍජු බදු 40%ක් කරන්නත්, වක්‍ර බදු 60%ක් කරන්නත්. මේ යෝජනාව කියන ගමන්ම, අනිත් පැත්තෙන් වැට් රෙජිස්ටර් කරන ත්‍රෙෂෝල්ඩ් එක අඩු කරනවා. තව තව වැට් රෙජිස්ටර් කරනවා. වැට් රෙජිස්ටර් කරනවා කියලා කියන්නේ තව තව වැඩියෙන් අය කරනවා. ඒ කියන්නේ මිනිස්සු ගෙවන වැට් එක තවත් වැඩි වෙනවා. එතකොට අර කියපු කාරණා දෙක දෙපැත්තට යනවා කියන එකත් තමයි මට නම් හිතුණේ. ඉතින් කොහොම වුණත් මේකේ ලොකු බලපෑමක් තියෙනවා කියන එක නම් අපිට පේනවා. මොකද වැට් ලියාපදිංචි වීමේ සීමාව, එස්එස්සීඑල් ලියාපදිංචි වීමේ සීමාව අඩුවීම හරහා විශාල ප්‍රමාණයක් ටැක්ස් නෙට් එකට එනවා කියන එක තමයි අපිට හොඳටම පේන්නේ.

ඉතින් ඒ වගේම තමයි තුන්වැනි යෝජනාව වෙලා තියෙන්නේ විශේෂයෙන්ම ආනයනික රෙදි මත සෙස් බද්ද ඉවත් කරලා ඒ මත එකතු කළ අගය මත බද්ද පැනවීම. ඉතින් මේ සෙස් බද්දක් ආනයනය කරපු දේශීය රෙදිවලට අපි දැක්කා කිලෝග්‍රෑම් එකකට රුපියල් 100ක සෙස් බද්දක් තිබුණා. හැබැයි දේශීයව හදන කෙනාට එතකොට මේක නැහැ. ඒක නිසා මේගොල්ලෝ කරපු වැඩේ තමයි මේ සෙස් බද්ද එතනින් ඉවත් කරලා, මෙතනත් අර සමාන තරගකාරී තත්ත්වයක් ඇති කරන්න තමයි මේ කරන්නේ. වැට් බද්දට මේක ලයබල් කරලා තියෙනවා. එහෙමනම් මෙතැනින් එහාට ආනයනික රෙදි මතට සෙස් එකක් එන්නේ නැහැ, කස්ටම් එකේදී ගෙවන්න වෙන්නේ නැහැ. හැබැයි මේක මත එකතු කළ අගය මත බද්දක් එකතු වෙනවා කියලා තමයි මේකෙදි කියන්නේ. ඉතින් මේ යෝජනාවත් 2026 අප්‍රේල් පළමුවැනිදා ඉඳලා ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ.

ඒ වගේම තමයි හතරවැනි යෝජනාව තිබුණේ, අපි දැක්කා සාමාන්‍යයෙන් ලංකාවට වාහනයක් ගෙනල්ලා ඒක විකුණුම් කරන අවස්ථාවේදී, ඒකට එස්එස්සීඑල් එක ගෙවිය යුතුව තිබුණා. ඉතින් එස්එස්සීඑල් එක ගෙවන නිසා ඒ කියන්නේ 2.5%ක ප්‍රතිශතයක් තිබුණා වුණාට මේක ඉම්පෝට් ඇන්ඩ් සෙලින් නිසා ගෙවිය යුතු ප්‍රතිශතය අඩු මට්ටමක තිබුණේ. 50%ක් වගේ තමයි ගෙව්වේ. කොහොම වුණත්, මේකෙදි යම් යම් ගැටලු තිබුණු නිසා, මොකද සමහර වෙලාවට කෙනෙක් තර්ක කරන්න තිබුණා, මේ පනතේ තියෙන යම් යම් අඩුපාඩු නිසා මේක ලයබල් නැද්ද කියන කාරණාව ගැන. ඉතින් ඒක නිසා මේ තියෙන ගැටලුව අවම කරගන්න ජනාධිපතිවරයා යෝජනා කරන එකක් තමයි, වාහන අලෙවියේදී අයකරන සමාජ ආරක්ෂණ බද්ද එතැනින් අයින් කරලා, මේක ඉම්පෝට් කරනකොට හරි, එහෙම නැත්නම් ලංකාවේ හදලා විකුණනකොට හරි මේ එස්එස්සීඑල් එක අයකරන්න ඕනෙ කියලා. ඉතින් මෙතැනදී ජනාධිපතිවරයා පැහැදිලි කරද්දී කියන එක තමයි, මේකෙදි මිල ගණන් වෙනසක් වෙන්න විදිහක් නැහැ, හේතුව ඔබ දැනුත් ඒක ගෙවනවා, හැබැයි මේ ගන්න තැන විතරයි වෙනස කියලා. හැබැයි එහෙම කිව්වට මට හිතෙනවා මේකේ වෙනසක් වෙනවා කියලා. මම උදාහරණයක් කියන්නම්. මේ එස්එස්සීඑල් පනතේම තිබුණේ, මේක එක්සයිස් ඩියුටි හා සම්බන්ධ වෙනවා නම් තමයි ගෙවන්න අවශ්‍ය නැත්තේ කියලා. අපි නිකන් හිතමු, අපි වාහනය ඉම්පෝට් කරන වෙලාවේදී දැන් එස්එස්සීඑල් එකක් නොගෙවා මම ගෙනාවා නම්, ඒ කියන්නේ මම එල්සී එකක් හරහා ගෙනාවා නම්, කොහොමත් මම 2.5%ක් ගෙව්වේ නැහැ. දැන් මෙතැනදි ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට කියන යෝජනාවෙදි කියන්නේ මේ 2.5% ඉම්පෝට් කරන වෙලාවේදී ගේනවා කියලා. ඉම්පෝට් කරන වෙලාවේදී මේක අයකරනවා කියලා කියන්නේ ඇත්තටම මිල ගණන් වැඩි විය යුතුයි.

විශේෂයෙන්ම ඔබ ව්‍යාපාරිකයෙක්ගෙන් භාණ්ඩය ගත්තත් 2.5%ක් අයවෙනවා. ඒ වගේම තමයි ඔබ ඉම්පෝට් කරත් මෙැනදි 2.5%ක එස්එස්සීඑල් එකක් අයවිය යුතුව තිබෙනවා. ඉතින් මේ විදිහට තමයි වාහන මත සමාජ ආරක්ෂණ බද්ද අයවෙලා තිබුණේ. මේක තවත් සරල කරොත් මේක කලින් වුණු ක්‍රමය තමයි විකුණන මොහොතේදී ඔබ සේල් එකකින් ගන්නවා නම් ඒ වෙලාවේ තමයි මේ එස්එස්සීඑල් එක අයකළේ. ඉතින් එතනදි 2.5%ට වඩා අඩු අනුපාතයක් තමයි අය කළේ. මොකද ඒකෙ 50%ක් බද්දෙන් නිදහසක් තිබුණ නිසා, ඉම්පෝට් ඇන්ඩ් සෙලින් නිසා. කොහොම වුණත් මේ කතාව සම්පූර්ණයෙන් අයින් වෙලා මේක ඉම්පෝට් සහ මැනුෆැක්චරින්වලදී වෙනකොට අර 2.5%ම අයවෙනවා කියන එක පේනවා ඇති. මේකෙදි ඔබ තනියෙන් මේ වාහනය ගෙනාවත්, ව්‍යාපාරිකයෙක් හරහා ගෙනාවත්, භාණ්ඩවල යම් මිල වැඩිවීමක් විය යුතුයි මේ 2.5% බලපෑමත් එක්ක.

ඊළඟ එක තමයි ජාතික තීරුබදු ප්‍රතිපත්තියක්. ඉතින් මේ ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් මට මීට කලින් අයවැය යෝජනාවකත් මේක මේ විදිහට තිබුණා. ඒකට හේතුව තමයි මේ තීරුබදු ප්‍රතිපත්තිය ලංකාවේ තියෙන ක්‍රමය ඉතාම සංකීර්ණයි. ඒක අපිට වුණත් තේරුම් ගන්න හරි අමාරුයි. ඉතින් මේක සරල කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේකට ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න යෝජනා කරනවා කියලා කියනවා. ඉතින් මේකෙදි අර ආනයන බදු ක්‍රමානුකූලව ඉවත් කිරීම, බදු අනුපාත වෙනස් කිරීම තුළින් ඉලක්ක කරනවා කියලා කියනවා. ඉතින් මේ යෝජනාව ගොඩක් කාලයක් ඉඳලා තියෙන එකක්. ආවොත් හොඳයි. ආවොත් එහෙම අපිට ඉතාම සරලව මේක තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා.

හයවැනි යෝජනාව ගොඩක් වැදගත් එකක්. මේකෙ කියනවා මේ බදු විගණන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම කියලා. බදු විගණන ක්‍රියාවලිය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපේ බදු ගොනුවක් සම්බන්ධව විගණනයක් කරනවා. ඒ කියන්නේ යම්කිසි තොරතුරක් අපෙන් අහනවා. උදාහරණයක් මම මේකට කියන්නම්. රැමීස් සිස්ටම් එකේ ගොඩක් වෙලාවට රිෆන්ඩ් එකක් එහෙම තියෙනවා නම්, අපෙන් මේ ගැන තොරතුරු අහනවා. මේගොල්ලෝ මේ රිෆන්ඩ් එක ගෙවන්න යනවට අපෙන් තොරතුරු අහනවා. මෑත කාලේ වුණත් මෙහෙම සිද්ධියක් මට වුණා. ඉතින් රිෆන්ඩ් එක ගන්න යනකොට අන්තිමේ රිෆන්ඩ් එක නෙවෙයි, මාත් ගානක් ගෙවන මට්ටමට තමයි වෙන්නේ තොරතුරු බැලුවට පස්සේ. ඉතින් මෙතැනදි අපි මේ කියන එකක් තමයි, නීත්‍යනුකූල නොවන බැඳීම් අඩු කරගැනීම, අභිමතය හා දූෂණය සඳහා ඇති අවස්ථා අවම කරන්න. මොකද දේශීය ආදායම් නිලධාරීත් එක්ක වැඩකරනකොට සමහර වෙලාවට අත යට ගනුදෙනු වෙනවා, අල්ලස් වෙනවා. මේ වගේ දේවල් අඩු කරන්න තමයි මේ නව ක්‍රමය යටතේ ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. ඒ යටතේ කියන එක තමයි විගණන නඩු තෝරාගැනීම, අවදානම් කළමනාකරණ ඒකකය විසින් කරනු ලබන විනිවිදභාවයකින් යුතු අවදානම් තක්සේරු කිරීමේ පදනම් වන අතර, අත්‍යාවශ්‍ය විටක දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් පත්කරනු ලබන කමිටුවක් විසින් ඒවා සමාලෝචනය කරනු ලැබේ කියලත් කියනවා.

ඉතින් මෙතැනදි අර විගණනය කරන ක්‍රමවේදය වෙනස් කරනවා කියන එක තමයි කියන්නේ. ඉතින් මෙතැනදි තිරසාරභාවය, විනිවිදභාවය, මෙන්න මේ වගේ කාරණාත් එක්ක තමයි මේ වගේ ක්‍රමයක් හඳුන්වලා දෙනවා කියලා කියන්නේ. ඉතින් විනිවිදභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඕඩිට් එකක් ආවහම අර පුද්ගලයොත් එක්ක සම්බන්ධ වීම අඩු වෙනවා. කමිටි එකක් මගින් තමයි වෙන්නේ. මේකට තමයි යෝජනා කරන්නේ. ඉතින් මේකට පරිපාලනයක්, විශේෂයෙන්ම විශ්වාසනීය ආදායම් පරිපාලනයක් ස්ථාපිත කිරීම තමයි රජයේ වගකීම කියලා මෙතැනදි දක්වලා තියෙන්නේ. ඉතින් මේකත් ඉතාම සාධනීය පියවරක් විදිහට තමයි බදු උපදේශකයෙක් විදිහට මම දකින්නේ. මොකද මෙතැනදි අපිට ඉතාම ලේසි වෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් එක්ක හරියට යම් කටයුත්තක් කරන්න, යම් අනීතික නිලධාරියෙක් ඉන්නවා නම් ඔහුට ඉදිරියේදී ඒ වගේ වැඩ කරන්න බැරි වෙනවා. මුදල් ගැනීමක් සිද්ධ වෙනවා නම් ඒ ගැනීම කරන්න බැරි වෙනවා. ඒ වගේම අල්ලස් ගැනීමත් වරදක්. ඒ සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් වෙනම නිර්ණායක දීලා තියෙනවා. ඉතින් මේක ඉතාමත්ම හොඳ ක්‍රමවේදයක් විදිහට තමයි අපි දකින්නේ.

ඒ වගේම තමයි මේ කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන විදිහට බදු රාමුව යාවත්කාලීන කිරීම කියලා, මේ විදුලි සංදේශන සේවා සැපයීම මත විදුලි සංදේශන බද්ද ගණනය කරනකොට අපි දන්න දෙයක් තමයි මේ බොල් ණය අය කරගැනීමක් එහෙම සිදු වුණොත් අන්න ඒ අවස්ථාවේදී ඒ බද්ද ගෙවිය යුතුයි. ඉතින් මේකට සංශෝධන ගණනාවක් ආවා. නමුත් මේක හරියටම කරලා, සංශෝධන වරින් වර සිදුකළ වෙනස් කිරීම් යාවත්කාලීන කරලා මේ පනත සංශෝධනය කරන්න යෝජනා කරනවා. ඒ වගේම තමයි මේ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ, ඒ කියන්නේ අපි මනි ලොන්ඩරින් කියලා කියන්නේ, ඒක වැළැක්වීම යටතේ මූල්‍ය බුද්ධි ඒකකය සහ අනෙකුත් බලයලත් ආයතන සමග බදු පරිපාලන නිලධාරීන් විසින් තොරතුරු හුවමාරු කරගැනීමට ඉඩ සැලසෙන නීතිමය ප්‍රතිපාදන බදු අණ පනත්වලට ඇතුළත් කරන්න යෝජනා කරනවා කියලා කියනවා. ඉතින් මේක ඉතාමත් වැදගත්. මූල්‍ය බුද්ධි ඒකකය, දේශීය ආදායම් නිලධාරීන්ගෙන් තොරතුරු ගන්න පුළුවන්. දේශීය ආදායම් නිලධාරීන්ටත් ඒ තොරතුරු ගන්න පුළුවන්. මේක හරහා බදු නෙට් එක, එහෙම නැත්නම් ටැක්ස් ගෙවන ප්‍රමාණය වැඩි කරගන්නත් මේක හරහා අවස්ථාවක් ලැබෙනවා.

චානක ලියනගේ

SendShareShare
Previous Post

රනිල්ගෙන් බාර් ලයිසන් ගත්තා! සුපර් මාකට් ලයිසන් ගත්තා! උතුරේ මන්ත්‍රී ශ්‍රීධරන්ට එරෙහිව අල්ලස් කොමිසම පරීක්ෂණ පටන් ගනී! පැමිණිලිකරුගෙන් සාක්ෂි අරන්! ශ්‍රීධරන් කැඳවන්න සියල්ල ලෑස්තියි! I Sri Lanka Latest News

Next Post

දවසක ආදායම ලක්ෂය පනින බිස්නස් එකක් කරන හැමෝම 18%ක වැට් එක ගෙවන්න ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.