• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැලිගම වෙඩිතැබීම ගැන ලේඛන වෙනස් කරපු හැටි මෙන්න පොලිස් නිලධාරියෙක් කියනවා! Sri Lanka Latest News

June 23, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
පොලිසියට හෙයාගන්නත් බැරිවුණා! CID එකට අල්ලගන්නත් බැරිවුණා! දවස් 19ක් හැංගිලා හිටපු දේශබන්දු එළියට එයි! මාතර උසාවියට ඇවිත්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ බණ්ඩාර නමැති පොලිස් පරීක්ෂකවරයාගේ බලපෑම මත ඔහුට තිබූ බිය හේතුවෙන් රාජකාරී ලේඛනයක් වෙනස් කළ බව කාන්තා පොලිස් නිලධාරිවරියක් පසුගිය 17 වැනිදා පිළිගත්තා. ඒ, වැලිගම W 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ තොරතුරු අනාවරණ කරමින්. Sri Lanka Latest News

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව 17 වැනිදා හයවැනි දිනට රැස් වූ අතර, කාන්තා පොලිස් නිලධාරී නාලිකා දිල්මා තිලකරත්න සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබුණා. මෙලෙස ඇය කමිටුව හමුවට කැඳවා තිබුණේ, බස්නාහිර පළාතෙන් පිටතට යන පොලිස් වාහන සම්බන්ධයෙන් වගකීමක් ඇයට පැවරී තිබීම හේතුවෙන්.

වැලිගම ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹින් පිටත්ව ගිය වෑන් රථයට අදාළ පොලිස් පෝරමය 439 සම්බන්ධයෙන් ඇය පරීක්ෂණ කමිටුව හමුවේ සාක්ෂි ලබාදුන්නා.

‘ස්වාමිනි, මෙම සිද්ධියේදී මරණයක් වුණා කියලා මම පසුව දැනගත්තා. මෙම වාහනයට ආදළ ලේඛන මට හමුවුණේ දවස් දෙකකට පස්සේ. ඒ කියන්නේ 2024.01.02 වැනිදා. ඒක හමුවුණාට පස්සේ මම ඒක, ඩොකියුමන්ට් අවුට්වර්ඩ් රෙජිස්ටරයේ සටහන් කළා. දිනය සඳහන් කළේ 2024.01.02. නමුත් බණ්ඩාර සර් මට කිව්වා දිනය වෙනස් කරන්න කියලා. ඔහු කිව්වා 2023.12.29 කියලා හදන්න කියලා. ඊට පස්සේ මම ඒක ටිපෙක්ස් කරලා වෙනස් කළා ස්වාමිනි. 2024.01.02 දිනයට අදාළ ලේඛනය සටහන් කිරීමෙන් පසු බණ්ඩාර සර් මට බැන්නා. බැනලා කිව්වා මේක වෙනස් කරන්න කියලා. ඒ නිසා තමයි මම වෙනස් කළේ.’
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බණ්ඩාර සර් කවුරුන් දැයි නාලිකා දිල්මාගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබා දුන් කාන්තා පොලිස් නිලධාරිනිය,
‘ස්වාමිනි, බණ්ඩාර සර් කියන්නේ පොලිස් පරීක්ෂක බණ්ඩාර. එයා තමයි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ලිපි සම්බන්ධයෙන් සියලු වැඩකටයුතු කළේ. දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පෞද්ගලික සහකාර ලෙස තමයි ඔහු කාර්යාලය තුළ කටයුතු කළේ…’ යනුවෙන් ප්‍රකාශ කළා. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇයගෙන් විමසා සිටියේ මෙවැනි වැරදි වැඩක් කළේ කුමක් නිසාද යන්නයි. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය පැවැසුවේ, ‘ස්වාමිනි මට බැනපු නිසා කළේ. බණ්ඩාර සර් අසභ්‍ය වචනවලින් මට බැන්නා. පරුෂ වචනවලින් බැන්නා. ඒ වචන මට මෙතැනවත් කියන්න බැහැ. මම ඔෆිස් එකේ ගොඩක් පීඩනයක් එක්ක වැඩ කළේ. එයා වැඩකරන කාලය පුරාම නරක වචනවලින් තමයි කතා කරන්නේ. ඒක කියන්න අපිට කෙනෙක් හිටියේ නැහැ…’

ඇය හඬමින් පරීක්ෂණ කමිටුව හමුවේ එලෙස ප්‍රකාශ කළා.
සාක්ෂිකාරිය හඬමින් පරීක්ෂණ කමිටුව හමුවේ ප්‍රකාශයක් දුන් බව, අදාළ කමිටුවේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මෙහිදී සටහන් කරගත්තා.
වැඩිදුරටත් කරුණු දැක්වූ සාක්ෂිකාරිය,
‘බණ්ඩාර මහත්තයා අංකයක් දාගෙන එන්න කියලා මට කිව්වා. එයා මට අස්සනක් දාලා ඒක කියද්දී නෙවිල් ද සිල්වා මහත්තයාත් එතැන හිටියා මම දැක්කා. ස්වාමිනි මම ඉන්නේ ක්වාර්ටස් එකේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. බණ්ඩාර සර් බැන්නට පස්සේ මම ඒ වැඩේ කළේ ස්වාමිනි මට ට්‍රාන්සර් එකක් දුන්නොත් මට මගේ ක්වාර්ටස් එක නැති වෙනවා. මගේ රස්සාව නැති වෙයි කියන බයට තමයි මම මේක කළේ….’

ඇය හඬමින් මෙම ප්‍රකාශය කළ අතර, ‘මෙතැන කාටවත් බය වෙන්න අවශ්‍යතාවක් නැහැ. බය නැතුව ඔයා සාක්ෂි දෙන්න’ යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කළා.

අනතුරුව දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනීසිටි එස්. වීරවික්‍රම හරස් ප්‍රශ්න යොමු කරමින් විමසා සිටියේ ‘බණ්ඩාර කියන කෙනා දේශබන්දු තෙන්නකෝන්ගේ පුද්ගලික සහකාර නෙවෙයි කියලා මම යෝජනා කරනවා’ යනුවෙන්.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය පැවැසුවේ, ‘ඒක කියන්න බැහැ ස්වාමිනි, එයා තමයි ලියුම් වැඩ එහෙම ඔක්කොම කළේ. එයා පුද්ගලික සහකාර විදිහට තමයි හිටියේ….’

‘බණ්ඩාර වැඩ කළේ පුද්ගලික සහකාර වගේද?’ යනුවෙන් එහිදී පරීක්ෂණ කමිටුවේ විනිසුරුවරයෙක් විමසා සිටියා.
ඊට පිළිතුරු දුන් සාක්ෂිකාරිය ‘ඔව් ස්වාමිනි’ යනුවෙන් ප්‍රකාශ කළා.

‘ස්වාමිනි තනතුරු දෙන්නේ නැතුව ඔක්කොම වැඩ ටික කරගෙන තිබෙනවා, ඒකයි ඔතැනින් පෙනී යන්නේ’ යනුවෙන් එහිදී දිලීප පීරිස් පැවැසුවා.
‘මෙහෙම ලේඛනයක වෙනත් දිනයක් දාන්න කියලා ඔබට කිව්වාද?’ යනුවෙන් එහිදී දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරයා යළිත් විමසා සිටියා.
‘නෑ ස්වාමිනි මම දේශබන්දු තෙන්නකෝන් සර්ව දැක්කෙත් නැහැ.’ යනුවෙන් සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා. අනතුරුව දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අසා සිටියේ ‘දේශබන්දු තෙන්නකෝන් නෙවිල් ද සිල්වා අදාළ ස්ථානයේදී හමුවෙනවා ඔබ දැක්කාද?’ යන්නයි.
ඊට සාක්ෂිකාරිය ‘නැත’ යනුවෙන් පිළිතුරු දුන්නා.

අනතුරුව දිලීප පීරිස් ඇයට යළිත් ප්‍රශ්නයක් යොමු කරමින්, බණ්ඩාර ‘කාගේ වැඩද කළේ?’ යනුවෙන් විමසා සිටියා.
‘දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ තමයි කළේ’ යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරු දුන්නා.

එදිනට අදාළ සාක්ෂි විමසීම එයින් අවසන් වුණා.

hirunews.lk වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

කළුතර රහස් ඡන්දෙත් ජංජාලයක් වෙයි! බස්නාහිර පළාත් රහස් කොමසාරිස්තුමියගේ ඡන්ද ක්‍රමය නීති විරෝධීයි! සදාචාර විරෝධියි! ක්‍රම විරෝධියි! එතුමිය දූෂිතයි! නිසැක ලෙසම ඇයට එරෙහිව නඩු පවරනවා! ඒකෙන් මන්ත්‍රීවරු 4 දෙනෙක් මුදලට විකිණුනා! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇයි මේ යුද හමුදාව විශේෂ ප්‍රකාශයක් කරන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.