• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප් පරදන රැල්ල පටන් ගත්ත නිව්යෝක් අලුත් නගරාධිපතිවරයා මෙන්න! VIDEO I Sri Lanka Latest News

November 5, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
ට්‍රම්ප් ඉවරයි! ජනාධිපති වෙලා තිබ්බ පළමු ඡන්දෙන්ම අන්ත පරාදයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිව් යෝර්ක් නගරයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා සහ සියවසකට අධික කාලයක් තුළ තේරී පත් වූ ළාබාලතම නගරාධිපතිවරයා බවට පත් වෙමින් සොහ්රාන් මම්දානි ඉතිහාසයට එක් වී තිබේ.Sri Lanka Latest News

මෙම වසරේ නගරාධිපති ධූරය සඳහා වූ සටන වෙනදාට වඩා වැඩි අවධානයක් දිනාගෙන තිබේ. 34 හැවිරිදි ප්‍රාන්ත මන්ත්‍රීවරයා වසර ආරම්භ කළේ බොහෝ දුරට අප්‍රසිද්ධ අපේක්ෂකයෙකු ලෙස වුව ද, ඔහු මත විමසීම්වල ඉහළට ම පැමිණීමට සමත් විය. ඔහුගේ මැතිවරණය ප්‍රගතිශීලීන්ට හැරවුම් ලක්ෂයක් වන අතර එය නගරයේ දේශපාලන බල තුලනයේ වෙනසක් ද පෙන්නුම් කරයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේ, ඔහුගේ දිගුකාලීන විවේචකයෙකු වන ඩිමොක්‍රටික් ප්‍රාථමිකයේ පරාජයෙන් පසු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හිටපු ආණ්ඩුකාර ඇන්ඩෲ කුඕමෝට සහය දක්වමින්, මම්දානි තෝරා පත් කර නොගන්නා ලෙස ය.

“ඔබ පෞද්ගලිකව ඇන්ඩෲ කුඕමෝට කැමති වුවත් නැතත්, ඔබට ඇත්තට ම වෙනත් විකල්පයක් නැහැ. ඔබ ඔහුට ඡන්දය දිය යුතු යි. ඔහු අපූරු කාර්යයක් කරාවි කියලා බලාපොරොත්තු වෙනවා.”

කලක් ප්‍රාන්ත දේශපාලනයේ ප්‍රමුඛ චරිතයක් වූ කුඕමෝ, මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීය: “ඔහු මට සහය දක්වන්නේ නැහැ, ඔහු කරන්නේ මම්දානිට විරෝධය පළ කරන එක.”

“කර්ටිස් ස්ලිවාට දෙන ඡන්දයක්… මම්දානිට දෙන ඡන්දයක්” යැයි පවසමින් ට්‍රම්ප්, සටනේ තුන්වන ස්ථානයේ පසුවූ රිපබ්ලිකන් අපේක්ෂක කර්ටිස් ස්ලීවාට සහය දැක්වීම ද ප්‍රතික්ෂේප කළේ ය.

උගන්ඩාවේ සිට ක්වීන්ස් දක්වා

උගන්ඩාවේ කම්පාලාහි උපත ලැබූ මම්දානි, වයස අවුරුදු හතේදී ඔහුගේ පවුලේ අය සමග නිව් යෝර්ක් වෙත සංක්‍රමණය විය. ඔහු බ්‍රොන්ක්ස් උසස් විද්‍යා පාසලට ඇතුළත් වූ අතර පසුව බෝඩන් විද්‍යාලයෙන් අප්‍රිකානු ඩයස්පෝරා අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබා ගත්තේ ය. එහිදී ඔහු පලස්තීනයේ යුක්තිය සඳහා වූ ශිෂ්‍යයන්ගේ විශ්වවිද්‍යාල ශාඛාවේ සම-ආරම්භකයා බවට පත් විය.

නගරයේ පළමු මුස්ලිම් සහ දකුණු ආසියානු නගරාධිපතිවරයා වන මෙම සහස්‍රක ප්‍රගතිශීලී පුද්ගලයා, විවිධත්වයෙන් යුත් නගරයක තම මූලයන් නොසඟවා වැළඳ ගත්තේ ය.ඔහු එක් ප්‍රචාරක වීඩියෝවක් සම්පූර්ණයෙන්ම උර්දු භාෂාවෙන් පළ කර ඇති අතර එය බොලිවුඩ් චිත්‍රපට වල දර්ශන සමඟ මුසු කොට තිබේ. තවත් එකක ඔහු ස්පාඤ්ඤ භාෂාව කතා කරයි.

මම්දානි සහ ඔහුගේ බිරිඳ, බෘක්ලින්හි පදිංචි 27 හැවිරිදි සිරියානු කලාකාරිනියක වන රාමා දුවාජි එකිනෙකා හඳුනා ගත්තේ dating app එකක් වන වන Hinge හරහා ය.

ඔහුගේ මව වන මීරා නායර්, කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂවරියක වන අතර ඔහුගේ පියා මහාචාර්ය මහමූද් මම්දානි කොලොම්බියාවේ ඉගැන්වීම් කටයුතුවල නිරත වෙයි. ඔහුගේ දෙමව්පියන් දෙදෙනා ම හාවඩ් උපාධිධාරීහු වෙති.

ප්‍රාථමික මැතිවරණය සඳහා පැවති සාදයක් අතරතුර, සොහ්රාන් මම්දානි ඔහුගේ දෙමව්පියන් වන මහමුද් මම්දානි සහ මීරා නායර් සහ බිරිඳ රාමා දුවාජි අසල සිටියි.

මම්දානි තමා ජනතාවගේ අපේක්ෂකයෙකු සහ සංවිධායකයෙකු ලෙස පෙනී සිටියේය.

“චිත්‍රපට, රැප් සංගීතය සහ සාහිත්‍ය වැනි ක්ෂේත්‍ර තුළ ජීවිතයේ නොවැළැක්විය හැකි හැරවුම් සිදු වුවත් ලෝකයේ සිදුවන දේ පිළිබඳව බලාපොරොත්තු සුන්වීමකින් තොරව ක්‍රියාකිරීමට ඔහුට හැකි වුයේ ඔහු තුළ වූ සුවිසල් සංවිධාන ශක්තිය නිසයි” යනුවෙන් ප්‍රාන්ත රජයේ වෙබ් අඩවියේ ඔහුගේ නිල හැඳින්වීමෙහි දැක්වෙයි.

දේශපාලනයට පිවිසීමට පෙර, ඔහු නිවාස උපදේශකයෙකු ලෙස සේවය කළ අතර, ක්වීන්ස්හි අඩු ආදායම්ලාභී නිවාස හිමියන්ට නෙරපා හැරීම්වලට එරෙහිව සටන් කිරීමට උපකාර කළේ ය.

ඔහු ආගම වන ඉස්ලාම් ධර්මය ද තම මැතිවරණ ව්‍යාපාරයේ දෘශ්‍යමාන කොටසක් බවට පත් කර ගත්තේ ය. ඔහු නිතිපතා මුස්ලිම් පල්ලි වෙත ගිය අතර නගරයේ ජීවන වියදම් අර්බුදය පිළිබඳව උර්දු භාෂාවෙන් ප්‍රචාරක වීඩියෝවක් පවා නිකුත් කළේ ය.

“මුස්ලිම් ජාතිකයෙකු ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටීම කියන්නේ එලෙස නොපෙන්විමෙන් ලැබෙන ආරක්ෂාව අනතුරේ හෙළීමක් කියලා අපි දන්නවා,” ඔහු මෙම වසන්තයේ සෘතුවේ පැවති රැලියකදී පැවසීය.

“සොහ්රාන් හැරුණු විට, මම ඇත්තට ම සැලකිලිමත් වන ගැටලුවල සමස්තය නියෝජනය කරන දැනට නගරාධිපති ධූරයට තරග කරන කිසි කෙනෙක් නැහැ,” සමාජ සාධාරණය සඳහා වන සංවිධානයක් වන DRUMහි දේශපාලන අධ්‍යක්ෂ ජග්ප්‍රීත් සිං බීබීසීයට පැවසීය.

මම්දානිගේ ජීවන වියදම සඳහා වූ සටන

Zohran Mamdani gestures as he speaks during a watch party for his primary election, in New York

එක්සත් ජනපදයේ ජීවන වියදම ඉහළ ම නගරයේ ඡන්ද දායකයින්, ඩිමොක්‍රටික් දේශපාලනඥයින් භාණ්ඩ හා සේවාවල මිල කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බව මම්දානි පැවසීය.

“මේ නගරයේ සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා, හැම රාත්‍රියක ම ළමුන් 500,000ක් කුසගින්නේ නිදාගන්නවා,” ඔහු මෑතකදී පැවති වැඩසටහනකදී බීබීසීයට පැවසීය. “අන්තිමට, එය සුවිශේෂී කරන හේතුව ම තරජනයට ලක් කරන නගරයක් වෙලා”

ඔහු මෙම යෝජනා ඉදිරිපත් කළේ ය.

  • නගරය පුරා නොමිලේ බස් සේවාවක්
  • නොසැලකිලිමත් ඉඩම් අයිතිකරුවන් සඳහා කුලී ඉහළ දැමීම තහනම් කිරීම සහ දැඩි වගවීම
  • දැරිය හැකි මිල කෙරෙහි අවධානය යොමු කරන නගරය සතු සිල්ලර වෙළෙඳසල් දාමයක්
  • සති හයේ සිට අවුරුදු පහ දක්වා ළමුන් සඳහා විශ්වීය ළමාරක්ෂණ සේවාවක්
  • කුලී-ස්ථාවර, වෘත්තීය සමිති විසින් ඉදිකරනු ලබන නිවාස ඉදි කිරීම් තුන් ගුණයකින් වැඩි කිරීම

දේපළ හිමියන් වගකිව යුතු බවට පත් කිරීම සඳහා නගරාධිපති කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීම සහ ස්ථිරවම දැරිය හැකි නිවාස විශාල වශයෙන් පුළුල් කිරීම ද ඇතුළත් වේ.

ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේදී, ඔහු මෙම ප්‍රතිපත්ති අතිශයින් දෘශ්‍ය හා ආකර්ෂණීය අභිනයන් සමග කැටි කළේ ය. කුලී ඉහළ නැංවීම නතර කිරීම නාටකීය ලෙස පෙන්වීමට ඔහු අත්ලාන්තික් සාගරයේ කිමිදුණු අතර ආහාර අනාරක්ෂිත බව ඉස්මතු කිරීම සඳහා බුරීටෝවක් රැගෙන උමං දුම්රියකදී රාමසාන් උපවාසයක් අවසන් කළේය. ප්‍රාථමික මැතිවරණයට දින කිහිපයකට පෙර, ඔහු ඡන්ද දායකයින් සමග සෙල්ෆි ගැනීමට විරාමයක් තබමින් මෑන්හැටන් නගරය පුරා ඇවිද ගියේ ය.

නගරය භාණ්ඩ හා සේවා වඩාත් දැරිය හැකි මිලකට ලබා දිය හැකි බව ඔහු අවධාරණය කළ ද, විචාරකයෝ එවැනි අභිලාෂකාමී පොරොන්දු ප්‍රශ්න කරති.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත නගරයේ ප්‍රාථමික මැතිවරණයේදී කිසිවෙකුට සහය නොදැක්වූ අතර සියලු අපේක්ෂකයින් විවේචනය කළේ ය. එහි කර්තෘ මණ්ඩලය පැවසුවේ මම්දානිගේ න්‍යාය පත්‍රය “නගරයේ අභියෝගවලට අද්විතීය ලෙස නොගැලපෙන” බවත් “බොහෝ විට පාලනයේදී නොවැළැක්විය හැකි ලෙස සිදුවන ප්‍රමුඛතා ලබා දීම් සහ කැප කිරීම් ගැන නොසලකා හරින” බවත්ය.

ඔහුගේ නිවාස කුලී සම්බන්ධ ප්‍රතිපත්තිය නිවාස සැපයුම සීමා කරනු ඇතැයි කර්තෘ මණ්ඩලය පැවසූහ.

විවේචකයෝ අත්දැකීම් ප්‍රශ්න කරති

කුඕමෝ සහ අනෙකුත් අය මම්දානි පරීක්ෂාවට ලක් නොවූ සහ ඇ. ඩොලර් බිලියන 115ක අයවැයක් සහ 300,000කට අධික නාගරික සේවකයින් සිටින නගරයකට පමණට වඩා රැඩිකල් ලෙස සලකති.

බිල් ක්ලින්ටන් ඇතුළු ප්‍රධාන පෙළේ පරිත්‍යාගශීලීන්ගේ සහ මධ්‍යස්ථ මතධාරී දේශපාලන අදහස් ඇති පුද්ගලයින්ගේ සහය ඇති, කිඕමෝ, අත්දැකීම් වැදගත් බව අවධාරණය කරමින් මෙසේ පැවසීය: “අත්දැකීම්, නිපුණතාව, රැකියාව කරන්නේ කෙසේදැයි දැන ගැනීම, ට්‍රම්ප් සමග කටයුතු කරන්නේ කෙසේදැයි දැන ගැනීම, වොෂින්ටනය සමග කටයුතු කරන්නේ කෙසේදැයි දැන ගැනීම, ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය සමග කටයුතු කරන්නේ කෙසේදැයි දැන ගැනීම, මේවා මූලික කරුණු. මම රැකියාවේදී ලැබෙන පුහුණුව ගැන විශ්වාස කරනවා. හැබැයි නිව් යෝර්ක් නගරාධිපති විධියට එහෙම කරන්න බැහැ.”

නමුත් දේශපාලන උපායමාර්ගික විශේෂඥයෙකු වන ට්‍රිප් යැං පැවසුවේ “අත්දැකීම්” මෙම දේශපාලන යුගයේ ක්‍රීඩාව වෙනස් කරන්නෙකු නොවන බව ය. මම්දානිගේ මැතිවරණ ව්‍යාපාරය “සිතාගත නොහැකි දෙයක්” සිදු කර ඇතැයි යැං විශ්වාස කරයි.

“සොහ්රාන් නගරය බලගන්වන්නේ දස දහස් සංඛ්‍යාත ස්වේච්ඡා සේවකයන්ගෙන්, ලක්ෂ සංඛ්‍යාත අද්විතීය පරිත්‍යාගශීලීන්ගෙන්. මෙතරම් ස්වේච්ඡා සේවකයින් සහ බිම් මට්ටමේ උද්යෝගයකින් යුත් ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රාථමික නිව් යෝර්ක් මැතිරවරණ ව්‍යාපාරයක් දකින්නේ ඉතා කලාතුරකින්,” ඔහු පැවසීය.

“ඔහුට අපිව තේරෙනවා. ඔහු අපේ කෙනෙක්. ඔහු අපේ ප්‍රජාවට අයිති කෙනෙක්, සංක්‍රමණික ප්‍රජාවේ කෙනෙක්,” ආධාරකරුවෙකු වන ලොක්මානි රායි පැවසීය.

Nine candidates stand at podiums on a stage, each behind a glass podium.
ඡායාරූප ශීර්ෂ වැකිය,ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය සඳහා අපේක්ෂකයින් නව දෙනෙක් ඉදිරිපත් වී සිටියහ – මේ ඔවුන් ජූනි 4 වන දින නිව් යෝර්ක් නගරයේ නගරාධිපති විවාදයකට සහභාගී වී සිටි අයුරු

ඊශ්‍රායලය සහ පලස්තීනය

රටේ විවිධ ජන වර්ගවලට අයත් ජනයා වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශවලින් එකක් වන ජැක්සන් හයිට්ස්හි උද්‍යානයක මෑතකදී පැවති මම්දානි මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර, ලතින් ඇමෙරිකානු ආහාර වෙළෙන්ඳන් අයිස්ක්‍රීම් සහ කෙටි ආහාර අලෙවි කරන අයුරුත් දරුවන් කෙළිදෙළින් පසුවන අයුරුත් දක්නට ලැබිණි.

බොහෝ ආකාරවලින්, මෙම දර්ශනය නගරයේ විවිධත්වය මනාව ග්‍රහණය කර ගත්තේ ය. බොහෝ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් නිව් යෝර්ක්හි විශාලතම වත්කම ලෙස සලකන්නේ එයයි. නමුත් නගරය තුළ වාර්ගික හා දේශපාලනික ආතතීන් නැතුවා නොවේ. මම්දානි පැවසුවේ තමාට දිනපතා ඉස්ලාම් විරෝධී පාර්ශව වෙතින් තර්ජන එල්ල වන බවත්, ඇතැම් ඒවා ඔහුගේ පවුල ඉලක්ක කරන බවත්ය. පොලිසියට අනුව, මෙම තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙමින් පවතී.

එක්සත් ජනපද දේශපාලනයේ බිඳවැටීම ජාතිවාදයෙන් පෙන්නුම් කරන බව ඔහු බීබීසීයට පැවසූ අතර, “ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත තේරී පත්වීමට ඉඩ දුන්” සහ “ඔවුන් කවුරුන් ද යන්න හෝ ඔවුන් කොහේ සිට පැමිණිය ද යන්න පසෙක තබා වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට අපොහොසත් වීම ගැන ඩිමොක්‍රටික් පක්ෂය විවේචනය කළේ ය.

ඊශ්‍රායල-ගාසා යුද්ධය පිළිබඳ අපේක්ෂකයින්ගේ ස්ථාවරයන් ද ඡන්ද දායකයින්ගේ මනසෙහි ද තිබෙන්නට ඇත.

මම්දානි පලස්තීනුවන්ට දැක්වූ දැඩි සහයෝගය සහ ඊශ්‍රායලය විවේචනය කිරීම නිසා ඔහු බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී සංස්ථාපිතයන් සමග ගැටිණි. ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කරන ඊශ්‍රායල ජනාවාස සමග සබඳතා පවත්වන නිව් යෝර්ක් පුණ්‍යායතන බදුවලින් නිදහස්ව සිටීමේ තත්ත්වය අවසන් කිරීම සඳහා මන්ත්‍රීවරයා පනත් කෙටුම්පතක් පවා ඉදිරිපත් කළේ ය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගත යුතු යැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

යුදෙව් රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලයට ඇති අයිතියට ඔහු සහය දක්වන්නේ ද යන්න පවසන ලෙස සම්මුඛ සාකච්ඡාවලදී මාධ්‍ය විසින් ඔහුට බොහෝ වාරයක් බලපෑම් කරන ලද අතර වරක් ඔහු මෙසේ පැවසීය: “ආගම හෝ වෙනත් ඕනෑ ම දෙයක් මත පදනම්ව පුරවැසිභාවය පිළිබඳ ධූරාවලියක් ඇති ඕනෑ ම රාජ්‍යයකට සහය දැක්වීමට මගේ කැමැත්තක් නැහැ. මේ රටේ අප සතුව ඇති ආකාරයට ම, ලෝකයේ සෑම රටක ම සමානාත්මතාව තහවුරු කළ යුතු යැයි මම සිතනවා. ඒක තමයි මගේ විශ්වාසය.”

නිව් යෝක් නගරයේ යුදෙව් විරෝධයට ඉඩක් නොමැති බව ද මම්දානි පවසා ඇති අතර, තමා තේරී පත් වුවහොත්, වෛරී අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා අරමුදල් වැඩි කරන බව ද පැවසීය.

ඊට වෙනස්ව, කුඕමෝ තමා “ඊශ්‍රායලයේ අධි ආධාරකරුවෙකු සහ ඒ ගැන ආඩම්බර වන” අයෙකු ලෙස විස්තර කර ඇත.

බොහෝ ආකාරවලින් නිව් යෝර්ක් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් මුහුණ දෙන ගැටලු අනාගත මැතිවරණවලදී එම පක්ෂය මුහුණ දෙන ගැටලුවලට සමාන වනු ඇති අතර, මැතිවරණයෙන් පසු, රට පුරා සිටින ජනතාව, මෙම මැතිවරණය ඩිමොක්‍රටික් පක්ෂයේ දිශානතිය පිළිබඳව හෙළි කරන දේ සහ අනාගත මැතිවරණවලදී ට්‍රම්ප්ට එරෙහිව පක්ෂය සටන් කළ යුතු ආකාරය තේරුම් ගැනීමට එය විශ්ලේෂණය කරනු ඇත.

BBC සිංහල

SendShareShare
Previous Post

කිරිබත්ගොඩ ඉඳන් ගිය ට්‍රිප් එක ඛේදවාචකයකින් අවසන් වෙයි! එකම පවුලේ 5 දෙනෙක් දැදුරු ඔයට බිලි! I Sri Lanka Latest News

Next Post

ඉන්දු ලංකා සබඳතා ඊළඟ තලයට රැගෙන ගිය පලදායී සාකච්ඡාවක්! ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර්ගේ හමුවෙන් පසු විපක්ෂනායක සජිත් තියපු X පණිවුඩය! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.