• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රීලනිපය සර්ව පාක්ෂික සමුලුවට දැමූ රට හදන සැලැස්ම මෙන්න!

March 25, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
මෛත්‍රී විමල්ලාට පොල්ල තියයිද? ආණ්ඩුවෙන් යන්න වෙලාව මේක නෙමෙයි කියයි! වෙලාව එනතුරු ඉවසන් ඉන්න කියයි!
Share on WhatsAppShare on Facebook

යෝජිත සර්ව පාක්ෂික සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන යෝජනා මේවනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

එය පහත පරිදිය.

ප්‍රවේශය

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් පවතින රටක, සර්ව පාක්ෂික සමුළු කැදවන්නේ ජාතික ආපදාවක්, ආර්ථික අර්බුධයක් වැනි අසීරු අවස්ථාවකදී පුළුල් පෙරමුණක් ලෙසින් ඒකී අර්බුධකාරී තත්ත්වය සමනය කිරීම සදහා අදහස් හා යෝජනා ලබාගැනීම සදහාය. ඒහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන දේශපාලන පක්ෂ, කණ්ඩායම් මෙන්ම උද්ගත තත්ත්වය සම්බන්ධයෙන් උනන්දු ජනක සියලු පාර්ශව එක්ව සාකච්ඡා කිරීම සාමාන්‍ය සම්මතය යි.

වර්තමානෙය් ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති තත්ත්වය බරපතල ආර්ථික සමාජ හා දේශපාලනික අර්බුධයක් වුවත්, එය අර්බුධයක් ලෙසින් ප්‍රකාශයට පත් නොකිරීම කිසිසේත්ම ප්‍රඥා ගෝචර නොවේ. මෙම තත්ත්වය තුළ යෝජිත සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලබන්නේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සමනය සදහා ය.

එසේම මෙම සමුළුව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ලබා දෙන පහත සදහන් යෝජනා බහුතරයක් කෙටිකාලීන යෝජනා වන අතර, ඒම යෝජනාවන්හි ප්‍රගතිය මත ඉදිරි මධ්‍ය හා දිගු කාලීන යෝජනා අප පක්ෂය විසින් ඉදිරිපත් කෙරෙනු ඇත. සර්ව පාක්ෂික සමුළුවෙහි අපේක්ෂිත කාර්ය සාධනය ප්‍රාමාණික හා සාධනීය වනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.

යෝජනා

ආර්ථීක කඩාවැටීම ඇතුළු සමකාලීන අර්බුදය පිළිබඳව රජය නොපමාව ජනතාවට සත්‍ය තොරතුරු සම්පාදනය කළ යුතු අතර මෙම අර්බුධකාරී තත්ත්වයෙන් අත්මිදීමේ ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත් පිළිබඳවත් ඒවාට ජනතා සහය කෙසේ හිමිවිය යුතුද යන්න පිළිබඳවත් පුලුල් කතිකාවක් ආරම්භ කළ යුතුයි.

හිටපු මහ බැංකු ප්‍රධානීන්, ආර්ථික උපදේශකයන්, මුදල් මණ්ඩල, මුදල් අමාත්‍යාංශ වගකිවයුත්තන් ආර්ථික අර්බුදයක් පිළිබඳ නිවැරදි තොරතුරු කල්තියා අනාවරණය නොකිරීම බරපතල තත්ත්වයකි. එනිසා විෂයානුබද්ධ ප්‍රවීණයන් සමගින් ඉදිරි මාස 06ක් වසරක් හා වසර 02 වත් දක්වා ජාතික ආර්ථිකය, මුළ්‍ය කළමනාකරණය ආදී ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් වලංගු පුරෝකතනයන් සිදුකර ඊට අනුකූළව සැලසුම් කිරීම කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස යි.

නිෂ්පාදනයේ කිසිදු ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක ප්‍රසාරණයක් වර්තමානයේ දැකිය නොහැකි බැවින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම වහා සීමා කළ යුතු යැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.

විද්වතුන්, විෂයානුබද්ධ ප්‍රවීණයන්, පර්යේෂකයන්, වෘත්තිකයන් ආදීන් සමග ඇති කරගන්නා පුළුල් හා ඉක්මන් සංවාදයක් පදනම් කරගනිමින් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කිරීමේ හා රාජ්‍ය ආදායම වැඩිකරගැනීමේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ක්‍රමෝපාය හඳුනා ගත යුතු අතර එම ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීමට වැඩි ප්‍රමුඛතාවක් ලබාදිය යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි.
ආර්ථික අර්බුදයේ කේන්ද්‍රීය කරුණක් වන්නේ විදේශීය ණය ආපසු ගෙවීමේ නොහැකියාව යි. ඩොලර් බිලියන 06කට ආසන්න ණය වාරික ගෙවීමේ අභියෝගය කළමනාකරණය කරනු පිණිස විශේෂ උපෙද්ශක කමිටුවක් මගින් සියලු ණය ලබාගත් ජාත්‍යන්තර මුළ්‍ය සංගත හෝ රාජ්‍යයන් ඇතුළු සියලු පාර්ශව ආමන්ත්‍රණය කර ණය වාරික ගෙවීම ප්‍රතිව්‍යුගත කරගැනීමේ ක්‍රියාපිළිවෙතක් ඇරඹිය යුතුය. ඒ සදහා සුදුසු විශ්වාශවන්ත ජාත්‍යන්තර සහායක රාජ්‍යයක හෝ ආයතනයක මැදිහතවීම නොපමාව ලබාගත යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.


එවැනි මැදිහත්වීමකදී පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමෝපායික යෝජනාවට එකඟවිය යුත්තේ ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රමවේදය දේශීය වශයෙන් සම්පාදනය කිරීමේ කොන්දේසිය මත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි.


ජාත්‍යන්තර සහය ලබාගැනීමේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා පාරදෘෂ්‍යභාවය පිළිබද එම ආයතන සෑහීමකට පත් නොවන්නේ නම්, ඒ සදහා උපයුක්ත ව්‍යවස්ථා සංශෝධන හෝ අනපනත් නොපමාව සම්මත කිරීමට හෝ/හා අවලංගු කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය යි.

ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් විය යුත්තේ රාජ්‍ය වියදම් සීමා කිරීමය. ඒ සදහා වත්මන් කැබිනට් අමාත්‍යංශ විෂය පථයන් මනා අධ්‍යයනයකින් පසුව සුදුසු පරිදි ඒකාබද්ධ කොට කැබිනට් මණ්ඩලය සැලකිවයුතු ලෙසින් අඩු කළ යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.

වී සහ වෙනත් ආහාර භෝග හා අපනයන භෝග සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කෙරුණු පොහොර ප්‍රතිපත්තිය වහා සමාලෝචනය කළ යුතු අතර යල කන්නය සඳහා අවශ්‍ය රසායනික/කාබනික පොහොර කඩිනමින් ලබාදීම අත්‍යවශ්‍ය වේ.


පසුගිය 2021 වසර අගදී ඉදිරිපත් කළ 2022 අයවැය යෝජනා වහා ප්‍රතිශංශෝධනය කර නව පරිපූරක ඇස්තෙම්න්තුවක් ඉදිරි මුදල් වර්ෂය සදහා ඉදිරිපත් කළ යුතු බවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි. එහිදී ඒම අයවැය යෝජනා අතර ඇති බොහෝ වැය ශීර්ෂ අර්බුදයට සංවේදී දෘෂ්ටි කෝණයකින් හදාරා අනවශ්‍ය වැය ශීර්ෂ කපාහැර තියුණු ලෙස රාජ්‍ය වියදම් ප්‍රමුඛතාකරණය කර 2022 මැයි මස අවසන් වීමට ප්‍රථම නැවත සම්මත කරගත යුතුව තිබේ. උදාහරණ වශයෙන් යෝජිත කුඩා හා මධ්‍යම පරිමාණ සංවර්ධන ව්‍යාපෘති හා ප්‍රතිලාභ බෙදීම් ප්‍රමුඛතා අනුපිළිවෙලකට සකසා ක්‍රියාත්මක කළ යුතුය.

ආර්ථික අර්බුදයේ ආසන්නතම අතුරු ඵලය ලෙස කෙටිකාලීන හා දිගුකාලීන තදබල සෞඛ්‍යය ප්‍රශ්න උද්ගත වීම සිදුවනු ඇත. අත්‍යවශ්‍ය ඖෂධ ආනයන නොකිරීමෙන් මෙම තත්ත්වය තවතවත් උග්‍රවනු නොඅනුමානය. මීටම සමගාමීව වෙනත් මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමටද නොහැකි වනු ඇත. එම තත්ත්වය දැඩිව සැලකිල්ලට ගනිමින් මානව සුභසාධනය සඳහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයැයි යෝජනා කරමු. උදාහරණ වශයෙන් හදිසි සෞඛ්‍ය කළමනාකරණ හා මෙහෙයුම් සැළසුමක් මෙන්ම ක්‍රියාන්විතයක් සඳහා සෞඛ්‍ය අංශ සූදානම් කිරීමේ අවශ්‍යතාව දක්විය හැකිය.


ආර්ථික අර්බුදයේ සාමාජයීය බලපෑම් උපරිම වන්නේ ඛනිජ තෙල් සැපයුම අඩාලවීමත් සමගය. එහෙයින් ලෝක වෙළඳ පොලෙහි හැසිරීමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල නියාමනය සඳහා මිල සූත්‍ර ක්‍රමවේදය වහා යළිත් ක්‍රියාත්මක කළ යුතුයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.

ආර්ථික අර්බුධයේ සමාජ බලපෑම විදුලි අර්බුධය නිසාද උත්සන්න වෙයි. අප රටේ දෛනික ඉහළම විදුලි බල ඉල්ලුම මෙ.වො. 2500 නොඉක්මවයි. මුළු විදුලි නිෂ්පාදන ධාරිතාවය මෙ.වො. 4000 ක් පමණ වේ. එනිසා සත්‍ය වශයෙන්ම විදුලි බල අර්බුදයක් රට තුළ උද්ගත විය නොහැක. එහෙත් සිදුවී ඇත්තේ ජල විදුලි නිෂ්පාදනය අඩුවන විට ප්‍රධාන විකල්පය ලෙස භාවිත වන ඩීසල් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන හිඟ වීමයි. එනිසා ක්ෂණික කෙටි කාලීන හා මධ්‍ය කාලීන වශයෙන් විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධව පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරයි.


විදුලි නිෂ්පාදනයට අවශ්‍ය බණිජ තෙල් හා ගල් අඟුරු ආනයනයට ප්‍රමුඛත්වය ලබාදීම
සූර්ය බල සංග්‍රාමය යළි පණ ගන්වා රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම.
සුළං බල මෙහෙයුම නැවත පණ ගැන්වීම.
විදුලිය සුරැකීමට අනුගමනය කළ පියවර යාවත්කාලීන කිරීම/දිරිගැන්වීම. (උදා. LED බල්බ් ලං.වි.ම. මගින් ලබාදීම)
දිගුකාලීන විදුලි ජනන සැලැස්ම හා මිශ්‍ර ජනන සැලැස්ම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම.
පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය වර්ධනය වළක්වාලන පනතෙහි ඇති බාධා ඉවත් කිරීම.
මෙ.වො. 500 සාම්පූර් සූර්ය බලාගාරය, යෝජිත LNG මෙ.වො. 300 බලාගාර වහා ඇරඹීම.
සාම්ප්‍රදායික නොවන මුහුදු රළ වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභව පිළිබඳ පැවැති සාකච්ඡා යළි සක්‍රිය කිරීම හා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම.


2019 සිට කොවිඩ් වසංගතය හා විවිධ හේතූන් නිසා සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සැමරීමට ජනතාවට හැකි වූයේ නැත. ඒම සංස්කෘතික අත්දැකීම වසර කිහිපයක් අත්විඳීමට නොහැකිවීම මනෝ විද්‍යාත්මකව විශේෂයෙන්ම පූර්ව ළමාවියේ හා පසු ළමාවියේ දරුවන්ගේ සංස්කෘතික ස්මෘතිය වර්ධනයට දැඩි ලෙස බලපා ඇත. මෙවර උත්සව සමය සැමරීම පිළිබද විශ්වාශයකින් ජනතාව සිටියද ආර්ථික අවපාතය නිසා ඒම අවස්ථාවද අහිමිවන බව පෙනේ. මෙම තත්ත්වය මත, ළඟ එන උත්සව සමයේදී හෝ හැකි උපරිම සහන ජනතාවට සැලසීම වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය විශේෂ විධිවිධාන යෙදිය යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය යි.


පසුගිය වසර 40ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කැපී පෙනෙන නිරීක්ෂණයක් වන්නේ ආදායම් බෙදීයෑමේ විෂමතාව බරපතල ලෙස වැඩිවී තිබීමයි. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3600 ඉක්මවා තිබුණද අන්ත දිළිදු තත්ත්වයේ පසුවන පුරවැසියන්ගේ සංඛ්‍යාව තීරණාත්මක ලෙස වැඩිවී තිබේ. ජාතික ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වරප්‍රසාද ලත් කුඩා පිරිසක් අත පමණක් රැඳී තිබීම මෙවැනි අර්බුධයක සාමාජීය බලපෑම තීව්‍ර කරයි. එබැවින් ‘ඇති නැති පරතරය’ අවම කිරීම සදහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු නොපමාව ගත යුතුයැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.
ආර්ථික අර්බුධයේ බලපෑම උග්‍ර ලෙසම වතුකර, ග්‍රාමීය හා නාගරික දිළිදු ජන කොටස් අන්ත අසරණ තත්ත්වයට පත් කර ඇත. එසේම දැන් එහි බලපෑම පහල මධ්‍යම පන්තික පුරවැසියන් හටද තදින් දැනේ. දෛනික වැටුප් ලබන ශ්‍රමිකයන්, කම්කරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ආදී ප්‍රාථමික ඉපයීම් කණ්ඩායම්ද අකර්මන්‍යය ය. මෙම නිෂ්පාදක කණ්ඩායම්ද අර්බුදයේ වින්දිතයින් වීම හා සහනාධාර අපේක්ෂිතයින් වීම ඉදිරි ආර්ථික ප්‍රතිස්ථාපන සැලසුම් වලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. එසේ හෙයින් නිෂ්පාදන ආර්ථිකයක එබඳු කණ්ඩායම් නගා සිටුවීම සඳහා කළ යුතු මැදිහත්වීම ප්‍රමුඛතාකරණය කළ යුතුයැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.


සීමිත පිරිසකට ආනයන බලපත්‍ර ලබාදීමේ පිලිවෙත වෙනුවට ආනයන භාන්ඩ ප්‍රමුඛතාකරණය කිරීම මෙන්ම තීරුබදු ඔස්සේ ඇතැම් භාණ්ඩ ආනයනය සීමා කිරීමට කටයුතු කිරීම වඩාත් උචිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස යි. එහිදී අත්‍යවශ්‍ය ආනයන පිළිබඳව ප්‍රායෝගික ප්‍රමුඛතා ලේඛනයක් පිළියෙල කිරීම සිදු කළ යුතුය. උදාහරණ වශයෙන් ඖෂධ, ළදරු හා අත්‍යවශ්‍ය ආහාර, ඛණිජ තෙල්, කර්මාන්ත අමුද්‍රව්‍ය ආදී දේ හඳුනාගැනීම තුළින් ජනතාව දැඩි අසීරුතාවයකට ලක්වන පෝලිම් තත්ත්වය නිරාකරණය කරගත හැක. මේ සඳහා දැනට රජය පාර්ශවයෙන් යෝජනා වී ඇති ආනයන බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය විනිවිද භාවයෙන් තොර බැවින් බදු පැනවීම හා ලිහිල් කිරීම තුළින් අදාළ ආනයන පාලනය කෙරෙහි ආර්ථික විද්‍යානුකූලව කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වේ.
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල පාලනයකින් තොරවීමද ආන්තික ජනකොටස් අපහසුතාවට පත්වීමට හේතුවී තිබේ. එසේ හෙයින් නියමිත යාන්ත්‍රණ හා ආයතනික ව්‍යුහ ඔස්සේ භාන්ඩ මිල හා භාන්ඩ වල ගුණාත්මය පිළිබඳ නිරතුරුව සොයාබැලීමද කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාශ කරයි.


ආර්ථික අර්බුධය නිසා ජනතාව අපහසුතාවන්ට පත්වීමෙන් ඇතිවිය හැකි සමාජ නොසන්සුන්තා, අසසහනකාරී තත්ත්වයන් සංයමයෙන් හා සංවේදීව සමනය කිරීමට සුදුසු ක්‍රමවේද සකස් කිරීමට රජය උත්සුක විය යුතුය.


ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුධය පිළිබඳ සැබෑ තත්ත්වය පැහැදිළි කරමින් එම අර්බුධය නිසි කාලරාමුවක් තුළ ජය ගැනීමට අවශ්‍ය ණය හෝ ප්‍රදානයන් නොව, ආර්ථික වෙළඳපොල අවස්ථා දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මිත්‍ර රටවල නියෝජිතයන් කැඳවා රාජ්‍ය තාන්ත්‍රික සමුළුවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස යි.


අර්බුදය කළමනාකරණය කිරීම සඳහා බාහිර පාර්ශවයන්ගෙන් ලැබෙන සම්පත් හා ආධාර මෙන්ම අප විසින් යෝජනා කර ඇති අයවැය යෝජනා ප්‍රතිශංශෝධන කිරීමෙන් පසු ඒ ඒ අමාත්‍යාංශ හෝ ආයතන වෙත හිමිවන වැය ශීර්ෂ මනා විනිවිදභාවයකින් යුක්තව කළමනාකරණය කිරීම උදෙසා ප්‍රසම්පාදන කොමිසම හා විගණන කොමිසම කඩිනමින් සක්‍රිය කළ යුතුය.
රාජ්‍ය අංශයේ සියලු තලයන්හි සිදුවන දූෂණ අක්‍රමිකතා හා වංචා වැළැක්වීම සඳහා පූර්ණ බලතල සහිත විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත නියාමන කොමිසමක් වහා ස්ථාපනය කළ යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.

SendShareShare
Previous Post

ජනපතිගේ සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කළාට පාර්ලිමේන්තු කැන්ටිමේදී ‌ඇමැති තොණ්ඩමන්ට ආණ්ඩුවේ ප්‍රබලයන් දෙන්නෙක් කඩන් පනී!

Next Post

ඔක්කොම පක්ෂ මැයි දිනයට කොළඹ එද්දී සජබ කන්ද උඩරටට යන්න තීන්දු කරයි!

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.