විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හට සති දෙකක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් යෝජනාවක් සම්මත කරගැනීමට සිකුරාදා (24) දිනයේ පියවර ගනු ලැබීය.Sri Lanka Latest News
ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පොහොට්ටු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා විසිනි.
පොහොට්ටුවේ මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා විසින් එම යෝජනාව ස්ථිර කිරීමට පියවර ගෙන තිබිණි.
විපක්ෂ නායකවරයා ප්‍රකෝපකාරීව හැසිරුණු බව සඳහන් කරමින් මෙම යෝජනාව ගෙන ඒමට දොළවත්ත මන්ත්‍රීවරයා කටයුතු කළේය










