• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටියුෂන් ගුරාලා පොරවල් වෙන රටේ සම්මාන පිට සම්මාන දෙන්න වටින ඉස්කෝලේ මහත්තයෙක් මෙන්න! Sri Lanka Latest News

July 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ටියුෂන් ගුරාලා පොරවල් වෙන රටේ සම්මාන පිට සම්මාන දෙන්න වටින ඉස්කෝලේ මහත්තයෙක් මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාසලක විෂයන් නවයම එකම ගුරුවරයෙක්ට උගන්වන්න පුළුවන්ද? අද අපි ඔබට කියන මේ කතාව ඇතුළේ තියෙන්නේ එහෙම හපන්කමක් ගැන. ඒ වගේ ගුරුවරුත් අපේ රටට ආඩම්බරයක්. පසුගියදා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමගයි මේ කතාව අපිට අසන්න ලැබුණේ. ඒ, හුන්නස්ගිරිය ගලමුදුන පාසලෙන්. ඒ පාසලේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සියලු දරුවන් විශිෂ්ට අයුරින් විභාගය සමත් වෙලා තිබුණා. මෙහි විශේෂත්වය වන්නේ ඒ සියලු දරුවන්ට එකම ගුරු පියෙකු විසින් විෂයන් 9ටම අදාළ අධ්‍යාපනය ලබාදී තිබීමයි. විභාගයට තවත් ඉතිරිව තිබුණේ ඉතා කෙටි කාලයක් වුණත් ඔහු ඒ වගකීම ඉෂ්ට කළා. ගුරුවරයා කියන වෘත්තියට සැබෑම අර්ථයක් එක්කළ මේ ගුරු පියාගේ නම ජනක ධනුද්ධර.

ජනක ධනුද්ධර ගුරුතුමාගේ උපන් ගම වුණේ මිහින්තලය. ඔහුට මධ්‍යම පළාතේ සිට මාරුවක් අවශ්‍යවී තිබුණා. ඒ අනුව ඔහු මාරුව ඉල්ලුම් කළ අවස්ථාවේ ඔහුට ලැබී තිබුණේ එකම එක පාසලයි. ඒ, හුන්නස්ගිරිය ගලමුදුන කනිටු විදුහල පමණයි. මීට පෙර මෙවැනි දුෂ්කර පළාතක් මේ ගුරුතුමා දැකලා තිබුණේ නැහැ. අනුරාධපුර මිහින්තලේ දුෂ්කර කිව්වාට එහෙම දුෂ්කරතාවයක් නැති බවයි එතුමා නම් පවසන්නේ. ඒ වුණාට මේ ගලමුදුන පාසලේ දරුවන් විඳින දුක බලන්න බැරිව ගිය නිසාම මෙම පත්වීම ඔහු භාරගෙන තිබුණා.

මේ ගුරුතුමාට ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් චිත්ත ධෛර්යක් තිබුණා. පාසලේ දරුවන් වෙනුවෙන් සේවය කරන්න ඔහුට වුවමනාව තිබුණා. ඒ නිසාම මාරුවක් අරගෙන ආවා. මේ ගලමුදුන පාසලේ දුෂ්කරතාව දැක දැකම ගුරු පත්වීම භාරගත්තා. දුක සැප සියලු දේ විඳදරා ගන්නවා කියන අධිෂ්ඨානයෙන් මේ ගුරුවරයා අභියෝගය භාර ගත්තා.

මේ පාසලේ තත්ත්වය පිළිබඳ ජනක ධනුද්ධර ගුරුතුමා පවසා සිටියේ මෙවැන්නක්.
‘මම ජීවිතේට මේ වගේ පාසලක් දැකලා තිබුණේ නැහැ. මීට කලින් මම වැඩ කළේ සෙන්ට්‍රල් එකක. මට මධ්‍යම පළාතට එන්න ඕනෙ වෙලා තිබුණා. අවුරුදු 4ක සිට මේ පළාතට ට්‍රාන්සර දුන්නේ නැහැ. මගේ අවුරුදු හයක සේවා කාලයෙන් පස්සේ මට මෙහාට එන්න ඕනෙ වෙලා තිබුණා. එක ඉස්කෝලයක් තියෙනවා කැමැති නම් යන්න කිව්වා. මට ඕනෙ තැනක් කමක් නැහැ මම යන්නම් කිව්වා. මේ වගේ ඉස්කෝලයක් මම ජීවිතේටවත් දැකලා තිබුණේ නැහැ. අනුරාධපුර මිහින්තලේ කිව්වාම දුෂ්කර තමයි. හැබැයි මේ පාසල වගේ දුෂ්කරතාවක් එහෙ තිබුණේ නැහැ. මම අධ්‍යාපන අමාත්‍යාංශයට ගියා, දෙපාර්තමේන්තුවට ගියා, යන්න ඕනේ හැම තැනම ගියා. ගලමුදුන කියලා සමාජ මාධ්‍යයෙන් දැකලා තිබුණා.’

‘මගේ යාළුවෙක් හිටියා පණ්ඩුල කියලා. එයා නාවලපිටියේ ඉස්කෝලෙක ගුරුවරයෙක්. එයත් එක්ක තමයි මුලින්ම ආවේ. මුල්ම දවසේ මගේ ඇස්වලට කඳුළු ආවා. අපි ඉන්න තැනට දවස් 04කට සැරයක් කෑම බීම අරගෙන යනවා. අපි උයාගෙන කනවා. ඒවා ගෙනියන්නේ කඳු පල්ලම් බැහැලා නැගලා ඒ තරම් කටුකයි. මම මේ ජීවිතේ ගෙවනවා. මට අවශ්‍ය වුණේ දරුවන්ව සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් කරවන්නයි. මම ඒක කළා…’

ගුරුවරු කියන්නේ දේවත්වයෙන් සැලකිය යුතු පිරිසක්. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තම ජීවිත කැපකළ මේ වගේ මිනිස්සු වර්තමානයේ දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. එහෙත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරු කියන්නේ තම ජීවිතය පරදුවට තියලා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙන පිරිසකටයි.
මේ වගේ පාසල්වලට දරුවන් එන්නේ දිළිඳුකම ජීවිතයම කරගෙන. සමහර විට එකම සුදු ඇඳුම සෝද සෝදා අඳින දරුවන් මේ පාසල්වල බොහෝ විට ඉන්නේ. ඒ දරුවන්ගේ මවුපියන්ට සිහින තිබුණත් ඒවා තමන්ගේ දරුවන්ට ඉටුකර දෙන්න ශක්තියක් ඔවුන්ට නැහැ. දරුවන්ව සුපිරි පාසල්වලට යවන්න ඔවුන්ට හැකියාවක් ඇත්තේ නැහැ. මේ දුෂ්කර පාසල්වල බොහෝ ගොඩනැගිලි හදලා තියෙන්නේ මැටි ගහලා. වහින වෙලාවට තෙමෙනවා. නිදහස් අධ්‍යාපනය ලබන්න මේ දුප්පත් දරුවන්ට නිදහසක් නැද්ද කියලා තමයි බලධාරීන්ගෙන් අහන්නට තියෙන්නේ. මොකද, මේත් අපේම රටේ දරුවන්. ඔවුන් දුෂ්කර ප්‍රදේශයක ඉපදුණා කියලා සෙසු ප්‍රදේශවල දරුවන්ට වගේම පහසුකම් සහිතව, දුෂ්කරතාවලින් තොරව නිසි අධ්‍යාපනය ලබන්න මේ දරුවන්ටත් අයිතියක් තියෙනවා.

මේ රටේ විවිධ ක්ෂේත්‍රවල අයට සම්මාන පිට සම්මාන දෙනවා. ඒත් මෙවැනි රත්තරන් ගුරුවරු වෙනුවෙන් සම්මාන දෙනවා අපි දකින්නේ ඉතාම කලාතුරකින්. මෙවැනි ගුරුවරුන් තව තවත් මේ රටට බිහිවිය යුතුයි. මොවුන් දිරිමත් කරන්න, ඔවුන්ගේ සේවය අගය කරන්න රජය යොමුවිය යුතුයි. හැම ගුරුවරයෙක්ම මේ වගේ දුෂ්කර යැයි සම්මත පාසල්වල දරුන්ට උගන්වන්න කැමැති වෙන්නේ නැහැ. රටක දරුවන්ගේ මුළු අනාගතයම තීරණය වෙන්නේ ගුරුවරු නිසයි. ගුරුවරුන්ට තව රැකියාවක් කරන්න බැහැ. මොකද උදේ 7.30 සිට සවස 1.30 වෙනකල් තමන්ගේ රාජකාරිය ඉටුකළාම සවස් වරුවේ ඊළඟ දවසට ලෑස්ති වෙන්න ඕනේ. ඒ නිසා ඔවුන්ට වෙනත් රැකියාවක් කරන්න කාලයක් නැහැ.

නිදහස් රැකියාවක් කරන්න කැමැති කෙනෙක් මේ වෘත්තිය කවදාවත් තෝරගන්නේ නැහැ. මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් රජයේ පාසලක ගුරු පත්වීමක් ගන්නේ නැහැ. ඒ තරම් දුෂ්කර ජීවිතයක් තමයි රජයේ ගුරුවරු විඳින්නේ. ඔවුන්ටත් සිහින බලාපොරොත්තු ඇති ඕනෑ තරම්. නමුත් දරුවන්ට ඉගැන්වීමෙන් ලැබෙන මානසික තෘප්තිය වෙනත් වෘත්තියකින් ලබාගත හැකියි කියලා මම නම් හිතන්නේ නැහැ. දරුවන් විභාග සමත් වෙනකොට ගෙදර මවුපියන් හැරුණුකොට ඒ සතුට දරාගන්නේ ගුරුවරුයි.
සමහර පාසල් ගුරුවරු තමන්ගේ පාඩම් දරුවන්ට උගන්වන්නේ තමන්ගේ කාලය කැපකරලා. සවස් කාලයෙත් පාසලේ ඉඳලා උගන්වන ගුරුවරු ඕනෑ තරම් ඉන්නවා. තමන්ගේ පවුල් ජීවිතයේ අවශ්‍යතා දෙවැනි තැනට දාලා ඔවුන් දරුවන්ගේ ජීවිත එළිය කරන්න දවසම කැපකරනවා. මුදල් ඉපැයීම මූලික පරමාර්ථය කරගත්ත ගුරුවරයෙක් නම් බොහෝ විට තෝරාගන්නේ ටියුෂන් පන්තියයි. නමුත් මේ ජනක ධනුද්ධර ගුරුතුමා වැනි ගුරුවරුන් දරුවන් වෙනුවෙන් කරන මහා කැපකිරීමට ඔවුන්ගේ ජීවිතවල සියලු සිහින සඵල වෙන්න ඕනේ කියලා අපි ආශීර්වාද කරන්න ඕනේ. මෙවැනි ගුරුවරුන් රටට සම්පතක්.

මේ තරම් දස්කමක් දක්වමු ගලමුදුන පාසල වෙනුවෙන්, ඒ පාසලේ දරුවන් වෙනුවෙන් ඒ ජනක ධනුද්ධර ගුරුතුමා කළ සේවයට ඔහුට අනේක වාරයක් පින් සිදුවෙන්න ඕනේ. ඔහුව අගය කරන්න, ඔහුට ආශීර්වාද කරන්න, ඔහුව දිරිගන්වන්න කැමැති ඔබ වෙනුවෙන් ඔහුගේ දුරකතන අංකය අපි පහත පළකරනවා. 0715 877 596

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

රට බංකොලොත් වුණා පස්සේ දොස්තරලා 1489ක් රටින් ගිහින්! රටට වෙච්ච පාඩුව බිලියන 12.5ක්! I Sri Lanka Latest News

Next Post

ක්ලැරන්ස්ට සාධාරණය ඉටු වුණාද? Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.