• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්ලැරන්ස්ට සාධාරණය ඉටු වුණාද? Sri Lanka Latest News

July 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ක්ලැරන්ස්ට සාධාරණය ඉටු වුණාද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පැවැත්වුණු ප්‍රකාශන හිමිකම් නඩුවකදී පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබාදී ඇත. මේ අනුව උත්තරීතර අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ දිවංගත ප්‍රවීණ සංගීතඥ සහ ගායක ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිය වන ශීලා විජේවර්ධන මහත්මිය විසින් ‘ටොරානා මියුසික්’ සමාගමේ අයිතිකරු වන සරත් කොතලාවල මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද ප්‍රකාශන හිමිකම් නඩුවකදීය. Sri Lanka Latest News

ගායක රජිව් සෙබස්තියන් විසින් දිවංගත ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත ගායනා කර එම ගීත ඇතුළත් සංයුක්ත තැටි සරත් කොතලාවලගේ ටොරානා මියුසික් ආයතනය විසින් නිෂ්පාදනය කිරීමට එරෙහිව නඩුව පවරා තිබිණි. මෙම ක්‍රියාවලිය හේතුවෙන් තමන්ගේ අභාවප්‍රාප්ත සැමියා විසින් රචනා කර ගායනා කරන ලද ගීත කිහිපයක පද රචනා සහ සංගීත සයුතිවල ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කර ඇති බවට ශීලා විජේවර්ධන විසින් 2005 දී වාණිජ මහාධිකරණයේ ගොනුකළ නඩුවක් හේතුවෙන් මෙම අභියාචනය පැනනැගී තිබිණි.

මේ අනුව වාණිජ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවේදී රජිව් සෙබස්තියන්ට එරෙහිව වාරණ නියෝගයක්, වන්දි ගෙවීමක් සහ උල්ලඝනය කරන ලද ද්‍රව්‍ය භාරදෙන ලෙසට ශීලා විජේවර්ධන විසින් ඉල්ලා තිබිණි. වාණිජ මහාධිකණයේ නඩුව තවමත් විභාග වෙමින් තිබියදී මියගිය ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ ඓතිවාසිකම් පිළිගනිමින් සහ රුපියල් මිලියන 2ක (රුපියල් ලක්ෂ 20ක්) වන්දි මුදලක් ගෙවීමට එකඟ වෙමින් රජිව් සෙබස්තියන් විසින් ශීලා විජේවර්ධන සමග එකඟතාවකට පැමිණි තිබිණි. නඩු විභාගය අවසානයේ වාණිජ මහාධිකරණය විසින් සරත් කොතලාවල මහතාට එරෙහිව ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ස්ථිර වාරණ නියෝගයක් ලබා දුන්නේය. ඉන් පසුව අනෙකුත් සහන ඉල්ලා 2013දී විජේවර්ධන මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකරන ලදී. එහිදී සරත් කොතලාවලට එරෙහිව ස්ථිර තහනම් නියෝගයක් ලබාදීමේ වාණිජ මහාධිකරණයේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කර ඇත.

පසුගියදා නඩු විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සරත් කොතලාවලට එරෙහිව වන්දි ලබාදීමේ නියෝගයක් ලබාදී නැතත්, සරත් කොතලාවල සන්තකයේ තිබූ උල්ලංඝනය කරන ලද ද්‍රව්‍ය ලබාදීම සඳහා ශීලා විජේවර්ධනගේ ඉල්ලීම ගැන කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වාණිජ මහාධිකරණය වරදක් කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු සොයාගෙන ඇති අතර, ඒ අනුව වාණිජ මහාධිකරණයේ තීන්දුව සංශෝධනය කර ඇත. මේ අනුව සරත් කොතලාවල යටතේ තිබූ සියලු උල්ලංඝනය කරන ලද ද්‍රව්‍ය ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සරත් කොතලාවලට නියෝග කර ඇත. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති සහනය වාණිජ මහාධිකරණය විසින් එහි තීන්දුවෙන් ලබාදී ඇති ස්ථිර තහනම් නියෝගයට අමතරව වේ. පළමු වගඋත්තරකරුට එරෙහිව අභාවප්‍රාප්ත ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත නිර්මාණ සම්බන්ධයෙන් ආර්ථික හා සදාචාරාත්මක අයිතිවාසිකම්වලට අයත් වන ගීත නිර්මාණ ඍජව හෝ වක්‍රව ප්‍රතිනිෂ්පාදනය කිරීම, ඕනෑම මහජන රංගනයක් සිදුකිරීම හෝ වෙනත් ආකාරයකින් මහජනතාවට සන්නිවේදනය කිරීම වළක්වන ස්ථිර වාරණ නියෝගයක් ලබාදීමේ වාණිජ මහාධිකරණයේ තීරණය මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කර තිබේ.
මෙම ඓතිහාසික විනිශ්චය ලබාදී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඊ.ඒ.ජී.ආර්. අමරසේකර, ඒ.එල්. ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ලක් විසිනි.

ප්‍රවීණ ජනප්‍රිය ගායක, ගීත රචක, සංගීත නිෂ්පාදක සහ සංගීත අධ්‍යක්ෂ ක්ලැරන්ස් විජේවර්ධන මහතා තමන්ට වයස අවුරුදු 53ක් වැනි කෙටි ආයුෂ කාලයකදී 1996 දෙසැම්බර් 13 වැනිදා මිය ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම් සංගීතයේ සහ පොප් සංගීතයේ පුරෝගාමියකු වූ ඔහු සිදුකළ ගීතමය නිර්මාණ මෙරට සංගීත රසිකයන් අතරින් කිසිදු දිනක නොමැකී යනු ඇත. ඒ නිසාම ඔහු මෙරට සදා අමරණීය මිනිසකු බවට පත්වනු ඇතිය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ටියුෂන් ගුරාලා පොරවල් වෙන රටේ සම්මාන පිට සම්මාන දෙන්න වටින ඉස්කෝලේ මහත්තයෙක් මෙන්න! Sri Lanka Latest News

Next Post

ලංකාව ගහන්න යන බද්ද 18%යි! ට්‍රම්ප් ලංකාවට ගහන බද්ද 30%යි! පලිගැනීමේ බද්දේ මුළු එකතුව 48%යි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.