රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සියල්ල අද රාත්‍රියේ සිට නවතා දැමීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කොට ඇත.
එහි නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස රිචඩ් නට්ල් මහතා මහතා විසින් මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
පසුගිය කාල සමය පුරාම ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණියේ රුසියාවෙනි.
නට්ල් මහතා විසින් ගෙන ඇති මෙම තීන්දුවත් සමග ශ්‍රී ලංන්කන් ගුවන් සේවයට පමණක් නොව සංචාරක කර්මාන්තයටද විශාල බලපෑමක් සිදුවනු ඇති බව විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
කෙසේවෙතත් විචාරකයන් සදහන් කරන්නේ රුසීයානු-යුක්රේන යුද්ධය හේතුකොටගෙන රුසියාවට විරෝධය පළකිරීමක් වශයෙන් මෙම ගුවන් ගමන අත්හිටුවීමට තීරණය කොට ඇති බවකි.
නට්ල් මහතා බ්‍රිතාන්‍ය ජාතිකයකු වීමත්, බ්‍රිතාන්‍යය රජය යුක්රේනයට සහාය පළ කිරීමත් මේ සදහා හේතු වී ඇති බවද දැනගන්නට ඇත.










