මාතලේ විජයපාල විද්‍යාලයේ වාර්ෂීක නිවාසාන්තර ක්‍රිඩා උළලේ සමස්ත ශූරතාවය දිනා ගැනිමට 964ක් ලබා ගනිමින් මහසෙන් නිවාසය සමත් වු අතර අනුශුරතාවය දිනා ගැනිමට ලකුණු 856ක්
ලබා ගෙන ගැමුණු නිවාසය සමත්වු අතර ක්‍රිඩා උත්සවය විචිත්‍රවන් අයුරින් පසුගියදා මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේදි පැවැත්විණි.Sri Lanka Latest News
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහභාගි වු අතර විදුහල්පති අසේල අහස්දෙණිය
මහතාගේ උපදෙස් පරිදි මෙම ක්‍රිඩා උත්සවය සංවිධානය කර තිබු අතර මෙම අවස්ථාවට මාතලේ ප්‍රාදේශිය ලේකම් පි.බි සේනාධීර මහතා ඇතුලු ආරාධිතයින් ආදි සිසුන් දෙමාපියන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
ඡායාරුප
01.ශුරාතවය දිනාගත් පැරකුම් නිවාසයට හිමි ශූරතාවය නිවාස
නායකයා වෙත ජයග්‍රාහි කුසලානය බුද්ධශාසන ආගමික කටයුතු හා
සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා
විසින් පිරිනැමු අයුරු
.

02.තරගයෙන් ජයග්‍රහණය කළ සිසුවෙකුට බුද්ධශාසන ආගමික
කටයුතු හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර
දිසානායක මහතා විසින් කුසලාන පිරිනැමු අයුරු.
03.සරඹ සංදර්ශනය
04.ප්‍රධාන ආරාධිත අමුත්තා කැදවාගෙන එමින්.











