• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ දාපු ඩීල් මෙන්න! 60 දවස් 2කට 54ට බැස්සේ කොහොමද? Sri Lanka Latest News

June 21, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අහන්න හොඳට අහන්න..! කැපිලි දාන්න එපා..! කකුලෙන් අදින්න එපා..! යටිකූට්ටු කුමන්ත්‍රණ කරන්න එපා..! මේ තරුණයාව විනාශ කරන්න එපා..! බිහිවෙන්න යන්නේ මේ රටේ අනාගත නායකයෙක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා පැවැති රහස් ඡන්දයේදී සමගි ඡන බලවේගයේ අපේක්ෂකයාට ඡන්දය ලබාදීමට සිටි කිහිප දෙනකු මාලිමාවේ අපේක්ෂිකාවට පක්ෂව ඡන්දය ලබාදීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූයේ මේ ආකාරයටයි. Sri Lanka Latest News

ප්‍රායෝගිකව හිතන්න, 60 දෙනෙක් අස්සන් කරලා දෙනවා ලේඛනයක්. අපි මේ පක්ෂයේ අපේක්ෂකයාට, මොකක්ද පක්ෂය කියන එක අදාළ නෑ, මේ පක්ෂයේ අපේක්ෂකයාට සභාපතිකමට අපේ ඡන්දය දෙනවා කියලා. එහෙම අස්සන් කරලා 60 දෙනෙක්ගේ ලේඛනයක් භාරදුන්නට පස්සේ, ඒක 54 දක්වා අඩු වෙනවා නම් අර ඉතුරු හයදෙනා, ඒ අස්සන් කරපු මොහොත සහ ඡන්දය ප්‍රකාශ කරන මොහොත අතර වෙනස් වෙන්න ඕනනේ. ඒ වෙනස සිද්ධ වෙන්නේ කොහොමද? අන්න ඒවට තමයි ලංකාවේ ඩීල් කියලා කියන්නේ. ඒක සිද්ධ වෙන්නේ මිල මුදල් යටතේ, මිල මුදල් එක්ක කියලා මේ රටේ යම් ප්‍රමාණයකට බුද්ධියක් තියෙන මිනිස්සුන්ට තේරෙනවා. ඒ නිසා ඩීල් දේශපාලනයට නැවැතීමේ තිත තියන්න ආපු මාලිමාව, මේ දවසක් දෙකක් ඇතුළත 60 දෙනෙක් 54ක් බවට අඩු කරන්න ඩීල් දේශපාලනය මුදල් මතින් කරපු බවට හොඳම සාක්ෂියක් මේ තියෙන්නේ.

ඩීල් දේශපාලනයට විරුද්ධව දේශපාලනය මෙහෙයවපු, මිනිස්සුන්ගේ ඡන්දය ලබාගැනීම සඳහා ඩීල්වලට විරුද්ධව කතාකරපු පරම පවිත්‍ර පිවිතුරු මාලිමාව, අද වෙද්දී මේ රටේ මජර දේශපාලන ක්‍රමය බලය වෙනුවෙන් ඕනෙ දෙයක් කරන්න පුළුවන් කියලා 76 වසරක් තිස්සේ එක එක දශකවල පෙන්නපු ඒ කැත දේශපාලන යාන්ත්‍රණය වඩා හොඳින් කරගෙන යන්න තමන්ට පුළුවන් කියලා මේ රටේ මිනිස්සුන්ට තහවුරු කරමින් ඉන්නවා. ඒ නිසා 60, 54 වීම ඇතුළේ, මාලිමාවේ ඩීල්, මාලිමාවේ සල්ලි, කැත මජර 2022 මේ රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න ඕනේ කියලා නිර්මාණය කරපු දේශපාලන දෘෂ්ටි මතවාදයට එරෙහිව තමන්ගේ බලලෝභීත්වය ක්‍රියාත්මක කරන මොහොතක් විදියට තමයි 60, 54 වීම දකින්නේ. එහෙම නැතුව ඒක ඇතුළේ වෙන සුජාත ජයග්‍රහණයක් දකින්නේ නෑ.

මාධ්‍යවේදියා
දැන් මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී නිකන් ඒගොල්ලන්ගේ වාග් ප්‍රහාරවලින් සද්ද නැතුව හිටපල්ලා කෑ නොගහා කියන තත්ත්වයට පත්කරගෙන මේ මන්ත්‍රීවරුන්ව දඩයම් කරන්න සූදානමක් තියෙනවා වාග් ප්‍රහාරවලින්. බිමල් රත්නායක මන්ත්‍රීතුමාත් කියනවා සද්ද නැතුව ඉන්න මේ වැඩ ටික අපි කරනකම් කියන එක. ඒ කියන්නේ මේගොල්ලන්ගේ මේ 88, 89 ඇඟ ඇතුළේ තියෙන සතාව එළියට දානවා කියන කතාවද මේ කියන්නේ?

එතැන මට වෙන අදහසක් ඇත්තටම තියෙන්නේ. 88, 89 කියන සිද්ධිය මම මේකට ගන්න උත්සාහ කරන්නේ නෑ. හේතුව ජනාධිපතිවරයාගේම කතාවේ හැටියට පාපිස්සකටවත් වෙන පක්ෂයක ගන්න නැති මිනිස්සු 88, 89 දන්නේ නෑ. 88, 89 හිටපු මිනිස්සුන්ට අගෞරවයක් මේ මිනිස්සුන්ට එහෙම කියන එක. මේ වෙන පක්ෂයක පාපිස්සකටවත් ගන්න නැති මිනිස්සු ටිකක් අරගෙන ඇවිල්ලා, තමන්ගේ පක්ෂය ඇතුළේ වැඩසටහන් සිද්ධ වෙන විදිහක් තියෙනවානේ. ආන්න ඒ විදිහට තමයි බිමල් පාර්ලිමේන්තුව ඇතුළේ හැසිරෙන්නේ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා මේ පක්ෂයේ ඉන්න අර පාපිසි ටිකට කතාකරන්න ඕනෙ විදිහට තමයි විපක්ෂයට කතාකරන්න ඕනේ කියලා. එහෙම නැතුව අතීතයේදී මේ රට වෙනුවෙන් මොකක් හරි අදහසක් ඇතුව ජීවිතය පරිත්‍යාග කරපු මිනිස්සුන්ට කරන අපහාසයක් මේ පාපිසිවලට ඒ වගේ තත්ත්වයක් ලබාදීම.

හැබැයි, බිමල් සහ ඒ කණ්ඩායමෙන් අපේක්ෂා කළා මිනිස්සු ඔය වගේ එකක්. හේතුව මිනිස්සු විශාල ජනවරමක්, 159ක් දුන්නේ විපක්ෂය සෝදාපාළුවට ලක්කළේ මේ රටේ සංවර්ධනය අධිවේගයෙන් කරගන්න. නමුත් ආණ්ඩුව ඒක තේරුම් අරන් තියෙන්නේ වෙන විදිහකට. ඔවුන් හිතනවා, ඔවුන්ට ලබාදීලා තියෙන මේ අසීමිත ජනවරම තියෙන්නේ විපක්ෂයේ මිනිස්සුන්ව බය ගන්නන්න කටින් කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පාපිසි බය ගන්නන්න පුළුවන් වුණාට, විපක්ෂයේ ස්වාධීනව තමන්ගේ විවෘත අදහස් ඉදිරිපත් කරලා, තමන්ගේ හයියෙන් දේශපාලන ජයග්‍රහණය ගත්ත මිනිස්සුන්ට බිමල්ලාගේ කතා විහිළු විතරයි. ඒවා හොඳයි අනුන්ගේ පහනින් එළිය ලබපු පාපිසිවලට. පාපිසි බය වුණාට අපි විපක්ෂයේ මන්ත්‍රීවරු විදියට බිමල්ටවත්, බිමල්ගේ කණ්ඩායමටවත්, මාලිමාවේ පාපිසිවලටවත් අපි එහෙම හඬින් බයකරන්න බැරි දේශපාලන ව්‍යාපාරයක්. අපි විතරක් නෙවෙයි, විපක්ෂයේ ඉන්න සියලු මන්ත්‍රීවරුන්ට ඒ හයිය තියෙනවා. පාපිසි බය කළාට නිදහස් මන්ත්‍රීවරු බය කරන්න බෑ කියලා තමයි මාලිමාවට කියන්න තියෙන්නේ.

මාධ්‍යවේදියා
මන්ත්‍රීතුමනි, මේ වෙනකොට පළාත් පාලන ආයතනවල සභා පිහිටුවද්දී, ස්වාධීනව ඡන්දය ප්‍රකාශ කරන්න තියෙන අයිතිය නැති කරලා, මේ පළාත් පාලන ආයතනවලට රහස් ඡන්දය කාවද්දන්න හදනවා. මේක ඔබතුමා දකින්නේ කොහොමද?

රහස් ඡන්දය මෙච්චර ඉස්සර වුණේ, වේගවත් වුණේ, සමහර පළාත් පාලන ආයතන ආණ්ඩුවට දිනාගන්න බැරි වෙනකොට. විවෘතව තියපු බොහෝ තැන්වල ජයග්‍රහණ ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා දකිනකොට, ආණ්ඩුව අලුතින් යොදාගත්තු උපක්‍රමය තමයි රහසිගත ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීම. මේ රහසින් ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩියෙන්ම විරුද්ධ වුණු දේශපාලකයා තමයි අනුර කුමාර දිසානායක කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඕනෙ තරම් තැන්වල කියලා තියෙනවා රහසිගත ඡන්ද ක්‍රමවලට විරුද්ධ අදහස්. හැබැයි අවසානයේදී දෛවයේ සරදමක් වගේ ඔහු ජනාධිපති වෙලා ඉන්න රටේ, ඔහු නායකත්වය දෙන කණ්ඩායම රහසිගත ඡන්දවලට ගිහිල්ලා මේ රට ඇතුළේ රහසින් වැඩ වගයක් තියෙන බව, නීත්‍යනුකූලව රහසින් වැඩකරන්න පුළුවන් බව සහතික කරන දේශපාලන තත්ත්වයක් රට ඇතුළේ නිර්මාණය කරලා තියෙනවා කියන එක තමයි ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ.

මාධ්‍යවේදියා
ජනාධිපතිතුමා විදේශ සංචාරයක ගිහිල්ලා ඩයස්පෝරාවත් එක්ක සම්බන්ධකම් තියෙනවා කියලා දැන් දැන් මාධ්‍යවලින් සහ සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පට එළියට එමින් පවතිනවා. එතකොට ඇත්තටම අනුර කුමාර ජනාධිපතිතුමා මේ ඩීල් එක ඩයස්පෝරාවත් එක්කමද ගහලා තියෙන්නේ?

හරියටම ඒක පිළිබඳ නිශ්චිත අදහසක් කියන්න පුළුවන්කමක් නෑ. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන කිව්වා මේ වගේ සිද්ධියක් ජර්මනියේ සිද්ධ වෙනවා වගේ අදහසක්. එතකොට ඒකට සමාන හෝ ඊට ආසන්න සිදුවීම් ගණනාවක් ජර්මනිය ඇතුළේදී ජනාධිපතිවරයාගේ වැඩසටහන් සහ හැසිරීම්වලින් අපි දැක්කා. හැබැයි අපි තව දෙයක් කියන්න කැමතියි. ඒ තමයි, තව මේ ආණ්ඩුවට කාලය අවශ්‍යයි. රටේ ජනාධිපතිතුමාට තව කාලය අවශ්‍යයි. මොකටද?සැබෑ ජනාධිපතිවරයාගේ ස්වරූපය හඳුනාගන්න. පුළුවන් තරම් තමන්ගේ ඇත්ත ස්වරූපය සඟවාගෙන සිටීම සඳහා විශාල රංගන හැකියාවක් තියෙන ජනාධිපතිවරයෙක්. ඒ වගේම දැවැන්ත බොරු කිසිම කරදරයකින් තොරව සරලව කියාගන්න පුළුවන් තරම් වාග් ශෛලයක් තියෙන ජනාධිපතිවරයෙක්. ඒ නිසා එතුමාගේ ඇත්ත ස්වරූපය මේ රටේ ජනතාවට දැනෙන්න නම්, තව කාලය අවශ්‍යයි.
ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මේ ආණ්ඩුව 2029 වෙනකම්ම යන්න ඕනේ කියලා. හේතුව, ඒ කාලය ඇතුළත ජනතාව වටහා ගනීවි, ඇත්තටම රංගනයක යෙදුණු, බොරු හොඳට කියන්න පුළුවන්, මේ රටේ බිහි වෙච්ච දක්ෂම බොරු ලස්සනට හැඟීම්බරව කියන්න පුළුවන් පාලකයා කවුද කියලා. ඒ නිසා කාලය ජනාධිපතිවරයා විසින් අරගෙන තමන්ගේ වැඩ කටයුතු කරන අතරතුර සඟවාගෙන ඉන්න සැබෑ චරිතය මේ රටේ මිනිස්සුන්ට එළිවෙයි. අපි ඒ නිසා කලින් ඒ පිළිබඳ පුරෝකථන දෙන්න අවශ්‍ය නෑ කියන එක තමයි මගේ අදහස.

මාධ්‍යවේදියා
මේ කතාවේදී පේන්නේ ඉදිරියට තියෙන සංවර්ධනයක් තව පස්සට ගිහිල්ලද මේ ජනාධිපතිවරයා පත්වීමත් සමග?

රටේ සංවර්ධනය කියන කාරණාව පිළිබඳ බලන දෘෂ්ටිකෝණය පවා වැරදියි කියන එකයි මගේ අදහස. මේ රට සංවර්ධනය වෙන්න නම් මූලික වශයෙන් කළ යුතු ප්‍රතිසංස්කරණවලට අත නොතියා, මේ සිල්ලර ප්‍රතිසංස්කරණවලින් රටක ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කියලා හිතන කණ්ඩායමක්, පොඩි පොඩි දේවල්වලින් ලොකු ලොකු ප්‍රතිඵල බලාපොරොත්තු වන කණ්ඩායමක්, විශාල ආර්ථික දියුණුවක් අපේක්ෂා කරන ජනතාවක් සිටින රටක් ඇතුළේ කරන පොඩි වැඩ ටිකක් දිහා විපක්ෂය හැටියට අපි බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මොකද පුරවැසියන් විදියට මේ රටේ මිනිස්සුන්ට සැපවත් ජීවිතයක් ගෙවන්න නම් ආර්ථික සමෘද්ධිය අත්‍යාවශ්‍යයි. රට ආර්ථික සමෘද්ධියට ගෙනයාම සඳහා කුඩා ප්‍රතිසංස්කරණවලින් විශාල ප්‍රතිඵල ලැබෙයි කියලා හිතෙන මේ ආණ්ඩුවට තව තවත් ඒ සඳහා කාලය ලබාදීම පමණමයි කළ යුත්තේ කියන එක තමයි මගේ පුද්ගලික අදහස.

SendShareShare
Previous Post

මාලිමාව කොළඹදී දින්නාද? පැරැදුණාද? මාලිමා න්‍යායාචාර්ය ආචාර්ය නිර්මාල් දේවසිරිගේ විග්‍රහය! Sri Lanka Latest News

Next Post

W15 හෝටලට වෙඩි තියලා එද්දී ඉමදූවේ අධිවේගී පිවිසුමේදී වෙච්ච දේ පළමු වරට එළියට එයි පොලිස් සැරයන් අල්විස් පළමු වරට සාක්ෂි දෙයි Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.