• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාව කොළඹදී දින්නාද? පැරැදුණාද? මාලිමා න්‍යායාචාර්ය ආචාර්ය නිර්මාල් දේවසිරිගේ විග්‍රහය! Sri Lanka Latest News

June 21, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා වන රහස් ඡන්දය පසුගිය 16 වැනිදා පැවැත්වුණා. එහිදී නගරාධිපති ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වුණේ ජාතික ජන බලවේගයේ අපේක්ෂිකා ව්‍රායි බල්තසාර් මහත්මියයි. එම පත්වීමට අදාළ රහස් ඡන්දය සම්බන්ධයෙන් මේ වනවිට රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ යම් කතාබහක් නිර්මාණය වී තිබෙන අතර, පහත පළවන්නේ එම කරුණ සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂක, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය යූටියුබ් නාලිකාවට එක්කළ වීඩියෝවකින් උපුටාගත් කොටසකි. Sri Lanka Latest News

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිවුණු ඉතා සාකච්ඡාවට බඳුන් වූ උණුසුම් මාතෘකාවක් තමයි ජාතික ජන බලවේගයට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් නොලැබුණු සභාවල බලය පිහිටුවන්නේ ඒ නගරාධිපති, පත්කරන්නේ කොහොමද කියන එක. විශේෂයෙන් මේ සම්බන්ධව බෙහෙවින්ම සාකච්ඡාවට භාජනය වුණා කොළඹ නගර සභාව පිළිබඳ ප්‍රශ්නය. පසුගියදා ඒ ප්‍රශ්නය මූලික වශයෙන් අවසානයකට පැමිණුනා. ජාතික ජන බලවේගයට පුළුවන් වුණා තමන්ගේ නගරාධිපති අපේක්ෂිකාව ජයග්‍රහණය කරවන්න සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරපු අපේක්ෂකයා පරාජය කරමින්. නමුත් එය සිදුවෙච්ච ආකාරය ගැන හැමෝම දන්න නිසා මම අමුතුවෙන් ඒ ගැන කියන්න අවශ්‍ය නෑ. නමුත් මම මූලික වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඒ සම්බන්ධව ඇතිවුණු මතභේදකාරී තත්ත්වය පිළිබඳ. මේ පිළිබඳ මූලිකව ඇතිවුණු මතභේදකාරී තත්ත්වය තමයි ඒ පත්වීම සිදුවුණු ආකාරය. විශේෂයෙන් රහස් ඡන්දයක් පැවැත්වීම පිළිබඳ විවිධ පාර්ශ්ව ප්‍රශ්න කරලා තිබෙනවා. මෙතැන දෙකක් තියෙනවා. රහස් ඡන්දයක් පැවැත්වීම පිළිබඳ ප්‍රශ්නයක් මතුකරලා තිබෙනවා සහ ඒ රහස් ඡන්දයක් පැවැත්වීම සඳහා තිබෙන විධිවිධාන අනුව විශේෂයෙන්ම ඒ නාගරික කොමසාරිස්වරිය නියමිත පරිදි කටයුතු කරලා තිබෙනවාද කියන ප්‍රශ්නය මතුකරලා තිබෙනවා. මූලික වශයෙන් මම ඒ පිළිබඳ තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ.

මං හිතන විදිහට මේ මගින් කොළඹ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂිකාවකට නගරාධිපති ධුරය ලැබීම හරහා ජාතික ජන බලවේගයට අතිවිශාල දේශපාලන ජයග්‍රහණයක් ලැබුණා කියන එක තමයි මගේ අදහස. මොකද ඇත්ත වශයෙන්ම සංකේතාත්මක වශයෙන් මෙය ඉතාම වැදගත්. මොකද මේකේ දෙපැත්තක් තිබෙනවා. ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මූලික වශයෙන් ඒ අයට පුළුවන් වුණා මීට පෙර පොහොට්ටුව එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආධිපත්‍යය දරනු ලැබූ ග්‍රාමීය ප්‍රදේශ, කොළඹ අග නගරයෙන් පිටත ප්‍රදේශ මත තමන්ගේ ආධිපත්‍යය පිහිටුවා ගන්න. කොළඹ නාගරික ප්‍රදේශයේත් පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ආසන සංඛ්‍යාවක් ලැබුණා. නමුත් එතැනදී ඉතාම වැදගත් කොළඹ නගර සභාවේ ආධිපත්‍යය. කොළඹ නගර සභාවේ බලය සංකේතාත්මක වශයෙන් වැදගත්. මොකද එක්සත් ජාතික පක්ෂයේ බල කේන්ද්‍රය තමයි. ඒ කියන්නේ ඔවුන්ගේ ඡන්දදායක ආකර්ෂණය මූලික කේන්ද්‍රීය ස්ථානය තමයි කොළඹ නගර සභා සීමාව. කොළඹ නගර සභාවට අයිති වෙන බලප්‍රදේශය. මේක කොයි තරම්ද කියනවා නම් කවදාවත් මෑත ඉතිහාසයේ කොළඹ නගර සභාවට මේ බලය අහිමි වෙලා නැහැ. එකම අවස්ථාවක තමයි ඒ අයගේ නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වීම නිසා ඒ අය වෙන ස්වාධීන කණ්ඩායමකට උදව් කරලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරද්දලා කිසිවෙක් නොදන්න ත්‍රිරෝද රථ රියැදුරෙක්ගේ නායකත්වයෙන් තිබුණු කණ්ඩායම ජයග්‍රහණය කළා. ඉන් පසු යම් මතභේදකාරී තත්ත්වයක් ඇතිවුණා. නමුත් ඒකෙන් පේනවා එක්සත් ජාතික පක්ෂයට කොළඹ නාගරික ප්‍රදේශය තුළ පැවැති ඡන්දදායක ආකර්ෂණය.

මේක දිගටම තිබුණු තත්ත්වයක්. විශේෂයෙන් 2005න් පස්සේ රාජපක්ෂ කඳවුර ලංකාවේ දේශපාලනය තුළ ආධිපත්‍යය දරපු වර්ෂ ගණනාව තුළ එක්සත් ජාතික පක්ෂයට පුළුවන්කම ලැබුණා කොළඹ නගරයේ විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණවලදී කොළඹ නගර සභාවේ බලය ලබාගන්න. එය තහවුරු කරගැනීම කරන්න. ඒක ඉතා සංකේතාත්මක වශයෙන් වැදගත්. ඒ නිසා විශේෂයෙන්ම මෙතැනදී සංකේතාත්මක වශයෙන් මේකේ තියෙන වැදගත්කම තමයි ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මූලික වශයෙන් ජාතික ජන බලවේගය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය කෙරුවා නම්, මෙතැනදී අපිට කියන්න පුළුවන් පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ බලය අත්පත් කරගැනීම හරහා එක්සත් ජාතික පක්ෂය සහ එහි ඡන්දදායක පදනම විදියට ගත්තාම එක ගොනුවක් විදියට සැලකිය හැකි සමගි ජන බලවේගය අයිති කඳවුර පරාජය කරනු ලැබුවා කියලා.

නමුත් මේ දේශපාලන ජයග්‍රහණය ලබාගැනීම සඳහා විශාල කැපවීමක් කරන්න සිද්ධ වුණා. මේකට විශාල ආවස්ථික පිරිවැයක් තිබුණා. ඒක තමයි මේකේ ආචාරධාර්මික පැත්ත. මම කියන්න කැමැතියි සාම්ප්‍රදායික අර්ථයෙන් එන්.පී.පී. විරෝධී කඳවුරට පුළුවන් වෙලා තිබෙනවා කොළඹ නගර සභාවේ මේ බලය ලබාගැනීමේ ආචාරධාර්මික පදනම ප්‍රශ්න කරන්න. ඒක ඒගොල්ලන්ට ඉතා අගනා ප්‍රචාරක මෙවලමක් විදියට පාවිච්චි කරන්න පුළුවන් සහ පාවිච්චි කෙරෙනවා. කොහොමද ඒ ආචාරධාර්මික ප්‍රශ්නය මතුවෙන්නේ? ප්‍රශ්න දෙකක් මතුවෙනවා. නාගරික කොමසාරිස්වරිය තමන්ට ලැබිලා තියෙන විධිවිධානවලට අනුව ක්‍රියා කරන්නේ නැතුව ජාතික ජන බලවේගයට පක්ෂපාතී වෙන ආකාරයෙන් රහස් ඡන්දය පැවැත්වීම සම්බන්ධ ක්‍රියාමාර්ගය අනුගමනය කළා කියන එක. ඊළඟට තව ප්‍රශ්නයක් තමයි රහස් ඡන්දය කියන එකම. ඇයි රහස් ඡන්දයක් පැවැත්වූවේ. ඇයි මේකට විවෘත ඡන්දයක් පැවැත්වීමට නොහැකි වුණේ? ඒකට කියන්න පුළුවන් මීට පෙර මුජිබර් රහුමාන් කියලා තිබුණා කියලා රහස් ඡන්දයක් තිබ්බා නම් අපි දිනනවා කියලා. කියන්න පුළුවන් රහස් ඡන්දය කියන එක ක්‍රියාමාර්ගයක් විදියට දෙපාර්ශ්වය විසින්ම ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ නිසා රහස් ඡන්දය යම්කිසි සුජාත ඡන්ද විමසීමේ ක්‍රමයක් විදියට භාර අරගෙන තිබුණා කියන එක දෙපැත්තටම කියන්න පුළුවන්.

ඒක දෙපැත්තම කියනවා. නමුත් මම හිතන්නේ ඒ නීතිමය විධිවිධාන කෙසේ වෙතත් දේශපාලනයේ ආචාරධාර්මික පැත්තෙන් ගත්තාම මෙවැනි අවස්ථාවක රහස් ඡන්දයක් පැවැත්වීමේ ගැටලුවක් තිබෙනවා. මේ පිළිබඳ විවිධ මතභේද තිබෙනවා. හිටපු මැතිවරණ කොමසාරිස්වරයා මහින්ද දේශප්‍රිය මහත්මයත් ඒ රහස් ඡන්දයට පක්ෂව අදහස් ඉදිරිපත් කරලා තිබුණා. මගේ අදහස තමයි මේ තිබුණු රහස් ඡන්දය වැරැදි නම් ඇයි සාමාන්‍ය මැතිවරණවලදී සාමාන්‍ය ඡන්දදායකයන් රහසේ ඡන්දය දෙන්නේ? මම හිතන්නේ ඒක වෙනස්. මේ ගැන සමහරු කියලා තිබුණා ඒ ඡන්දත් එළිපිට වෙන්න ඕනේ කියලා. මම ඒක පිළිගන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයන් විදියට අපි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන කොට රහස් ඡන්දය කියන එක වැදගත්. ඒක මගේ හෘදය සාක්ෂියට අනුව බාහිර බලවේගයකට බලපෑමකින් තොරව බාහිර බලවේගයක බලපෑමෙන් තොරව මට ඡන්දය දීමට හැකියාව ලැබෙන්නේ මගේ ඡන්දය මට රහසේ දෙන්න පුළුවන් නම් පමණයි.

නමුත් මේ වගේ අවස්ථාවකදී තිබෙන්නේ වෙනත් තත්ත්වයක්. මෙතැනදී ඡන්දය දෙන්නේ නියෝජිතයෝ. මෙතැනදී මේ මන්ත්‍රීවරු කියලා කියන්නේ පාර්ලිමේන්තුවට යන අය වෙන්න පුළුවන්. මේ අය මහජනයාගේ නියෝජිතයෝ. එතකොට මේ අයට සම්පූර්ණයෙන්ම තමන්ගේ හෘදය සාක්ෂියට අනුකූලව නෙවෙයි ඡන්දය දිය යුත්තේ. ඒ අය ඡන්දය දිය යුත්තේ තමා පත්කරනු ලැබූ ඡන්දදායක කොට්ඨාසයේ අනුමැතියට යටත්ව. ඒ නිසා අවසාන වශයෙන් ඒ අයට ඡන්දය දීපු පිරිස්වලට අයිතියක් තිබෙනවා දැනගන්න තමා පත්කරපු කෙනා කාටද ඡන්දය දුන්නේ කියන එක. මට දැනගන්න ලැබුණු උදාහරණයක් ඇසුරින් මම මේක කියන්නම්. ඇමෙරිකානු කොංග්‍රස් සභිකයෙක් තමන්ගේ ඡන්දදායක කොට්ඨාසයට ගිහින් එක අවස්ථාවක කියලා තියෙනවා මොකක් හරි කොංග්‍රස් සභාවේ සාකච්ඡාවට ලක්වෙන පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන්. ඔහු කියලා තියෙනවා මම මේ කෙටුම්පතට පක්ෂව ඡන්දය දෙනවා, මොකද ඒක හරි තීරණය නිසා කියලා. එතකොට රැස්වීමේ හිටපු එයාගේ ඡන්දදායකයන් කිව්වලු අපි තමුන්නාන්සේව කොංග්‍රස් සභාවට යැව්වේ හරි තීරණ ගන්න නෙවෙයි, අපිට කියන්න ඕනේ දේ තමුන්නාන්සේ ලවා එතැනදී කියවන්න කියලා. මේක ඇත්ත වශයෙන්ම සිදුවුණු දෙයක් වුණත් නැතත් ඒ උදාහරණය ඉතා වැදගත්. ඒකෙන් කියන්නේ නියෝජිතයෙක් කටයුතු කළ යුත්තේ තමන්ගේ හෘදය සාක්ෂියට අනුව නෙවෙයි කියන එක. තමන් පත්කරනු ලැබූ ජනතාවගේ අනුමැතියට යටත්ව කියන එක.

මෙතැනත් තියෙනවා ප්‍රශ්නකාරී තත්ත්වයක්. අපි උදාහරණයක් විදියට මේ අවස්ථාව ගමු. ජාතික ජන බලවේගයට තමයි කොට්ඨාස පදනම් කරගෙන වැඩි මන්ත්‍රී ධුර ගණනක් ලැබුණේ. අනිත් අය ලැයිස්තු මන්ත්‍රීවරු. ඒ ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ඡන්දය ලැබුණේ මුළු කොළඹ නගර සීමාවෙන්ම. නගර සභාවට අයිති මුළු සීමාවෙන්ම. ඒ අයට විවිධ ස්වාධීන කණ්ඩායම් විදියට ඡන්ද බෙදිලා ගිහින් තිබුණා. මේකේ අභිලාෂය මොකක්ද කියන එක හොයාගන්න බෑ. එතැන ප්‍රශ්නයක් තියෙනවා. මෙතැන ඉන්නවා පක්ෂවලට අයිති අය, ස්වාධීන කණ්ඩායම් වගේ විවිධ අය. එතකොට මේගොල්ලන්ට ඡන්දය දුන්න අය එහෙම එකතු වෙලා කියන්නේ නෑ අපි කැමැති මේකට කියලා. හැබැයි ඒගොල්ලෝ ඡන්දේ දුන්නේ වෙන වෙනම. කෙනෙක් කියන්න පුළුවන් මේ අය ඔක්කොම ජාතික ජන බලවේගයට විරුද්ධව ඡන්දේ දුන්න බව. නමුත් එහෙම කියන්න බෑ. එහෙම කියන්න තාර්කික පදනමක් නෑ. ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ ජාතික ජන බලවේගය වෙනමයි, ඊට විරුද්ධ වෙනමයි කියලා නෙවෙයිනේ. එහෙම නම් කියන්න ඕනේ මේ අය ඔක්කොම ජාතික ජන බලවේගයට විරුද්ධව ඡන්දේ දීපු අය කියලා. හැබැයි ඒ වගේම ඕනේ නම් කියන්න පුළුවන් මේ අය සමගි ජන බලවේගයටත් විරුද්ධව ඡන්දේ දීපු අය කියලා.
රටේ දේශපාලන නැඹුරුව නිසා තමයි මේක ජාතික ජන බලවේගය සහ ඊට විරුද්ධ කියලා හැදිලා තියෙන්නේ. ඒක ඒ විදියට භාරගැනීම සඳහා තාර්කික පදනමක් නැහැ. අපිට කියන්න බැහැ ජාතික ජන බලවේගය නොවන සියලු දෙනා ජාතික ජන බලවේගයට විරුද්ධව දීපු ඡන්ද. ඒක තමයි ඒකේ නිර්වචනීය ලක්ෂණය කියලා කියන්නේ. ඒක ඕනේ කෙනෙකුට අදාළව කියන්න පුළුවන්. ඒ නිසා ඒකට ශක්තිමත් පදනමක් නැහැ. මේ ඔක්කොම ජාතික ජන බලවේගයට විරුද්ධව ලැබුණු ඡන්ද, ඒ නිසා ඒ ඡන්ද ලැබිය යුත්තේ ජාතික ජන බලවේගයට විරුද්ධ අපේක්ෂකයාටයි කියලා කියන්න පදනමක් නෑ. මේ හැමෝටම වෙන වෙනම ලැබුණු ඡන්ද. ඒ නිසා කෙනෙක් කියන්න පුළුවන් එක එක කණ්ඩායම්වලට අයිතියක් තිබෙනවා තමන් නගරාධිපතිවරයා තෝරන මැතිවරණයේදී කවුරු වෙනුවෙන්ද ක්‍රියා කරන්නේ කියලා තීරණය කරන්න. එතැනදී ඒකේ ස්ථිරභාවයක් නැහැ. ඡන්දය අවස්ථාවේදී බෙදුණේ ඒ විදියට නෙවෙයි. ඡන්දය අවස්ථාවේ බෙදුණේ එකිනෙක පක්ෂ කණ්ඩායම් විදියට. එතකොට කියන්න බෑ අහවලාට විරුද්ධව ලැබුණු ඡන්දයක් කියලා. ඒක මම හිතන්නේ සැලකිල්ලට ගතයුතු දෙයක්.

විවෘතව ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කමක් තිබෙනවා. විවෘතව ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම කියන්නේ, මම යම්කිසි අපේක්ෂකයකුට ඡන්දය දුන්නා නම් මම දන්නවා ඒ අපේක්ෂකයා කා වෙනුවෙන්ද ඡන්දය ප්‍රකාශ කළේ කියලා. එතකොට මට අඩු තරමේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්න පුළුවන්. මම අකැමැති නම් ඒ තීරණය කියන්න පුළුවන්. උදාහරණයක් විදියට ඒ නියෝජිතයා මම දන්නවනේ. අඩු තරමෙන් ඊළඟ අවස්ථාවේදී මට නැවතත් එයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අවස්ථාව ලැබුණාම, මට අවස්ථාව ලැබෙනවා අර තීරණය මත මගේ ඊළඟ ඡන්දය තීරණය කරන්න. දැන් එයාට ඕනේ එකක් කියන්න පුළුවන්. එයාට කියන්න පුළුවන් ඒ වෙලාවේ එන වාසි තත්ත්වයට අනුව කොයි පැත්තටද ඡන්දේ දුන්නේ කියලා. ඕනේ නම් නොකියා ඉන්නත් පුළුවන්.

මේවා විධිවිධාන සරල දේවල් නෙවෙයි. මෙතැන තියෙනවා මහජන නියෝජිතයෙක් ආවාම, තමන් පත්කරපු මහජනයා වෙනුවෙන් හෘදය සාක්ෂියක් තුළ ක්‍රියා කිරීමේ ඉඩක් තිබිය යුතුයි කියන එක. ඒකේ දෙපැත්තක් තියෙනවා. කියන්න පුළුවන් මේක මහජනයාට පේන්නත් ඕනේ, හැබැයි මහජනයාට විතරක් නෙවෙයි තවත් අයට පේනවනේ. මම පාරට ගිහින් කල්පනා කරනවා මම බස් එකක නැගලා යනවද, ත්‍රිරෝද රථයක නැගලා යනවද කියලා. එතකොට කියන්න පුළුවන් මට ඉක්මනට යන්න ඕනේ, ඒ නිසා මට ත්‍රිරෝද රථයකින් යන එක තමයි ඉක්මන් වෙන්නේ කියලා. නමුත් බස් එකේ ගියොත් මගේ සල්ලි ඉතුරු වෙනවා. හැබැයි මට ඉක්මනට යන්නත් ඕනේ. අඩුවට යන්නත් ඕනේ. මම මේ දෙක කල්පනා කර කර ඉඳලා තීරණයක් ගන්න ඕනේ. බස් එක යන්න කලින් තීරණය කරන්න ඕනේ මම බස් එකේ නගිනවද නැද්ද කියලා. සමහර වෙලාවට යම් තීරණයක් ගන්න පුළුවන් ඒ දෙගිඩියාවක් තියෙද්දී.

ඒ නිසා මේ රහස් ඡන්දය කියන විධිවිධානය ඇතිකරලා තියෙන්නේ මේ ප්‍රශ්නය විසඳිලා නෙවෙයි. ඒක නිසා ඒක විවෘතව තියෙනවා. හැබැයි මේකෙන් වෙලා තියෙන්නේ මේකේ තියෙන ආචාරධාර්මික බව අවශ්‍ය විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ජාතික ජන බලවේගයට මේක ආචාරධාර්මික පරාජයක් කියලා.

History with Nirmal යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ගමනක අවසානය කොළඹ ජයග්‍රහණයද? Sri Lanka Latest News

Next Post

කොළඹ දාපු ඩීල් මෙන්න! 60 දවස් 2කට 54ට බැස්සේ කොහොමද? Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.