ඩෙංගු මදුරු මර්දනය සහ පාලනය කිරීම සදහා ලබන ඉරිදා (07) සිට ජාතික මට්ටමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර ගෙන තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මෙම විශේෂ ජාතික මට්ටමේ වැඩසටහන් මාලාව ඩෙංගු අවදානම් කළාප කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට නියමිතයි.
මෙම විශේෂ වැඩසටහන දිවයිනේ සියළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල කෙන්ද්‍ර කරගෙන සිදු කෙරෙන අතර, පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සදහා ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, ඩෙංගු මදුරු මර්දන සහායකයින් සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම්ල ග්‍රාමීය කමිටු සාමාජිකයින්, ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේ ද සහයෝගය ලබාගැනීමට නියමිතයි.










