බදුල්ල මහ රෝහලේ පරිශ්‍ර ගණනාවක විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා විදුලිය විසන්ධි කර ඇති බවත් ඊට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිලන් රථවලට ඉන්ධන සපයා ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
එබැවින් බදුල්ල රෝහලේ විදුලි බිල ගෙවන ලෙසත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිලන්රථ සදහා ඉන්ධන ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර බදුල්ල ශික්ෂණ රෝහලේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ.
බදුල්ල ශික්ෂණ රෝහලේ හෙද නේවාසිකාගාරය, හෙද විදුහල, වෛද්‍ය නිල නිවාසවල පෙරේදා (අගෝ. 9) විදුලිය විසන්ධි කළ අතර ඊයේ (අගෝ. 10) විශේෂඥ වෛද්‍ය නිල නිවාස පරිශ්‍රයේ විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබිණි.
රුපියල් කෝටි 6 කට ආසන්න වටිනාකමකින් බදුල්ල ශික්ෂණ රෝහලේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මෙම පියවර ගත් බව විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ ය.










