ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට දින කිහිපයක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ (25) ස්වයංක්‍රීයව විවෘත වී තිබේ. Sri Lanka Latest News
අඛණ්ඩව ඇද හැලෙන මෙම වර්ෂාව හේතුවෙන් ජලාශයේ ජල මට්ටම ඉහළ යාම මෙයට හේතුවයි.
එමෙන්ම, මෙම අධික වර්ෂාවත් සමඟ ඩෙවෝන් (Devon) සහ ශාන්ත ක්ලෙයාර් (St. Clair) දියඇලිවල ජල මට්ටම ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
මේ හේතුවෙන් මෙම දිනවලදී දියඇලි දෙක ඉතාමත් අලංකාර අන්දමින් හා වර්ෂාවටම විශේෂිත වූ දසුනක් ලෙසින් දක්නට ලැබෙන බව වාර්තා වේ.
ජලාශයේ පහළ ප්‍රදේශවල සහ දියඇලි ආශ්‍රිතව ගලා බසිනා ගංගා අසල සිටින ජනතාව විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බවට අදාළ අංශ දැනුම් දෙයි.




















