අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු වන රත්මලානේ සයිමා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු තිදෙනෙක් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
එරට සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ඔහු රැගෙන ඒමට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඇතුළු පොලිස් කණ්ඩායමක් මැලේසියාවට ගොස් ඇත.
දෙහිවල, රත්මලාන සහ ගල්කිස්ස ආශ්‍රිතව මත්කුඩු ජාවාරමේ නිරත මෙම පාතාල අපරාධකරු මිනිස් ඝාතන කිහිපයකටද වගකිව යුක්තෙක් බව සඳහන්ය.










