දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසනවා.Sri Lanka Latest News
මීගමුවෙන් පැමිණි කාවඩි නර්තන කණ්ඩායමක ඩ්‍රම්ස් වාදනය කරන සාමාජිකයකු මෙලෙස මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවයි.
අද (28) දිනයේදී ද පෙරහරේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා. පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 1500කට අධික පිරිසක් යොදවා ඇතැයි ද පොලිසිය පවසනවා.
මේ අතර, ඊයේ (27) පැවැති පස්වැනි පේළි පෙරහරේ අලි ඇතුන් දක්නට නොලැබුණු බව වාර්තාකරු සඳහන් කරනවා.
අද (28) පේළි පෙරහර පස්වරු 2.00ත් 3.00ත් අතර කාලයේදි විදී සංචාරය සඳහා ආරම්භ වන බවත්, දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික රන්දෝලි පෙරහර හෙට (29) ආරම්භ වීමට නියමිතව ඇති බවත් වාර්තා වෙනවා.











