• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මන්ත්‍රීලට සුරලොව – ජනතාව යමලොව! කඳබඩ පුරවනවද? බඩකඩ පුරවනවද? Sri Lanka Latest News

September 6, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මන්ත්‍රීලට සුරලොව – ජනතාව යමලොව! කඳබඩ පුරවනවද? බඩකඩ පුරවනවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටක සංවර්ධනය නමින් අර්ථකථනය කරනු ලබන්නේ කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන සේවා අංශය ඉහළ නැංවීමත්, ඒකපුද්ගල ආදායම ඉහළ නැංවීමත් වේ. එමෙන්ම සමාජයීය, සංස්කෘතික, සදාචාරාත්මක හා ආර්ථික වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදූ පසු ඉන් ‘ආර්ථික සංවර්ධනයට’ ප්‍රමුඛතාවක් ලබාදීම ජාතික සංවර්ධනය නමින් අර්ථකථනය කරනු ලබයි. ශ්‍රී ලංකාව වසර ගණනාවක් මුළුල්ලේ සිටම තවමත් තුන්වැනි ලෝකයේ රටකි. ඊට මූලිකවම බලපා ඇති හේතුවක් ලෙස අපගේ මතය නම් ශ්‍රී ලංකාවේ සමාජයීය, සංස්කෘතික, සදාචාරාත්මක හා ආර්ථික යන ක්ෂේත්‍ර තවමත් සංවර්ධනය නොවී තිබීමයි. එයිනුත් නිතැතින්ම සංවර්ධනය වියයුතු ආර්ථික ක්ෂේත්‍රය තුළ මූලික අරමුණු පවා තවමත් නොදියුණු ස්වරූපයක් දක්නට ලැබීමයි.Sri Lanka Latest News

ඒ අනුව සංවර්ධන ක්ෂේත්‍රයට අදාළ විද්වතකු වන ඩඩ්ලි සියස් සංවර්ධනය යන්නට ඉදිරිපත් කර ඇති නිර්වචනය අපගේ ඉහත අදහස තවදුරටත් අර්ථ ගන්වනු ලබයි. ඒ අනුව ‘සංවර්ධනය යනු රටක දුප්පත්කම, අසමානතාව හා විරැකියාව අඩුකිරීම හෝ අහෝසි කිරීම බව ඩඩ්ලි සියස් ඉදිරිපත් කරනු ලබන මතයයි. සංවර්ධිත රටක මූලික වශයෙන්ම සිදුවිය යුතු දෙයක් නම් මිනිසුන්ගේ දුප්පත්කම, එසේත් නැතිනම් දරිද්‍රතාව අවම කිරීම මෙන්ම පන්ති භේදය තුරන් කිරීම හා රටේ ජනතාවට ජීවත්වීම වෙනුවෙන් රැකියා අවස්ථා ලබාදීම යන්න අර්ථ ගැන්විය හැකිය. මෙහිදී දුප්පත්කම එසේත් නැතිනම් දරිද්‍රතාව යන ක්ෂේත්‍රය පිළිබඳ අර්ථ ගැන්වීමේදී මූලික මිනිස් අවශ්‍යතා පිළිබඳ සඳහන් කළ හැකිය. එනම් මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවයි. තවමත් ලංකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන හා තුන්වේල හෝ නැතිනම් අවම වශයෙන් දිනකට වේල් දෙකක් හෝ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි දරිද්‍රතාවයෙන් පෙළෙන බොහෝ පවුල් ලංකාවේ අදටත් දක්නට හැකිය.

ඒ අනුව ලංකාවේ වයස අවුරුදු පහට අඩු ළමයින් තුළ මන්දපෝෂණය 17% දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ප්‍රකාශ කොට ඇත. මීට මූලිකවම හේතුවී ඇත්තේ ආහාර හිඟයයි. තවදුරටත් සඳහන් කිරීමේදී ආහාර හිඟය නිසා දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීම 20%කින් පමණ වැඩිවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අදහස් දක්වා ඇත. රෝහලට ඇතුළත් කරන ළමයින්ගෙන් බොහෝ පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව හෙතෙම තවදුරටත් සඳහන් කොට ඇත. ගර්භණී සමය තුළ වුවද මවුවරුන් හට නිසි ආකාරයේ පෝෂණයක් නොලැබීමත් නව ලොව දකින කිරි දරුවන්ට පවා ත්‍රිපෝෂ පැකට්ටුව වුවද නොලැබෙන වාතාවරණයක් තවමත් ලංකාව තුළ පැවැතීමත් ඊට හේතුවය. එමෙන්ම කාන්තාවන් මූලික කොටගත් පවුල්වලට ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබෙන බවද මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා එම වාර්තාව තුළ පෙන්වාදී ඇත. නිතැතින්ම පිරිමි දරුවන්ට සාපේක්ෂව වැඩිවිය ඉක්මවූ පසු ගැහැනු දරුවන් කායිකව ශක්තිමත් විය යුතුය. මන්දයත් ඇය කෙදිනක හෝ මවක වීමේදී කායික වශයෙන් ඇගේ ශක්තිය අත්‍යාවශ්‍ය වන බැවිනි. හුදෙක් මෙම තත්ත්වය රටක දරිද්‍රතාව නොවේද? මූලික අවශ්‍යතා වන ආහාර අවශ්‍යතාව කඩවීමක් නොවේද?

එමෙන්ම ශ්‍රී ලංකාවේ පවුල්වලින් 16% ප්‍රමාණයකට පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබෙන බවට ලෝක ආහාර වැඩසටහන පෙන්වාදී ඇත. මෙරට පවුල් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් බඩගින්න නිවාගැනීම සඳහා ගන්නා ආහාර වේල් ගණන අඩුකිරීමට හෝ වේලක් සඳහා ගන්නා ආහාර ප්‍රමාණය අඩුකිරීමට හෝ තමන් කැමැති ආහාර ගැනීම අඩුකිරීමට හෝ පෙලඹී ඇති බව ඔවුන් තවදුරටත් පැහැදිලි කරනු ලබයි. මෙම තත්ත්වය ඍජුවම දරුවන්ගේ මන්දපෝෂණයට බලපානු ඇත. එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කරනු ලැබුවේ වතුකරයේ මලයාලම් දෙමළ ප්‍රජාව ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන් දරිද්‍රතාවයෙන් දරුණු ලෙස පීඩාවට පත්වූවන් සහ වෙනත් අවදානම් තත්ත්වයන් යටතේ සිටින පුද්ගලයන්ට ආර්ථික අර්බුදයේ සහ වත්මන් ණය බරෙහි බරපතළ බලපෑම් මෙම තත්ත්වයට හේතු වී ඇති බවය.
මෙවැනි තත්ත්වයක් මත වුවද වෙළෙඳසල්හි පවත්නා ආහාරපාන ආදියෙහි සෞඛ්‍යාරක්ෂිතභාවයද ඉතා අවමය. බොහෝ ආහාර කල් ඉකුත්වී එසේත් නැතිනම් ආහාරයට නුසුදුසු වේ. එසේ නැතිනම් අධික ලෙස ශරීරයට අහිතකර අමුද්‍රව්‍ය ආදිය යොදා එම ආහාරපාන සකස් කොට ඇත. මෙවැනි සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාරපාන හේතු කරගෙන ජනතාව තුළ සෞඛ්‍යමය ගැටලු ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවකුත් වර්තමානය තුළින් බොහෝ සෙයින් වාර්තා වේ. මෙවැනි තත්ත්වයන් තුළින් රටේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා කඩවී ඇති බව මනාව පසක් වනු ඇත. මන්දයත් රජයේ වගකීම වනුයේ රටේ ජනතාව වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත බවින් යුතු ආහාර ලබාදීම හා ඔවුන්ගේ දරිද්‍රතාව අවම කරමින් පෝෂණයෙන් යුතු ආහාරවේලක් ලබාදීමයි. නිතැතින්ම එය ඔවුන් අතින් වන්නේද යන්න මාගේ ගැටලුවයි.

මෙවැනි වාතාවරණයක් මැද්දේ පසුගිය සතියේ මාධ්‍යවල පළවූ පුවතකින් කියැවුණේ පාර්ලිමේන්තුවේ කෑමවල සෞඛ්‍යාරක්ෂිත බව ඉහළ නැංවීම සඳහා කමිටුවක් පත්කිරීමට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇති බවය. ශ්‍රී ලංකාවේ එක් පාර්ලිමේන්තු සභා වාරයක් පැවැත්වීමේදී මැති ඇමැතිවරුන් වෙනුවෙන් එක් දිනකදී ඔවුන්ගේ සුඛෝපභෝගී ආහාර වේල වෙනුවෙන් යන වියදම ඉතා ඉහළය. රටේ උත්තරීතර වූ පාර්ලිමේන්තුව තුළ සුඛෝපභෝගී නොවන සෞඛ්‍යසම්පන්න නොවන ආහාර ඇති බව ඔබ පිළිගන්නේද? මෙය හුදෙක් ප්‍රශ්නගත කරුණකි. රටේ බලය හිමි රටේ පාලකයන් සුඛෝපභෝගී ආහාර නොගන්නා බව පිළිගන්නවාද? එතරම් සුඛෝපභෝගී ආහාර හෝ සෞඛ්‍ය සම්පන්න ආහාර ඔවුන් භුක්ති විඳිමින් සිටියදීද තවදුරටත් පාර්ලිමේන්තු ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට යෝජනා හා කමිටු ඉදිරිපත් වීම යුක්තිසහගත බව මතුව ඇති වාතාවරණය යටතේ පිළිගත හැකිද? රටේ ජනතාව වෙනුවෙන් සුඛෝපභෝගී ආහාර නොලැබුණත් අවම ඔවුන් පරිභෝජනය කරනු ලබන ආහාරවල වුවත් පවත්නා සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ නිරන්තරයෙන්ම වදවේද? නමුත් පාර්ලිමේන්තුවේ පවත්නා මුළුතැන්ගෙය වෙනුවෙන්, පාර්ලිමේන්තුවේ පවත්නා ආහාර අමුද්‍රව්‍ය ලබාගැනීමේ සිට ආහාර නිෂ්පාදනය ගබඩා කිරීම පිළිගැන්වීම පිළිබඳ විවිධ විමර්ශන සිදුකරනු ලබයි.

රටේ ජනතාවගේ නිවෙස් තුළ තැනී ඇති මුළුතැන්ගෙහි ආහාර වේල් කීයක් නම් පිසිනවාද, ඔවුන් ආහාර පිසීමට යොදාගන්නා අමුද්‍රව්‍ය සුරක්ෂිතද යන්න සොයාබැලීම ඔවුන්ගේ මූලික කාර්ය විය යුතු නොවේද? එමෙන්ම පාර්ලිමේන්තුවේ සෞඛ්‍යසම්පන්න ආහාර වෙනුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රාජ්‍යය ඉංජිනේරු සංස්ථාව පිළිබඳ විශේෂඥයන්, මුළුතැන්ගේ කටයුතු පිළිබඳ විශේෂඥයන්, ගෘහනිර්මාණ ශිල්පීන්, ආහාරපාන හා ගෘහපාලන සේවා අධ්‍යක්ෂවරයෙක්, පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණයට ඉංජිනේරුවරයෙක් ඇතුළු කමිටුවක් ඒ වෙනුවෙන් පත්කොට ඇත. එනමුත් ජනතාව ආහාරපාන ගනු ලබන වෙළෙඳසල් තුළ පවත්නා ආහාර ආදියෙහි සුරක්ෂිතතාව වෙනුවෙන් අවම වශයෙන් එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙක් සතියකට වරක් හෝ ඒ පිළිබඳ පිරික්සුම් කිරීමට උත්සුක වනුයේද? ඉදින් මෙවැනි තත්ත්ව හමුවේ ශ්‍රී ලංකාව තවමත් තුන්වැනි ලෝකයේ රටක් වීම හා තවමත් නොදියුණු ආර්ථික ක්‍රමවේදයක් අප රට තුළ පැවැතීම ඉතාමත් ඛේදජනක තත්ත්වයකි.
ප්‍රභූන්ට පමණක් මෙවැනි සුඛෝපභෝගී ආහාර හා සෞඛ්‍යාරක්ෂිත ආහාර ආදිය භුක්ති විදීමට හැකිවීම යුක්තිසහගත වන්නේද? එය හුදෙක් ඔවුන් හට පමණක් විශේෂ වරප්‍රසාද හිමි වාතාවරණයක් නොවේද? තවද මේ හේතුවෙන් සමාජය තුළ පවත්නා සමාජ සබඳතාව බිඳවැටීමේ තත්ත්වයක් ඇත. මන්දයත් ධනපති – නිර්ධනපති හා ප්‍රභූ – සාමාන්‍ය ජනතාව යන පන්ති භේද ක්‍රියාවලිය හේතු කරගෙන රටේ ජනතාවට ප්‍රභූන් හමුවේ විඳීමට සිදුවන දුක්ඛිත තත්ත්වයන් ඉතා ප්‍රබල බැවිනි. ප්‍රභූ පැලැන්තියේ මෙවැනි විශේෂ වරප්‍රසාද බල ව්‍යුහය හේතුවෙන් රටේ සාමාන්‍ය ජනතාව හට තුන්වේල සකසා ගැනීමට පවා නොහැකි වීම මෙන්ම මන්දපෝෂණය ඇති ළදරුවන් සංඛ්‍යාව ඉහළ යෑම නිතැතින්ම සිදුවේ.

එනමුත් විය යුත්තේ නම් මෙය නොවේ. රටේ උත්තරීතර පාර්ලිමේන්තුව යනු හුදෙක් රට සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා මූලිකම ආයතනයයි. එහි සේවය කරන්නේ ද රට පාලනය කරන මැති ඇමැතිවරුන්ය. ඔවුන් හට පාර්ලිමේන්තු වරප්‍රසාද, වැටුප්, නිල නිවාස, නිල වාහන ආදී සියල්ලද ලැබෙනු ඇත. එහිදී රටේ අහිංසක ජනතාවගේ මූලික අවශ්‍යතා වුවද සපුරාලීම පිළිබඳ නොසලකා තවදුරටත් ඔවුනගේම අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීම යුක්තිසහගත නොවේ. සැබෑ ලෙසම නම් සිදුවිය යුත්තේ මැති ඇමැතිවරුන්ගේ කඳ බඩ පිරවීමට පෙර අහිංසක ජනතාවගේ බඩකට පිරවීමයි. රටේ ජනතාවගේ මූලිකම අවශ්‍යතා වෙනුවෙන් මැදිහත්වීමයි. එය නොවන තාක් රටේ ආර්ථිකයත්, රටේ ජනතාවගේ පෝෂණයත් නිසැකවම පිරිහෙනු ඇත. එය ශ්‍රී ලාංකික උත්තරීතර පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතිවරුන් හට නොතේරීම තවදුරටත් ‘ශ්‍රී ලංකාව තුන්වැනි ලෝකයේ රටක්’ වීම යන්නට සාක්‍ෂි දරනු ඇත.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

SendShareShare
Previous Post

ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතුමයි! අපි පාර්ලිමේන්තුවට ඇවිත් ඉතිහාසය රැකගන්න පොදු සටනක් දියත් කරමු! මහා සංඝරත්නය-කලාකරුවන්-උගතුන්-වියතුන්-දේශපාලඥයන් සියලු දෙනා ඉන්න පොදු වේදිකාවට ගොඩවෙච්ච සජිත් කරපු කතාව මෙන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අනුරගේ කච්චතිව් ගමන ඉන්දියාව කොහොම කියවයිද? Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.