වැලිගම සභාපති ඝාතනය කිරීමේ සිද්ධිය මුල්කරගෙන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය දැඩිව විවේචනය කරමින් මුජිබර් රහුමාන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්ත්‍රීවරයකුව සිටි සමයේ ඝාතන සංස්කෘතිය විවේචනය කරමින් කළ ප්‍රකාශයක් විකාශය කර පෙන්වීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
ඒ, හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට එක්වෙමිනි.
එහිදී එවක සිටි අමහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කළ අනුර කුමාර දිසානායක මහතා කිසිවකුටත් ඝාතන සංස්කෘතිය සාධාරණය කිරීමට නොහැකි බව පෙන්වා දුන්නේය.
ඒ අනුව මුජිබර් මන්ත්‍රීවරයා කියා සිටියේ අනුර කුමාර දිසානායක මහතා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ආනන්ද විජේපාල මහතාට යැයි කියාය.










