ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ලිඳුල නාගසේන ටෙලිකූට්ටි වතුයාය ආසන්නයේ පිහිටි කැලෑවක සකස් කර තිබූ මද්දකට අසුවූ කදුකර කොටියෙකු බේරා ගැනීමේ මෙහෙයුමක් ඊයේ (27) දහවල් ආරම්භ විය.Sri Lanka Latest News
කදුකර කොටියා කොටුවී සිටින බව දුටු වතුයායේ නිලධාරීන් වහාම ලිඳුල පොලිසිය සහ නුවරඑළිය වනජීවී කාර්යාලය දැනුවත් කර ඇත.
ඒ අනුව එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් විසින් කොටියා බේරා ගැනීමේ මෙහෙයුම දහවල් 12.00ට පමණ ආරම්භ කල අතර සවස 04.00 වන කදුකර කොටි පැටවා ආරක්ෂිතව බේරා ගැනීමට හැකි විය ,
අවුරුදු දෙකක් පමණ වයසැති බවට විශ්වාස කෙරෙන මෙම කදුකර කොටියා වනජීවී පශු වෛද්‍යවරයෙකු ඇතුලු වන ජීවී නිලධාරී කණ්ඩායම නිර්වින්දනය කර බේරා ගැනීමට කටයුතු කල අතර මේවන විට බේරාගත් කදුකර කොටිි පැටවා වන ජීවී නිලධාරින් බාරයේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටි .














