• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට හර්ෂ බරපතළ අනතුරු ඇඟවීමක් කරයි! මේක කරන්න එපා! ඉස්සරහට මහා විනාශයක් වෙන්න පුලුවන්! (VIDEO)

October 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් වික්‍රමසිංහට මොකෙද්ද වැහිලා! මේ කරන අමනෝඥ වැඩවලින් රට තවත් වළපල්ලට යනවා! තුවක්කුවෙන් මේවා කරන්න බෑ රනිල්! හර්ෂ රනිල්ට දුම් විසිවෙන්න ගහයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්සහ මහතා මේ රටේ ජනාධිපතිවරයා වනවිට සිටියාට වඩා වැඩි ප්‍රමාණයක් ඔහු ඉල්ලා අස්වනවිට දුප්පත්වී ඇති බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

“අපි හිතන් හිටියේ අපේ රටේ දුප්පත්කම ශීඝ්‍රයෙන් අඩු වෙලා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව 3 – 4%ට තියෙනවා කියලා. අවසානයේ කරපු ආදායම් විදයම් සමීක්ෂණය අනුවයි දරිද්‍රතාවය කොච්චරක්ද කියල හොයාගන්නේ. සාමාන්‍ය පවුලක ආදායම, වියදම, ඉතිරි කිරීම, ණය කොච්චරද කියලා හොයාගන්නේ සමස්තයක් හැටියට රටේ ආර්ථිකයේ ගැන දැනගන්නෙ මේ අවුරුදු තුනකට සැරයක් කරන ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණය තුළින්. අපි හිතන් හිටියේ පරණ දර්ශකවලට අනුව 2019 වෙනකොට ශ්‍රී ලංකාවේ දුප්පත්කම 3.2%යි කියලා. හැබැයි අපි දැන් දන්නවා ශ්‍රී ලංකාවේ දුප්පත්කම 14.3% යි කියලා. එය විශාල වැඩිවීමක්. අපි හිතාගෙන හිතපු දේ නෙමෙයි ඇත්තටම මහපොළොවේ තිබිල තියෙන්නේ.

දරිද්‍රතා රේඛාවක් එයට අනුව අපි බලනවා පුද්ගලයෙක්ට මැරෙන්නේ නැතිව ජීවත් වෙන්න කොච්චර කැලරි ප්‍රමාණයක් දවසකට අවශ්‍ය ද කියලා. බත් වලින් කොච්චර ලැබෙනවද, පිටිවලින් කොච්චරද, පරිප්පුවලින්, මාළුවලින්, පලතුරුවලින් යන ආදි වශයෙන්. සමහරුන්ට 2030ක් කිලෝ කැලරි අවශ්‍යයි කියලා තියෙනවා. එහිදී මේ කිලෝ කැලරි 2030 ලබාගන්න හතර දෙනෙක් ඉන්න පවුලකට 2019 රුපියල් 27864 වියදම් වෙලා තිබුණේ. නමුත් 2022 අගෝස්තු වෙන විට මේ සංඛ්‍යාව රුපියල් 53840ට වැඩි වෙලා තියෙනවා. කොළඹ නගරය ගත්තොත් රුපියල් හැට දාහකට වැඩි වෙලා තියනවා. දරිද්‍රතා රේඛාව අනුව එහිදී හිතාගන්න පුළුවන් 14.3% ඉඳලා ගෝඨාභය රාජපක්ෂ ආපු දවසේ ඉඳලා අද වෙනකොට කොච්චර දුරට මේ දුප්පත්කමේ ගැටලුව තවදුරටත් භයානක වෙලා සංකීර්ණ වෙලා පුළුල් වෙලා තියෙනවද කියන එක” යි මන්ත්‍රීවරයා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආගමනයේ ඉඳලා ගිය මාසය වෙනකම් ආහාර උද්ධමනය 133%කින් වැඩි වෙලා. සෞභාග්‍ය ගෙනාපු පුද්ගලයා හොඳටම කරනකොට ඒ හොඳටම කෙරිම හරහා අහාර උද්දමනය 133% වැඩිවෙලා. රුපියල් 27000 කට තිබිච්ච දරිද්‍රතා රේඛාව රුපියල් 53000කට ඉහළ ගිහින් තියෙනවා. ලෝක බැංකුව කියනවා 13%ක ට තිබිච්ච දරිද්‍රතාවය 2019 අද වෙනකොට 25.6%ට ගිහින් කියලා. හැබැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ඇතුළු කණ්ඩායමක් කරපු දීප ව්‍යාප්ත සමීක්ෂණයට අනුව ඔවුන් කියනවා ලංකාවේ දරිද්‍රතාවය 45% ක් කිට්ටු කරලා තියෙනවා කියා. දැන්වත් භයානකකම තේරුම් ගන්න.

2019 රාජපක්ෂලා මේ රට ගන්නකොට අලුත් දත්තවලට අනුව අපේ රටේ මිලියන විසි දෙකක් ජනගහනයෙන් ලක්ෂ 30ක් දුප්පත්. හැබැයි දැන් මේ විශ්වවිද්‍යාල ඉදිරිපත් කරල තියන දත්ත වලට අනුව ලංකාවේ ලක්ෂ 96ක් දුප්පත්. ලක්ෂ 30ක ඉඳලා ලක්ෂ 96කට දුප්පත් කමක් දෙගුණ නෙමෙයි තෙගුණ කරලා හොඳටම කරලා තියෙනවා” යි ඔහු කියනවා.

SendShareShare
Previous Post

හිරේ හිටපු කොටි 8 දෙනෙක්ට රනිල් ගෙදර යන්න දෙයි!

Next Post

කිසිම පුරවැසිකමක් නැති දෙන්නෙක් පාර්ලිමේන්තුවේ? (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.