• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

රනිල් එක්ක ඩීල් දාලා සජබය ඇතුළේ ගහපු ගේම් එකින් එක එළියට එයි! ‘ඔය ඩීල් දැම්මා ඇති! තවත් ඩීල් දාන්න ලෑස්ති වෙන්න එපා!’ හර්ෂට කෝට්ටෙන් ලොකු විරෝධයක්! කොළඹ පන්සලක කරපු කපුකමත් එළියට! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

September 29, 2024
in Exclusive, Rajya Rahas
Reading Time: 20 mins read
A A
Share on WhatsAppShare on Facebook

මතවිමසුම් ප්‍රතිපල

ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ‘රාජ්‍ය රහස්’ තීරය පසුගිය සති කිහිපය තිස්සේම මත විමසුම් කිහිපයක තොරතුරු රටට අනාවරණ කිරීමට පියවර ගත්තේය. එහිදී අප කියා සිටියේ යම් යම් ආයතන මගින් සහ ඔත්තු සේවා මගින් සිදුකර ඇති මත විමසුම්වලට අනුව සජිත් ප්‍රේමදාස මහතා 35%ත් – 40%ත් අතර ප්‍රතිශතයක් ලබා ඉදිරියෙන් සිටින බවත්, අනුර කුමාර දිසානායක මහතා 27%ත් – 30%ත් අතර ප්‍රමාණයකින් 10%ක පමණ පරතරයක් තබාගෙන දෙවැනි ස්ථානයේ සිටින බවත්, රනිල් වික්‍රමසිංහ මහතා 10%ත් 15%ත් අතර ප්‍රතිශතයක පසුවන බවත්ය. අවසන් වරට පසුගිය බදාදා (18) අප මුද්‍රණය කළ විශේෂ ‘මව්රට’ කලාපය මගින්ද අප මෙම තොරතුර අනාවරණ කළ අතර, එහිදීද අප කියා සිටියේ කිසිදු අපේක්ෂකයකු 50% ඉක්මවන ජයග්‍රහණයක් ලබා නොගනු ඇති බවත්, ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට දෙවැනි මනාපය ගණන් කිරීමට සිදුවනු ඇති බවත්, දෙදෙනා අතර දිස්ත්‍රික්ක කිහිපයක කරට කර සටනක් මතුව ඇති බවත්ය.Sri Lanka Latest News

නමුත් ජනාධිපතිවරණයෙන් පසු මෙම ඡන්ද ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබීම නිසා පළමුව එම ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බව අපට හැඟුණි. ඒ අනුව මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මෙම මත විමසුම්වල ප්‍රතිඵල සහ සැබෑ ප්‍රතිඵලය අතර පැවැති වෙනසට හේතුව කුමක්ද යන්න පිළිබඳ පාඨකයන්ට පැහැදිලි කිරීමට අප සූදානම්ය.

මෙහිදී පළමුවෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අප මත විමසුම් ප්‍රතිඵල රටට හෙළිදරව් කළේම විශාල අවදානමක් ගෙනය. අප පළ කළ එක් මත විමසුමක් සකස් කොට තිබුණේ මේ රටේ දේශපාලන පක්ෂ, තානාපති කාර්යාල, ආණ්ඩුවේ ප්‍රබලයන්, පෞද්ගලික අංශය ආදී සියලු දෙනාම පිළිගත් මත විමසුම් සිදුකරන ආයතනයකි. අප පළකළ අනෙකුත් මත විමසුම සකස් කොට තිබුණේ ඔත්තු සේවා මගින්ය. එම මත විමසුම් දෙකේම අවසන් ප්‍රතිඵල සුළු සුළු වෙනස්කම් සහිතව තිබුණද එම දෙකෙහිම යම් සමානකමක් තිබූ නිසා එම තොරතුරු රටට අනාවරණ කිරීමට අප පියවර ගත්තෙමු.

අන්තිම එක නෙමෙයි

ඒ අනුව අප අවසන් ප්‍රතිඵලය නිකුත් කළේ ඉකුත් බදාදා දිනයේදීය. ඒ වනවිට අපට ලැබී තිබූ තොරතුරුවලට අනුව ඔත්තු සේවා මගින් සිදුකරන ලද අවසන් සමීක්ෂණ වාර්තාව අප වෙත ලැබී නොතිබිණි. ඉකුත් 18 වැනිදා ප්‍රචාරක කටයුතු සියල්ල අවසන් කළ යුතු වීම නිසා අප වෙත ලැබී තිබුණේ අදාළ ඔත්තු සේවා මගින් ඊට සති එකහමාරකට පමණ පෙර සකස් කළ අවසන් මත විමසුමේ වාර්තාවය. 18 වැනිදා මුද්‍රණය කළ විශේෂ කලාපය මගින් අප අනාවරණ කළේ එම තොරතුරුය.

සාමාන්‍යයෙන් වසර ගණනාවක සිට අප ‘රාජ්‍ය රහස්’ තීරය කියවන පාඨකයකු නම් අප කිසිදු අවස්ථාවක අසත්‍ය තොරතුරු ඉදිරිපත් නොකරන බව හොඳාකාරවම දනී. මන්ද යත් මෙම තීරය ඔස්සේ අප අනාවරණ කළ කරුණු කිසිවක් මේ වනතෙක් අසත්‍ය වී නොතිබීම ඊට හේතුවය. අප මෙම තීරය හරහා හෙළිකළ සියලු කරුණු 100%ක්ම නිවැරැදි, දෙතුන් වතාවක් තහවුරු කරගත් තොරතුරු වන බැවින් එවැනි තොරතුරු පළකිරීමටද අපි කිසිදු අවස්ථාවක බිය නොවූයෙමු. අප අදාළ සමීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල පළ කළේද එම පදනමේම පිහිටාය. ඒ අනුව අප අදාළ සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු සිදුවූ සිද්ධි දාමයන් පාඨකයන්ගේ දැනගැනීම පිණිස එකින් එක පැහැදිලි කිරීමට අප සූදානම්ය.

ඒ අනුව අප ඔත්තු සේවා යන නම සඳහන් කරමින් පළකළ මත විමසුමවලදී ඒ කුමන ඔත්තු සේවාවක්ද යන්න පිළිබඳ පාඨකයා වටහා ගත යුතුය. අප එම ඔත්තු සේවාවේ ප්‍රතිඵල අනාවරණ කිරීමත් සමග එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා අදාළ ඔත්තු සේවාවලට දුන් නියෝගයක් වූයේ වහාම අදාළ සමීක්ෂණ සිදුකිරීම නවතා දමන ලෙසටය. එවැන්නක් මෙතෙක් බලයේ සිටි කිසිදු ජනාධිපතිවරයකු විසින් සිදුකොට තිබුණේ නැත. ඒ අනුව අප ඉතා වගකීමෙන් යුතුව කියා සිටින්නේ අදාළ වාර්තා තමන්ට අවාසි සහගත නිසා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාගල ලවා මෙම වාර්තා ලබාදීම නවතා දමන ලෙසට නියෝග ලබා දුන් බවය. මන්ද යත් අදාළ ඔත්තු සේවා මගින් ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ලබාදුන් සංඛ්‍යාලේඛන ඉතා නිවැරැදිව පළවූයේ ‘මව්රට’ පුවත්පතේ පමණි. වෙන කිසිදු පුවත්පතකට එම තොරතුරු ලැබී තිබුණේ නැත.

දෙන්නම කතා කළා

කෙසේවෙතත් අප එම ප්‍රතිශතයන් පළකිරීමෙන් පසු සජිත් සහ අනුර යන දෙදෙනාම පෞද්ගලිකවම අපට කතාකොට මෙම ප්‍රතිශතවල නිරවද්‍යතාව පිළිබඳ විමසා සිටීමට පියවර ගත්හ. එහිදී අප ඒ දෙපාර්ශ්වයටම තහවුරු කළේ අදාළ ප්‍රතිශතයන් ඔත්තු සේවා මගින් ලබාදී තිබූ වාර්තා යැයි කියාය. පසුව ඒ දෙදෙනාම ඔවුන්ගේ සම්බන්ධතා උඩ සිදුකළ සොයාබැලීම්වලදී අදාළ ප්‍රතිඵල වාර්තා නිවැරැදි බව යළි අප වෙත සනාථ කිරීමට පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් මින් ඉදිරියට වාර්තා සකස් නොකරන ලෙසට ඔත්තු සේවාවලට නියෝග ලබාදුන්නද මෙම ඔත්තු සේවාවන් අදාළ තොරතුරු එක්රැස් කිරීමට බැඳී සිටින බව සාගලලා දැන සිටියේ නැත. ඒ නිසාම අදාළ ඔත්තු සේවා දිනපතාම රට පුරා තමන්ට ඇති ජාලය මගින් අදාළ තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු දිගටම සිදුකරගෙන ගියේය. ඊටද විශේෂ හේතුවක් තිබේ. ඒ, වෙනත් ඔත්තු සේවා සමග ඔවුන්ට මෙම තොරතුරු බෙදාහදා ගැනීමට සිදුව තිබීම නිසාය. සාමාන්‍යයෙන් අපේ රටේ ඔත්තු සේවා වෙනත් ජාත්‍යන්තර ඔත්තු සේවා සමගද නිරතුරුවම තොරතුරු බෙදාහදා ගැනීම සිදුකරනු ලබයි. ජනාධිපතිවරණයක් වැනි ප්‍රධාන මැතිවරණයකදීද එම තත්ත්වයේ කිසිදු වෙනසක් නැත. මේ නිසා එම ඔත්තු සේවා දිගටම තම කාර්යය සිදුකරගෙන ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

අනුර ඉස්සෙයි

කෙසේ වෙතත් අප මෙම ඔත්තු සේවා මගින් ලබාදුන් වාර්තා පමණක් නොව, පෙර කී ජාත්‍යන්තරය පවා පිළිගත් ආයතන මගින් සිදුකර තිබූ මත විමසුම් ප්‍රතිඵලද පළකිරීමට පියවර ගත්තෙමු. මේ දෙකේම ප්‍රතිඵල දක්වා තිබුණේ එක ළඟ යන ආකාරයටය. විශේෂයෙන්ම අවසන් විග්‍රහයට කලින් ලබාදී තිබූ ප්‍රතිඵලයට අනුව අනුර 30%ත් 33%ත් අතරත්, සජිත් 36%ත් 40%ත් අතරත් සිටින බව වාර්තා කොට තිබිණි. නමුත් අපට වැරැදුණු තැන වූයේ ඉකුත් 18 වැනිදා අප පුවත්පත මුද්‍රණයට යවන අවස්ථාවේදී අදාළ ඔත්තු සේවා මගින් අවසාන වශයෙන් සකස් කළ ප්‍රතිඵලය අප වෙත ලැබී නොතිබීමය. අවසන් සති එකහමාර තුළ අනුරගේ ප්‍රචාරක ව්‍යාපාරය ඔස්සේ විශාල වශයෙන් ඉදිරියට පැමිණෙමින් තිබූ බවක් මේ ඔත්තු සේවා මගින් නිකුත් කළ අවසන් වාර්තාවේ වාර්තා කොට තිබිණි. ඒ අනුව ඔවුන් පෙන්වා දී තිබුණේ දෙදෙනා අතර අවසන් සතිය වනවිට කරට කර සටනක් නිර්මාණය වී ඇති බවත්, අනුර 33% සිට 40%ක මට්ටම දක්වා ඉහළ නැග ඇති බවත්ය. එමෙන්ම සජිත් 40%ක මට්ටමේ සිට 35% දක්වා පහළ බැස ඇති බවක්ද අවසන් වාර්තාව තුළින් අනාවරණ කොට තිබිණී. නමුත් එම වාර්තාව අප වෙත ලැබෙන විට පුවත්පත මුද්‍රණය කර අවසන්ය. අප හට දිනපතා පුවත්පතක් නොමැති වීම නිසාත්, 18 වැනි දිනට පසු නිහඬ සමය ක්‍රියාත්මක වීම නිසාත් අදාළ වාර්තාවේ තොරතුරු ප්‍රකාශයට පත්කිරීමෙන් වැළකී සිටීමට අපි පියවර ගත්තෙමු. එම අවසන් ප්‍රතිඵලය හැරුණු විට අප විසින් හෙළිකළ අනෙකුත් සියලු තොරතුරු මේ වනවිට 100%ක් තහවුරු වී තිබේ. අප කී ආකාරයටම කිසිදු අපේක්ෂකයකු 50% ඉක්මවා ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේ නැත. එමෙන්ම රනිල් සිටියේ අප අනාවරණ කළ ප්‍රතිශතයන් ඇතුළේමය.

අනුරගෙන් ඇමතුමක්

කෙසේ වෙතත් 18 වැනිදා මුද්‍රණය කළ ‘මව්රට’ විශේෂ කලාපය 19 වැනිදා වෙළෙඳපළට පැමිණීමත් සමග අනුරගෙන් අපට යළිත් දුරකතන ඇමතුමක් ලැබිණි. අප අනාවරණ කළ ප්‍රතිඵල පිළිබඳ යළි අපගෙන් විමසූ අනුර එහිදී කියා සිටියේ දිනන අපේක්ෂකයා කවුරුන් වුවද 50%ක ප්‍රතිශතය ඉක්මවනු ඇතැයි කියාය. නමුත් අප එහිදීද අනුරට පැහැදිලි කර සිටියේ අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව නම් කිසිවකුටත් 50% ප්‍රතිශතය ඉක්මවිය නොහැකි බවකි.

එමෙන්ම අනුරගේ සංවාදය අවසන් වූ වහා සජිත්ද මේ ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීමට අප හට කතා කළේය. එහිදී සජිත් අප වෙත කියා සිටියේ ඔහු අනුරට වඩා 2%ක හෝ 3%ක ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටිනු ඇතැයි කියාය. මේ ආකාරයට මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වූ මොහොතේ සිට ජනාධිපතිවරණය පැවැත්වෙන දින දක්වාම සජිත් සහ අනුර අප සමග විටින් විට සංවාදයේ නියැළී තිබිණ. ඒ අනුව ජනාධිපතිවරණට පෙර දින, එනම් 20 වැනිදා වනවිට අප වෙත ලැබී තිබූ තොරතුරුවලින් කියැවුණේ 2%ක හෝ 3%ක ප්‍රතිශතයකින් අනුර ඉදිරියෙන් සිටිනවා යැයි කියාය. සාමාන්‍යයෙන් මත විමසුමක එවැනි ප්‍රතිඵලයක් ලැබුණු විටක වාර්තා කරන්නේ ‘මාජින් ඔෆ් එරර්’ යනුවෙනි. එහි තේරුම වන්නේ අවසන් ප්‍රතිඵලයෙන් දෙදෙනාගෙන් කවුරුන් හෝ ඉදිරියට පැමිණිය හැකි බවකි.

ඒ අනුව අප සජිත්ටද ඒ පිළිබඳ දැනුම් දෙමින් කියා සිටියේ අවසන් වරට නිකුත් කළ මත විමසුම මගින් ඔත්තු සේවා විසින් ‘මාජින් ඔෆ් එරර්’ තත්ත්වයක් වාර්තා කොට ඇති බවත්, 3%කින් පමණ අනුර ඉදිරියෙන් සිටින බවත්ය. අනුර සමග කළ සංවාදයේදීද මේ බව අප අනුරට දැනුම් දීමට කටයුතු කළෙමු. එහිදී අනුරද එය අපට තහවුරු කරමින් කියා සිටියේ තමන්ටද එම තොරතුර ලැබුණු නමුත්, තමන් සජිත්ට වඩා 3%කින් ඉදිරියෙන් සිටින බවකි.

එහිදී අප සිනාසෙමින් අනුරට කියා සිටියේ ‘අපට එන තොරතුරු ඔයාටත් එනවා නේදැ’යි කියාය. එහිදී අනුර සිනාසෙමින්ම අපට පිළිතුරු දුන්නේ ‘ඔය තොරතුරු එක්රැස් කරන අංශයේ බහුතරයක් තැපැල් ඡන්දය දෙන්නේ අපට’ යැයි කියාය. එහිදී අප වටහාගත් කාරණාව වූයේ එම තොරතුරු අපට ඇතුළෙන් ලැබෙනවා වගේම ස්ථිර වශයෙන්ම අනුරලාගේ අතටත් ලැබෙන්නට ඇති බවය.
කෙසේ වෙතත් ප්‍රශ්නය වූයේ මේ ආකාරයෙන් දෙදෙනාම 35%ක පමණ ප්‍රතිශතයේ සිටියදී අවසන් ප්‍රතිඵලයේදී අනුර 43% දක්වා ඉහළ ගොස් සජිත් 33% දක්වා පල්ලම් බැස්සේ කෙසේදැයි කියාය.

කලබලයක් හදයිද?

මෙහිදී කිසිදු අපේක්ෂකයකු 50% නොඉක්මවන බවට කල් තියාම තොරතුරු වාර්තා වීමත් සමග යම් කලබලකාරී තත්ත්වයක් රට ඇතුළේ මතුවීමේ අවදානමක්ද නොතිබුණා නොවේ. මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමු වතාවට එය හෙළිකිරීමට සූදානම්ය. එහිදී අප වෙත වාර්තා වූ තොරතුරුවලින් කියැවුණේ අනුර, සජිත්ව පරයා ඉදිරියට පැමිණියද 50%ක් ගැනීමට නොහැකි තත්ත්වයක් යටතේ රට ඇතුළේ විශාල ව්‍යාකූලත්වයක් මතුකොට කඩාකප්පල්කාරී සිදුවීම් ඇතිවීමේ ඉඩක් ඇති බවට ඇතුළේ කතාබහක් ගිය බවකි. මේ ඇතුළේ සිදුවූ කතාබස්වලදී යම් යම් අය විග්‍රහ කිරීම් සිදුකරමින් පළමු වටයේ අනුර ලක්ෂ 2ක් හෝ 3ක් වැඩි ඡන්ද ලබාගෙන ඉදිරියට පැමිණියත්, දෙවැනි මනාපය ගණන් කිරීමේදී සජිත්, අනුරව පරාජය කොට ඉදිරියට පැමිණ ජයග්‍රහණය කළහොත් මාලිමාවට ඡන්දය දුන් පිරිස නියත වශයෙන්ම මෙම ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරනු ඇතැයි කියා තිබිණ. එවිට කිසිවකුටත් පාලනය කරගත නොහැකි තත්ත්වයක් මතුවීමේ අවදානමක් ඇති බවත්, වහාම එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් ආණ්ඩුවේ ඉහළ තැන්වලට දිගින් දිගටම ඒ වනවිටත් විවිධ පාර්ශ්වයන්ගෙන් පණිවුඩ ලැබෙමින් තිබිණ. නමුත් ආණ්ඩුවේ ප්‍රධානීන්ට මෙම පණිවුඩය ලැබුණත් ඊට ඔවුන් දැක්වූ ප්‍රතිචාරයන්ගෙන් නම් කියැවුණේ ‘අපි පැරැදෙනවා නම් එවැනි කලබලයක් රට ඇතුළේ ඇති වුවද කමක් නැතැයි’ යන්න වගේ දෙයකි.

නමුත් විවිධ බලගතු පාර්ශ්වයන් දැඩි වගකීමකින් යුතුව මේ තත්ත්වය ආණ්ඩුවේ ඉහළට වාර්තා කිරීමත් සමග ඔවුන්ටද මේ සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග නොගෙන සිටීමට නොහැකි තත්ත්වයක් දක්වා තත්ත්වය ඔඩුදුවා තිබිණි. විශේෂයෙන්ම ඒ වනවිට සජිත්ටත් මෙවැනි අවදානමක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබීම නිසා ඔහුද තම හිතවතුන් ලබා ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාල දැනුවත් කිරීමට පියවර ගත්තේය. එමෙන්ම හිටපු හමුදාපතිවරුන් වන මහේෂ් සේනානායකට සහ දයා රත්නායකට කතා කළ සජිත් මෙවැනි තත්ත්වයක් මතුවිය හැකි බවට තොරතුරු ලැබෙමින් පවතින බවත්, එය වළක්වාලීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔවුන්ට දැනුම් දී සිටියේය. ඒ අනුව දයා සහ මහේෂ් වහාම පක්ෂ කාර්යාලයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කොට එම තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු නිරීක්ෂණය කිරීමට පියවර ගත්හ. එමෙන්ම ලැබෙමින් පැවැති තොරතුරු ඉහළම තැන්වලට දැනුම් දීමටත් ඔවුහු කටයුතු කළහ. ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධානීන්ද අවසානයේදී වහාම ඉහළ පෙළේ සාකච්ඡාවක් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්හ. ඊට බලපෑ ඊළඟ ලොකුම හේතුව වූයේ තානාපති අංශ මගින්ද මැතිවරණයට කැළලක් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසට ඒ වනවිටත් ආණ්ඩුව දැනුවත් කිරීමට පියවර ගෙන තිබීමය.

රතු පාට කලාපයන්

කෙසේ වෙතත් මෙවැනි අනතුරක් මතුවීමේ අවදානම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් සහ ආරක්ෂක අංශ පැවැත්වූ සාකච්ඡාවේදී එවැනි තත්ත්වයන් මතුවිය හැකි අවදානම් කලාප පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සිදුවිය. ඔවුන් මේවා නම්කරනු ලැබුවේ තද රතු පැහැයෙනි. දකුණු පළාත, උතුරුමැද, වයඹ සහ බස්නාහිර එම රතු පැහැයෙන් සලකුණු කළ ප්‍රදේශ අතර විය. ඒ, මාලිමාව ජයග්‍රහණය කළ හැකි බවට අනුමාන කළ දිස්ත්‍රික්ක සහිත පළාත්ය. එමෙන්ම සජබය ජයග්‍රහණය කරනු ඇති බවට අනුමාන කළ දිස්ත්‍රික්ක අවදානම අඩු කලාප ලෙසත්, ඒවා කොළ පැහැයෙන් සලකුණු කිරීමටත් එහිදී පියවර ගෙන තිබිණි. උතුරු නැගෙනහිර සහ වතුකරය එසේ කොළ පැහැයෙන් සලකුණු කළ දිස්ත්‍රික්ක විය. මේ අනුව යම් කලබලයක් ඇති වුවහොත් හමුදාව සහ ආරක්ෂක අංශ අනුයුක්ත කළ යුතු ප්‍රදේශ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත් අතර, ජනාධිපතිවරණය පැවැත්වෙන දින රාත්‍රියේ අනිවාර්යයෙන්ම ඇඳිරිනීතිය පැනවීමටද එහිදී තීන්දු විය.

මාලිමාවෙත් සාකච්ඡා

මේ අතර, ඉකුත් 18 වැනිදා වනවිට මාලිමාව ඇතුළේද අනුරට ලබාගත හැකි ඡන්ද ප්‍රතිශතය සම්බන්ධයෙන් සාකච්ඡා පිට සාකච්ඡා පැවැත්වෙමින් තිබිණි. එහිදී විග්‍රහ කළ ප්‍රධානම කාරණාව වූයේ යම් හෙයකින් අනුරට 50% ඉක්මවීමට නොහැකි වුවහොත් දෙවැනි මනාපය ගණන් කිරීමට සිදුවනු ඇති බවත්, එවැනි තත්ත්වයක් යටතේ වැඩි වාසි පවතින්නේ සජිත්ට බවත්ය. මන්ද යත් රනිල්ට, නාමල්ට සහ දිලිත්ට දමන ඡන්දයේ දෙවැනි මනාපය බොහෝ දුරට සජිත්ට හිමිවනු ඇති බව ඔවුන්ගේ තර්කය විය. එම නිසා දෙවැනි වටයටද ගොස් අනුරට ජයග්‍රහණය කිරීමට නම් ලක්ෂ 7කට වඩා ඉක්මවූ ඡන්ද පරතරයක් දෙදෙනා අතර තබාගත යුතු බවත්, ඊට අඩු පරතරයක් පැවැතියහොත් නියත වශයෙන්ම සජිත් දෙවැනි මනාපයෙන් ජයග්‍රහණය කරනු ඇති බවත් ඔවුන්ගේ විග්‍රහය විය.

අප මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මාලිමාව ඇතුළේ ඇති මෙම තත්ත්වය පිළිබඳ විග්‍රහ කිරීමක් සිදුකළෙමු. එහිදී අප කියා සිටියේ දකුණෙන් ඡන්ද ලබාගත හැකි වුවද, උතුරු නැගෙනහිර පළාත්වලින් විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සජිත් ජයග්‍රහණය කරන නිසා අවම වශයෙන් එම පළාත්වල 10%ක හෝ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතු බවට මාලිමාව එම පළාත්වල ආසන සංවිධායකවරුන්ට ඉලක්කයන් ලබාදී තිබූ බවය. ඒ අනුව අවසානයේදී මාලිමාව සිය සැලසුම් සකස් කළේ කෙසේ හෝ සජිත්ට වඩා ලක්ෂ 10ක ඡන්ද පරතරයක් තබාගෙන අනුරව ජයග්‍රහණය කරවීමටය. නමුත් එම මෙහෙයුම සිදුකළේ කවරාකාරයෙන්ද යන්න පිළිබඳ තවමත් අපට තොරතුරු තහවුරු වී නැත.

මනාපයේත් අවුලක්

මීට අමතරව දෙවැනි මනාපය ගණන් කරන අතරවාරයේදීද රට ඇතුළේ යම් කලබලකාරී තත්ත්වයක් මතුවිය හැකි බවට ආරක්ෂක අංශ වෙත යම් යම් තොරතුරු වාර්තා වී තිබිණි. නමුත් මාලිමාවට තොරතුරු ලැබී තිබුණේ කිසියම් තුන්වැනි පාර්ශ්වයක් විසින් දෙවැනි මනාපය ගණන් කරන අතරවාරයේ රට ඇතුළේ කලබලකාරී තත්ත්වයක් මතුකොට එය මාලිමාව පිටින් යැවීමේ උත්සාහයක් පවතිනවා යැයි කියාය. ඔවුන් හිතාමතාම එවැනි කලබලයක් ඇතිවිය හැකි බව කියමින් රට පුරා ප්‍රචාරයක් ගෙන යන්නේ මේ නිසාමද යන්න පිළිබඳ මාලිමාවටද සැක මතුවී තිබිණි. මෙම සාකච්ඡාවට අනුර, විජිත ඇතුළු මාලිමා ප්‍රධානීන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර, එහිදී අනුර දැඩිව කියා සිටි කාරණාව වූයේ කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක් පැනනැගීමට ඉඩ තැබිය යුතු නැති බවකි. එවැන්නක් වළක්වාලීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පක්ෂයේ බිම් මට්ටම දක්වාම නියෝග නිකුත් කරන ලෙසට අනුර එහිදී පිරිසට අවධාරණය කොට තිබිණ. ඒ අනුව ජනාධිපතිවරණට පෙර දා රාත්‍රියේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළද කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවිය යුතු බවට වූ පණිවුඩය පක්ෂයේ බිම් මට්ටම දක්වාම රැගෙන යෑමටත්, කුමන පාර්ශ්වයක් ගැටුම් ඇතිකර ගත්තද ඊට මැදිහත් නොවිය යුතු බවටත් වශයෙන් එම පණිවුඩය යැවීමට මාලිමාව පියවර ගත්තේය.

එම පණිවුඩය යද්දී පවා මාලිමාවේ දේශපාලන කාර්යාල 4,500ක් පමණ රට වටා ස්ථාපනය කොට තිබිණි. ඒ සියල්ල ක්‍රියාශීලී පක්ෂ කාර්යාල වූ බැවින් මාලිමාව කලින් සැලසුම් කර තිබුණේ ජනාධිපතිවරණය දා රාත්‍රියේ එම කාර්යාලවල රූපවාහිනී තිර දමා පක්ෂයේ ක්‍රියාකාරීන් කැඳවා ප්‍රතිඵල ඇසීමට ඉඩ සලස්වා දීමටය. නමුත් තුන්වැනි පාර්ශ්වයක් මගින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීමට සැලසුම් කරන බවට ලද තොරතුරත් සමග එම පක්ෂ කර්යාලවලට වහාම ලැබුණු පණිවුඩයකින් කියැවුණේ පාක්ෂිකයන් එක්රැස් වීම නවත්වන ලෙසත්, වහාම පක්ෂ කාර්යාල වසා දමා ඒවා හිස් කිරීමට කටයුතු කරන ලෙසත්ය. එමෙන්ම මාලිමාවේ පක්ෂ කාර්යාලවල පුද්ගලයන් රැස්කරන බවට මැතිවරණ කොමිසමටද තොරතුරු ලැබී තිබීම නිසා මැතිවරණ කොමිසම මගින්ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කිසිදු පක්ෂ කාර්යාලයක පාක්ෂිකයන් රැස්කිරීමට කටයුතු කිරීම තහනම් යැයි කියාය.

මේ සියලු කරුණු කාරණා හේතුකොට ගෙන මැතිවරණය දා රාත්‍රියේ හෝ ඉන් පසුව කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ සම්බන්ධයෙන් නම් මැතිවරණ කොමිසමටත්, සියලුම දේශපාලන පක්ෂවලටත් අවංකවම මේ රටේ ජනතාවගේ ස්තුතිය හිමිවිය යුතුය. ඒ, ඔවුන් සියලු දෙනාගේම කැපවීම හේතුකොටගෙන දශකයකට පමණ පසු ඉතා සාමකාමී සහ නිදහස් සාධාරණ මැතිවරණයක් මේ රටේ ජනතාවට පමණක් නොව, ජාත්‍යන්තර ප්‍රජාවටද දැකබලා ගැනීමට අවස්ථාව ලබාදීම නිසාය. විශේෂයෙන්ම ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරණයකදී දෙවැනි මනාපය ගණන් කිරීමේ අවස්ථාවක් මතුවුණද මැතිවරණ කොමිසම ඉතා වගකීමෙන් යුතුව සිය කාර්යය සාර්ථකව අවසන් කළ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම ජනතාවගෙන්ද වෙනදා දකින ආකාරයේ රතිඤ්ඤා පත්තු කිරීම්, හන්දි ගානේ කිරිබත් පිසීම් වැනි දේශපාලන මළ විකාර දැකගන්නට ලැබුණේ නැත. ඒ අතින් බලන විට පසුගිය සතියේ අවසන් වූ ජනධිපතිවරණය යුරෝපා රටක ජනාධිපතිවරණයක් හා සමාන ලකුණු පෙන්නුම් කර තිබූ ආකාරයක් දැකගත හැකි විය.

හයිඩ් පාක් කුමන්ත්‍රණය

මෙවර ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වුවද පක්ෂය ඇතුළේ කිසිවකුත් සජිත්ට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස හෝ දේශපාලනයෙන් ඉවත් වන ලෙස කියන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ප්‍රසිද්ධියේ මේ බව දැකගන්නට ලැබුණේ නැතත්, අප්‍රසිද්ධියේ සජිත්ව සජබ නායකත්වයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක් පසුගිය සතියේ සජබය ඇතුළේ දියත් වී තිබූ ආකාරයක් දැකගත හැකි විය. මෙම මෙහෙයුම දියත් කර තිබුණේ වෙන කවුරුවත් නොව ජනාධිපතිවරණයේදී සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ නොකළ, රනිල් සමග එදා සිටම ඩීල් දමාගෙන සිටි, මෙවර තමන් නියෝජනය කරන ආසන පවා තුන්වැනි තැනට වැටී කුජීත ලෙස පරාජය වූ කිසිදු ජනමතයක් නොමැති ගම්පහ, කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරන හිටපු සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ මන්ත්‍රීවරුන් නොවන කිහිප දෙනෙකි. මේ අය අතරින් කිහිප දෙනකු ජනාධිපතිවරණයට සති කිහිපයක් තබා තලතා අතුකෝරාල මහත්මියව සජිත්ගෙන් කඩා රනිල් ළඟට ගෙනගිය හයිඩ්පාර්ක් කෝනර් කුමන්ත්‍රණයේද සිටියහ. අප මීට සති 3කට පමණ ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමු වතාවට මේ හයිඩ් පාර්ක් කෝනර් නිවසේ සිදුවූ කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු අනාවරණ කළෙමු. එහිදී අප මේ හයිඩ් පාර්ක් කෝනර්හි පිහිටි සුපිරි නිවසේ හිමිකරු පිළිබඳ සඳහනක් කිරීමට කටයුතු නොකළෙමු.

නමුත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඒ කුමන්ත්‍රණයේ සිටියේ කවුරුන්ද යන්න පිළිබඳ රටට හෙළිදරව් කිරීමට සූදානම්ය. ඒ, වෙන කිසිවකුත් නොව එදා රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිට පරාජයෙන් පසුව මේ වනවිට සජිත් ප්‍රේමදාස ළඟට එන්නට කැසකවන එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනය. තලතාව සජබයෙන් කඩා රනිල් ළඟට ගෙන යෑමේ සම්පූර්ණ මෙහෙයුම සිදුකරනු ලැබූයේ රුවන්ට අයත් මේ හයිඩ් පාර්ක් කෝනර් නිවසේදීය. එදා ඒ රුවන්ගේ හයිඩ්පාර්ක් කෝනර් නිවසේ පැවැති සාකච්ඡාලට කාවින්ද ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම, නිරෝෂන් පෙරේරා වැන්නවුන්ද සහභාගි වී සිටියහ. එදා අප මෙම නම්ගම් හෙළිදරව් නොකළේ ජනාධිපතිවරණයක් කට ළඟ තිබියදී සජබය ඇතුළේ අනවශ්‍ය මත ගැටුම් ඇතිකිරීම සුදුසු නැති නිසාය. නමුත් මේ වනවිට අප මේ තොරතුරු හෙළිකරන්නේ සජිත්ගේ ළඟ සිටිමින් රනිල් සමග ඩීල් දැමූ පුද්ගලයන්ගේ නම්ගම් රටේ ජනතාව දැන සිටිය යුතු නිසාත්ය. ඒ සම්බන්ධයෙන් අතිශය වැදගත් සාක්ෂි ගණනාවක් දැනටමත් අප සතුව තිබේ. එමෙන්ම රනිල් රුවන්ගේ හයිඩ්පාර්ක් කෝනර් නිවසට පැමිණෙද්දී එහි සිටි අනෙකුත් අය පිළිබඳවද මේ වනවිට තොරතුරු රැසක් අප සතුව පවතී. කෙසේ වෙතත් අප මෙම හයිඩ්පාර්ක් කෝනර් කුමන්ත්‍රණය හෙළිදරව් කිරීමත් සමග ඉන් ඉදිරියට රුවන් එම නිවසේ සාකච්ඡා පැවැත්වීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කොට තිබිණ. නමුත් ඉන් අනතුරුව අදාළ සාකච්ඡා පැවැත්වූයේ කුමන ස්ථානවලද, ඊට සහභාගි වූයේ කවුරුන්ද යන්න පිළිබඳවද මේ වනවිට තවත් තොරතුරු රැසක් අප වෙත ලැබී අවසන්ය. ඒවාද අප ඉදිරියේදී රටට හෙළිදරව් කිරීමට සූදානම්ය.

නායකත්වය හර්ෂට?

ඒ අනුව හයිඩ්පාර්ක් කෝනර් කුමන්ත්‍රණයේ සිටි දෙතුන් දෙනෙක් පසුගිය සතියේදී සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හමුවී කියා සිටියේ සජිත්ව නායකත්වයෙන් ඉවත් කොට හර්ෂ ද සිල්වා සජබ නායකත්වයට පත්කළ යුතු යැයි කියාය. මෙසේ හර්ෂට සජබ නායකත්වය ලබාදෙන ලෙස දැනුම් දුන් දෙතුන් දෙනාගේ දේශපාලනයද හරි අපූරුය. ඔවුන් පසුගිය කාලය පුරාම ඔවුන්ට බාරදී තිබූ ආසනවල කිසිදු දේශපාලන කටයුත්තක් සිදුකර තිබුණේ නැත. එසේ ඉල්ලූ දෙදෙනකුගේ ඡන්ද කෙරුවාව කොහොමද කියනවා නම් ජනාධිපතිවරණය පැවැති 21 වැනිදා පවා ඔවුන් සිටියේ තම තමන්ගේ ආසනවල ඡන්ද පොළ නිරීක්ෂණ කටයුතුවල නිරතව නොව, කොළඹ 7 පිහිටි ජෙට්වින් හෝටලයේ හොඳට කමින් බොමින් ප්‍රීතිවෙමින්ය. මධ්‍යම රාත්‍රිය වනතෙක් පිහිනුම් තටාකවල බැස වයින් බොමින්ය. අප ඒවා සාක්ෂි සහිතවම මහ මැතිවරණයට පෙර රටට හෙළිකිරීමටද සූදානම්ය. මේ හත්අට දෙනා එදා සිටම සිටියේ රනිල් සමග හොඳ දේශපාලන ඩීල් එකක් දමාගෙනය. මේ බොරු දේශපාලන චරිත පිළිබඳවද, ඔවුන් රනිල් සමග දැමූ දේශපාලන ඩීල් පිළිබඳවද ඉදිරියේදී අප සියල්ල රටට හෙළිකිරීමට සූදානම්ය. ඔවුන් හෙට මැති ඇමැතිවරුන් වුවද, රටේ ජනාධිපති වුවද අප ඒ කිසිවකට බිය නැත. මෙවැනි පුහු වීර චරිත පිළිබඳ එදා මෙන්ම හෙටත් රටට හෙළිකිරීමට අප සූදානම් බව පමණක් මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

සජිත් යන්න ලෑස්තියි

මේ ආකාරයට කිහිප දෙනකු පැමිණ රංජිත් මද්දුමබණ්ඩාර මුණගැසී පක්ෂ නායකත්වයට හර්ෂව යෝජනා කළද සජිත් සිටියේ ජනාධිපතිවරණ පරාජයෙන් පසු කිසිදු කලබලයකින් තොරව බොහොම සැහැල්ලුවෙන් යුක්තවය. යම් හෙයකින් පක්ෂය තමන්ට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස දැනුම් දුනහොත් සජිත් සිටියේ නායකත්වයෙන් ඉවත් වී ගෙදර යන්නට හිත හදාගෙනය. ඒ අනුව සජිත් කළේ වහාම ජනාධිපතිවරණ පරාජයත් සමග රටේම සිටින ආසන සංවිධායකවරුන් පක්ෂ මූලස්ථානයට කැඳවීමය. මෙම කැඳවීමත් සමග රට පුරා සිටි ආසන සංවිධායකවරුන්ද මහත් උනන්දුවකින් යුතුව පක්ෂ මූලස්ථානයට පැමිණියේ සජිත්ගේ ස්ථාවරය කුමක්ද යන්න දැකබලා ගැනීමටය. එහිදී ඊට පෙර දින මද්දුමබණ්ඩාර මුණගැසී හර්ෂව පක්ෂ නායකයා කළ යුතු බවට දැනුම් දුන් පිරිසද රැස්වීමට එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී සාකච්ඡාව අරඹමින් සජිත් මහ මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ දැනුම් දී මේ වනවිටත් පක්ෂය ඇතුළේ යමින් තිබූ ප්‍රචාර දෙකකට ආසන සංවිධායකවරුන්ගෙන් පිළිතුරු ලබාගැනීමට පියවර ගත්තේය. එහිදී සජිත් පළමුවෙන්ම විමසා සිටියේ ඒ වනවිටත් එජාපය සමග එකතු විය යුතු බවට වූ ප්‍රචාරය පිළිබඳ ආසන සංවිධායකරුවන්ගේ ස්ථාවරය කුමක්දැයි කියාය. එහිදී ඔවුන් ඉතා පැහැදිලිවම සජිත්ට දැනුම් දී සිටියේ එජාපය සමග එකතු වන්නේ නම් අනිවාර්යයෙන්ම රනිල් එජාප නායකත්වයෙන් ඉවත් විය යුතු බවත්, රනිල් පක්ෂ නායකත්වයේ සිටින්නේ නම් කිසිදු හේතුවක් මත හෝ එජාපය සමග එකතු නොවිය යුතු බවත්ය.

ඉන් අනතුරුව සජිත් මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයා සම්බන්ධයෙන්ද ආසන සංවිධායකවරුන්ගෙන් සහ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් යෝජනා විමසීමට පියවර ගත්තේය. එහිදී වහාම නැගී සිටි අශෝක් අබේසිංහ යේජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයේ සජබ අගමැති අපේක්ෂකයා වශයෙන් සජිත් ඉදිරිපත් විය යුතු යැයි කියාය. වහාම නැගී සිටි හර්ෂණ රාජකරුණා එය තහවුරු කිරීමට පියවර ගත්තේය. ඒ අනුව සජිත් සියලු ආසන සංවිධායකවරුන්ගෙන් විමසා සිටියේ ඊට අදාළ වෙනත් යෝජනා තිබේදැයි කියාය. නමුත් එහිදී කිසිදු වෙනත් යෝජනාවක් සභාවෙන් ඉදිරිපත් වූයේ නැත. එසේ නම් එම යෝජනාවට පක්ෂ පිරිස් අත උස්සන ලෙස සජිත් දැනුම් දෙද්දී රැස්ව සිටි සියලු දෙනා අත් ඔසවමින් එය පිළිගත් ආකාරය දැකගත හැකි විය. ඒ අනුව අවසානයේදී සජිත් කියා සිටියේ මින් පසු මේ සම්බන්ධයෙන් තැන් තැන්වල කුටු කුටු ගාන්නට කටයුතු නොකරන ලෙසය. සජිත් එසේ කියද්දී හර්ෂ සිය මුහුණට අත තබාගෙන සිටින ආකාරයක් සියල්ලන්ටම දැකගත හැකි විය.

හර්ෂ-ඉරාන් ඩීල් එක

මේ අතර මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප තවත් විශේෂ හෙළිදරව් කිරීමක්ද සිදුකිරීමට සූදානම්ය. ඒ, එජාපය සහ සජබය එකතු කිරීමේ මෙහෙයුමක් පිළිබඳවය. මේ මෙහෙයුම් සඳහා එක්ව සිටියේ වෙන කවුරුවත් නොව හයිඩ්පාර්ක් කුමන්ත්‍රණයේ සිටි රුවන් විජයවර්ධන සහ සජබය ඇතුළේ සිටිමින් රනිල් සමග ඩීල් දැමූ හර්ෂ, ඉරාන් කණ්ඩායමය. මේ සාකච්ඡා සඳහා එජාපයෙන් කොළ එළි පත්තු වෙද්දී හර්ෂලා කළේ ඒ පිළිබඳ සජිත්ව දැනුවත් කිරීමය. එහිදී සජිත් පැහැදිලිවම කියා සිටියේ මහබැංකුව කොල්ලකෑම ඇතුළු චෝදනා රැසක් තිබෙන රනිල් එජාප නායකත්වයේ සිටින තුරු ඔහු සමග හෝ එජාපය සමග කිසිදු සාකච්ඡාවක් හෝ කිසිදු එකතු වීමක් සිදු නොවන බවකි. මෙය සජබ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී ආසන සංවිධායකවරුන් විසින්ද පැහැදිලිවම පක්ෂ නායකත්වයට දැනුම් දී තිබූ කාරණාවක් විය. මෙවැනි තත්ත්වයක් පැවැතියදී පසුගිය බදාදා දින හර්ෂ තමන්ගේ නාවල පිහිටි දේශපාලන කාර්යාලයට කෝට්ටේ ඡන්දපොළ නියෝජිතයන් කැඳවීමට පියවර ගෙන තිබිණි. ඊට 125ක් පමණ සහභාගි වී සිටි අතර, හර්ෂගේ සැලසුම වී තිබුණේ එම සාකච්ඡාවේදී එජාපය සමග එකතු වීම සඳහා කෝට්ටේ ඡන්දපොළ නියෝජිතයන්ගේ අනුමැතිය ලබාගැනීමය.

නමුත් ඒ වනවිටත් හර්ෂ රනිල් සහ එජාපය සමග දමන ඩීල් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබීම නිසාත්, ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව කෝට්ටේ ආසනය රනිල්ටත් පරාජයට පත්වී තුන්වැනි තැනට වැටී තිබීම නිසාත් ඡන්දපොළ නියෝජිතයන් සිටියේ දැඩි කෝපයට පත්වය. කෙසේ වෙතත් කාර්යාලයේ පහත මාලයේ පැවැති රැස්වීම ආරම්භ කිරීමෙන් අනතුරුව පැමිණ සිටි සියලු දෙනාටම ඡන්ද කටයුතු සිදුකිරීම වෙනුවෙන් ස්තුති කළ හර්ෂ, එජාපය සමග දැමීමට යන ඩීල් එක ගැනද පිරිස දැනුවත් කිරීම ආරම්භ කළේය. නමුත් හර්ෂගේ කටින් ‘අපි දැන් එජාපයත් එක්ක ඩීල් එකක් දාන්නයි යන්නේ’ යනුවෙන් කියනවාත් සමගම රැස්ව සිටි පිරිස යක්ෂාරූඪ වූ ආකාරයක් දැකගත හැකි විය. හර්ෂ කිසිසේත්ම නොසිතූ ආකාරයට රැස්ව සිටි පිරිස ‘ඩීල් දාන්න ලෑස්ති වෙන්න එපා. ඕගොල්ලෝ සජබය කෝට්ටෙන් තුන්වැනි තැනට වැට්ටුවේ ඔය විදියට රනිල් එක්කයි යූ.ඇන්.පී. එක්කයි ඩීල් දාලා තමයි. දැන් ඔය හදන්නේ රනිල් එක්ක ඩීල් එකක් දාලා සජිත්ගේ ඉතුරු ටිකටත් කෙළවන්න. සජිත්ට නම් අත තියන්න ලෑස්ති වෙන්න එපා. අපි ඒවට කීයටවත් ඉඩ දෙන්නේ නෑ.’ යනුවෙන් කෑකෝ ගසමින් සඳහන් කිරීමත් සමග හර්ෂ කියා සිටියේ ‘නෑ නෑ අපි හදන්නේ රනිල් නැතුව එජාපය එක්ක ඩීල් එකක් දාන්න’ යැයි කියාය. නමුත් ඊටද ඡන්ද පොළ නියෝජිතයන්ගෙන් ලැබුණේ ඉතා රළු ප්‍රතිචාරයකි. එහිදී පිටුපස පේළිවල සිටි ඇතැමුන් හර්ෂට අසභ්‍ය වචනවලින් බැණවදින ආකාරයක් පැහැදිලිවම දැකගන්නට ලැබිණි. ඒ අනුව තත්ත්වය පාලනය කරගත නොහැකි බව වටහාගත් හර්ෂ වහාම කළේ කෝපයෙන් යුතුව ‘මම මේ රැස්වීම නවත්තනවා’ යැයි කියමින් අදාළ රැස්වීම අවසන් කොට උඩුමහලට යෑමය.

මව්රට රටට හෙළිකළා

මේ පුවත ඒ මොහොතේම අපටද වාර්තා විය. ඒ අනුව අප ‘මව්රට’ වෙබ් අඩවිය ඔස්සේ එදිනම මෙම පුවත වාර්තා කිරීමට කටයුතු කළේ මෙසේය.

ඡන්ද පොළ නියෝජිතයන් එක්ක හර්ෂගේ කාර්යාලයේ තිබ්බ රැස්වීමේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්! UNP එකත් එක්ක ඩීල් එකක් දානවා කියද්දී ඡන්ද පොළ නියෝජිතයන් හර්ෂට කන පැලෙන උත්තරයක් දෙයි! ‘ඔයගොල්ලො UNP එකත් එක්ක දාපු ඩීල් නිසා තමයි සජිත් මහත්තයා පැරදුණේ‘ ඕකුන් එක්ක මොන ඩීල්ද? කෝට්ටේ තුන්වැනි තැනට වැටුණේ ඔය ඩීල් නිසා..! කලබලය මැද්දේ හර්ෂ රැස්වීම නවත්වා උඩ තට්ටුවට යයි!

අද දින කෝට්ටේ ආසන සංවිධායක ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නාවල පක්ෂ කාර්යාලයේ පැවැති ඡන්ද පොළ නියෝජිතයන්ගේ රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

ඒ, හර්ෂ ද සිල්වා මහතා විසින් මෙවර මහමැතිවරණයේදී එජාපයත් සමග ඩීල් එකක් දමා සජබය සහ එජාපය එක්ව මහමැතිවරණයට තරග කරන බවට කළ දැනුම් දීමත් සමගිනි.
125 දෙනකු පමණ සහභාගී වී සිටි මෙම රැස්වීමේදී සිය කතාව ආරම්භ කරමින් හර්ෂ ද සිල්වා මහතා මෙම කතාව පැවසීමත් සමග රැස්ව සිටි සියලූ දෙනාම පාහේ හර්ෂ ද සිල්වා මහතාට එරෙහිව දැඩි ලෙස කෑකෝගැසීමට පටන් ගෙන තිබේ.

මෙහිදී ඩීල් කතාව පැවසීමත් සමග රැස්ව සිටි පිරිස ‘සජිත්ට අත තියන්න එන්න එපා’ යැයි කියමින් හර්ෂ ද සිල්වා මහතාට දෙස්දෙවොල් තැබීමට පියවර ගෙන තිබේ.
‘ඔයගොල්ලො ඹභඡ එකත් එක්ක ඩීල් දාලා තමයි ජනාධිපතිවරණයත් සජිත් මහත්තයා පැරදුණේ. තවත් ලැජ්ජ නැතිව ඹභඡ එකත් එක්ක ඩීල් දාන්න ලෑස්ති වෙන්න එපා. අපි ඒවට එන්නෙ නෑ.’ යනුවෙන් ඡන්ද පොළ නියෝජිතයන් කෑ ගසද්දී හර්ෂ ‘නෑ.. නෑ.. නෑ.. ඩීල් දාන්නෙ නෑ’ යනුවෙන් පවසමින් පිරිස අස්වසාලීමට කටයුතු කර තිබේ.

‘අපි රනිල් එක්ක ඩීල් දාන්නේ නෑ.. අපි ඩීල් එකක් දාන්නේ රුවන් විජයවර්ධන එක්ක. එයා තමයි අපිත් එක්ක ඩීල් එක යන්නේ…’ යැයි කියමින් පිරිස සන්සුන් කිරීමට උත්සාහ කළද රැස්ව සිටි සියලු දෙනා එක හඬින් කියා ඇත්තේ ‘ඕකුන් තමයි සජිත් මහත්තයාව එකතු වෙලා පැරැද්දුවේ. ඕකුන් එක්ක මොන ඩීල්ද? කෝට්ටේ ආසනයත් මේ පාර තුන්වැනි තැනට වැටුණේ ඔය ඩීල් නිසා තමයි’ යැයි කියාය.

එහිදී පසුපස සිටි ඇතැමුන් මාධ්‍යයේ පළ කළ නොහැකි පරුෂ වචනයෙන් පවා මෙහිදී කෑකෝ ගසා ඇති බව දැනගන්නට තිබේ.
මේ ආකාරයට පිරිස දැඩි ස්වරයෙන් යුතුව අදහස් දක්වද්දී බැරිම තැන හර්ෂ ද සිල්වා මහතා කියා ඇත්තේ ‘මම මෙම රැස්වීම මෙතනින් අවසන් කරනවා’ යැයි කියාය.
එසේ කියා ඇති හර්ෂ ද සිල්වා මහතා වහාම රැස්වීම අවසන් කොට සිය කාර්යාලයේ ඉහළ මාලයට ගොස් ඇති බව දැනගන්නට තිබේ.

හර්ෂගේ කෝට්ටේ ඡන්ද ප්‍රතිඵලය :
අනුර කුමාර දිසානායක ඡන්ද 25,123
රනිල් වික්‍රමසිංහ – 13,725
සජිත් ප්‍රේමදාස – 11,979
දිලිත් ජයවීර – 1,312
නාමල් රාජපක්ෂ – 1,239

ඉරාන්ට මව්රට මතක් වෙයි

මේ ආකාරයට අප මෙම සිදුවීම අප අඅඅගප්අර්ඒබැඅිගකන වෙබ් අඩවියේ පළකිරීමත් සමග ඊට විශාල ප්‍රචාරයක් ලැබුණු ආකාරයක් දැකගන්නට හැකි විය. ඒ අනුව බොහෝ දෙනා හර්ෂට කතාකොට ඒ පිළිබඳ විමසද්දී ‘ඕවා බොරු කතා’ යැයි කියමින් හර්ෂ පිළිතුරු දුන් බවක්ද අපට ආරංචිය. එසේම පසුගිය බදාදා දිනයේ පැවැති සජබ කළමනාකරණ රැස්වීමේදී ඉරාන්ද ‘මව්රට’ වෙබ් අඩවියේ පළකළ මෙම පුවත උපුටා ගනිමින් අදහස් පළකොට තිබූ බවක්ද අපට වාර්තා වී තිබේ. එහිදී ඉරාන් ‘මව්රට’ට චෝදනා කරමින් සජිත්ට කියා ඇත්තේ ‘මව්රට බොරු දාලා තියෙනවා. මේවා ගැන පොඩ්ඩක් බලන්න’ යැයි කියාය. නමුත් ඊට සජිත්, ‘මව්රට අපට පාලනය කරන්න බෑ. ඒ අය මම ගැනත් ලියනවා. ජේ.වී.පී. එකේ අනුර ගැනත් ලියනවා. ඒගොල්ලෝ අපිට ඕනේ දේවල් ලියන අය නෙවෙයි.’ යැයි කියමින් ඉරාන්ට පිළිතුරු ලබාදී ඇති බවක්ද ‘මව්රට’ට ආරංචිය.

ඒ අනුව අපට ඉරාන්ටද පැවැසීමට යමක් තිබේ. ඒ, ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් හැසිරෙන්නට යැයි කියාය. මන්ද යත් අප ‘මව්රට’ පුවත්පතේ සඳහන් කළේ 100%ක් සත්‍ය තොරතුරුය. ඒ සඳහා අවශ්‍ය සාක්ෂිද අප සතුය. ඉරාන්ට අවශ්‍ය නම් එදා හර්ෂ කෑකෝ ගැසූ රැස්වීම අවසන් කොට උඩුමහලට යෑමෙන් පසු සිදුවූ සිදුවීමද මෙහි පළකිරීමට අප සූදානම්ය. එදා අප ඒ කොටස අප පුවතේ සඳහන් කළේ නැත.

ඡන්ද පොළ නියෝජිතයන්ගේ කෑකෝගැසීමෙන් පසු අතරමග රැස්වීම අවසන් කිරීමෙන් පසු වහාම ඉහළ මහලට ගොස් දොර වසාගෙන කෝල් කොන්ෆරන්ස් දමා හර්ෂ කතාකළේ වෙන කාටවත් නොව ඉරාන්, කබීර් ඇතුළු තවත් දෙතුන්දෙනකුටත්ය. එහිදී කෝල් කොන්ෆරන්ස් දමා හර්ෂ කියා සිටියේ වෙන මොකක්වත් නොව, ‘යූ.ඇන්.පී. එකයි සජබෙයි එකතු කරන වැඩේ කොළඹ පන්සලක යනවා. අද මම ලකී ෆොන්සේකා එක්ක ගිහින් පන්සලේදී රුවන්ව හම්බවෙනවා. ඒකට මම අපේ මහලේකම්තුමාවත් එක්කගෙන යනවා.’ යැයි කියාය.

එම නිසා අපට ඉරාන්ට කීමට ඇත්තේ ඔබතුමා ඔබතුමාගේ දේශපාලනය ඔය ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යන ලෙසය. ‘මව්රට’ කරන ආකාරය පිළිබඳ අප බලාගන්නම් යැයි කියාය. අපට මාධ්‍ය කරන ආකාරය කියා දීමට ඉරාන් පැමිණිය යුතු නැත. එමෙන්ම ඉරාන්ව මෙහෙයවන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ද අපට මේ වනවිට විශාල සැකයක් මතුව තිබේ. මන්ද යත් තලතාව සජබයෙන් කඩා රනිල් ළඟට ගෙන යෑමට කපුකම කළ පුද්ගලයාම ඉරාන් පසුපස සිට හසුරුවනවාද යන්න සම්බන්ධයෙන්ද අප හට විශාල සැකයක් මතුව තිබේ. ඒ අනුව අප ඉරාන්ට කියා සිටින්නේ ‘මව්රට’ වෙබ් අඩවියේ පළවන පුවත් පිළිබඳ තැන් තැන්වල බොරු කතා නොකියා හැකි නම් අප පළකළ පුවත අසත්‍යයක් බවට හර්ෂට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරන ලෙසටය. එසේ කළහොත් අප ඊළඟ මොහොතේම දේශපාලන ටයි කෝට් අඳින, ධර්මිෂ්ට සුදු සරම් අඳින බොරුකාරයන්ගේ දේශපාලන හෙළුව රටට හෙළිදරව් කිරීමට සූදානම්ය.

සජිත්ව පැරැද්දුවේ කවුද?

ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය පෙනෙන මානයේ සිටි සජිත්ව අවසන් මොහොතේ පරාජයගේ අගාධයට ඇද දැමුවේ කවුරුන්ද යන්න මේ වනවිට සජබය ඇතුළේම විශාල කතාබහක් මතුව තිබේ. ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලිවම දැකගන්නට ලැබෙන දෙයක් වන්නේ ලක්ෂ හතරහමාරක ඡන්ද ප්‍රමාණයක සිටි ජවිපෙ ලක්ෂ 56ක් දක්වා ඡන්ද වර්ධනය කරගත්තේ තනිකරම 69 ලක්ෂයේ ඡන්ද ප්‍රමාණයෙන් බවය. 2022 ගෝඨා ජනාධිපති ධුරයෙන් ඉවත්ව පලායෑමත් සමග 69 ලක්ෂයේ ඡන්ද ප්‍රමාණය තිබුණේ බන්දේසියේ තබා වෙන්දේසියේය. මැතිවරණය ජයග්‍රහණය කරන්නේ මේ 69 ලක්ෂයෙන් ලොකු ඡන්ද කොටස කඩාගන්නා අපේක්ෂකයා බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණ.

ඒ අනුව පොහොට්ටුවේ 69 ලක්ෂය ආමන්ත්‍රණය කළ හැකි පිරිස තමන් වටා ගොනුකර ගැනීමට සජිත් මුල සිටම කටයුතු කළේ ඒකය. එහිදී සජිත් කිසිදු අවස්ථාවක චෝදනා ඇති දූෂණයට ලක්වූ කිසිද පොහොට්ටු මන්ත්‍රීවරයකු සජබයට එක් කරගත්තේ නැත. ඒ වෙනුවට සජිත් සජබයට එක්කර ගත්තේ උගත්, බුද්ධිමත්, පිරිසුදු, චෝදනා රහිත හොරු නොවන කණ්ඩායමකි. එහි ඉදිරියෙන්ම සිටියේ මහාචාර්ය ජී.එල්. පීරිස්ය. අදටත් සියලු දෙනා අවිවාදයෙන් පිළිගන්නා කාරණාව වන්නේ ජී.එල්. පීරිස් යනු පාර්ලිමේන්තුවේ සිටින ඉහළම බුද්ධිමතා යැයි කියාය. ඊළඟට මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය ගුණපාල රත්නසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, නීතිඥ ඩිලාන් පෙරේරා, ඩලස් අලහප්පෙරුම වැනි චෝදනා රහිත පිරිසිදු නායකයන් කණ්ඩායමක් සජිත් සජබයට එකතු කරගැනීමට සමත් විය. නමුත් කනගාටුවට කරුණ වූයේ මේ කණ්ඩායම සජබයට පැමිණි දින සිටම ඔවුන්ගෙන් වැඩක් ගන්නවා වෙනුවට සජබය ඇතුළෙන්ම ඔවුන්ට පහර පිට පහර දෙමින් එම පිරිස පැත්තකට කිරීමේ මෙහෙයුමක් දියත් කොට තිබීමය. ඒ මෙහෙයුම දියත් කළේ වෙන කවුරුවත් නොව හර්ෂලා සහ ඉරාන්ලාය.

රනිල් අනතුර දැක්කා

ජී.එල්.ලා, චරිත හේරත්ලා, නාලක ගොඩහේවාලා සජිත්ට සහාය දීමට පැමිණෙද්දී එහි ඇති අනතුර මුලින්ම දුටුවේ වෙන කවුරුවත් නොව රනිල්ය. මන්ද යත් ඔවුන් සජිත්ට එක්වීම රනිල් දුටුවේ තමන්ට ඉතා අවාසිසහගත තත්ත්වයක් ලෙසටය. මේ නිසා ආරම්භයේ සිටම රනිල් ප්‍රසිද්ධියේම ජී.එල්.ටත්, නාලක ගොඩහේවාටත් පහර පිට පහර දෙද්දී සජබය ඇතුළේ රනිල්ගේ කොන්ත්‍රාත්තුව ඉදිරියට ඇදගෙන ගියේ වෙන කවුරුවත් නොව හර්ෂත්, ඉරානුත්ය. ඒ අනුව රනිල්ට අවශ්‍ය දෙය වූ ජී.එල්.ලා ඩලස්ලා, චරිත හේරත්ලා, නාලක ගොඩහේවාලා කොන් කිරීම සජබය ඇතුළේ හොඳටම කරලා දුන්නේ හර්ෂත් එරානුත්ය.

එසේ කළ හර්ෂත්, ඉරානුත් නිකන් සිටියේ නැත. ගමේ මනුස්සයාට මෙලෝ දෙයක් නොතේරෙන බ්ලූ ප්‍රින්ට් යනුවෙන් ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරගෙන රට වටේ රැගෙන යෑමට පියවර ගත්හ. ලොකු ලොකු හෝටල්වල ලොකු ලොකු උත්සව තබමින් රටේ ආර්ථිකය හදන බ්ලූ ප්‍රින්ට් 1, බ්ලූ ප්‍රිින්ට් 2, බ්ලූ ප්‍රින්ට් 3 යනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශ එළියට දැම්මද ගමේ සිටින මිනිහාට මේ කිසිවක් තේරුණේ නැත. ඔවුන්ට හර්ෂලාගේ බ්ලූ ප්‍රින්ට් ආර්ථික ප්‍රතිපත්තිය අණ්ඩර දෙමළ හා සමාන විය.

ගැහුවේ ඇතුළෙන්මයි

හර්ෂලා පමණක් නොව පොහොට්ටුවෙන් ආ මෙම කණ්ඩායමට සජබය ඇතුළේ හිරිහැර අඩන්තේට්ටම් කළ තවත් පිරිසක්ද නොසිටියා නොවේ. ඔවුන් ඒ ඒ දිස්ත්‍රික්කවල මේ මන්ත්‍රීවරුන්ට ඉහළට එන්න ඉඩ දුන්නේ නැත. ආසන සංවිධායකකම් දෙන්න දුන්නේ නැත. ඇතැමුන්ට ලැබුණේ ආසන සංවිධායකකම්වලින් භාගයකි. ඇතැම් තැන්වල කාලකි. ඇතැම් සාකච්ඡාවලදී හර්ෂලා පොහොට්ටුවෙන් ආ ජී.එල්.ලාට ‘ඕල්ඩ් ….’ යනුවෙන් ප්‍රසිද්ධියේ කියමින් පාච්චල් කරන ආකාරයක්ද දැකගත හැකි විය. නාලක ගොඩහේවාලාට රනිල් සමග එකතු වී පහර පිට පහර ගැසුවේය. ඔවුන්ට බ්ලූ ප්‍රින්ට් එක ගැන කතාකිරීම තහනම් කළේය.

එහි ප්‍රතිඵලය වූයේ ලක්ෂ 2ක හිටපු රනිල් ලක්ෂ 20කට වැඩි පොහොට්ටු ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමය. ලක්ෂ හතරහමාරේ සිටි අනුර පොහොට්ටුවේ ලක්ෂ 50ක් පමණ ලබාගැනීමය. නමුත් සජිත්ට පොහොට්ටුවේ ඡන්ද ලබාගැනීමට නොහැකි වූයේ මේ උගත් බුද්ධිමත් යැයි කියන දේශපාලන මොට්ටපාලලා පොහොට්ටුවෙන් ආ උගත් බුද්ධිමත් කණ්ඩායමට ඇතුළේ සිට පහර ගැසීම නිසාය. අන්තිමේදී සජිත්ට ලැබුණේ සජිත්ගේ පියා වූ ප්‍රේමදාස මහතාට ලැබුණු ගමේ තිබූ පාරම්පරික එජාප ඡන්ද ටික විතරය. දැන් ඇතැමුන් කවුරුන්ගේ පිට වරද පටවන්නට උත්සාහ කළද ඇත්ත කතාව ඒකය.

මෙහිදී ජී.එල්. සම්බන්ධයෙන් හර්ෂ කර තිබූ තවත් සඳහනක්ද හෙළිකිරීමට අප සූදානම්ය. වරක් හර්ෂ කියා තිබුණේ ජී.එල්. වාඩිවෙන රැස්වීමක හෝ වාඩිවීමට තමන් අකැමැතියි කියාය. මේ නිසාම වරක් සජබ මැයි දින රැලියේදී ලොකු කලබලයක්ද සිදුවිය. අන්තිමේදී මහ ලොකුවට හිතාගෙන ඡන්ද කළ හර්ෂට කෝට්ටේ සජබ පාක්ෂිකයන් හොඳ පිළිතුරක් ලබාදී තිබේ. ඒ, රනිල්ටත් පසුපසට දමමින් කෝට්ටේ තුන්වැනි තැනට සජබය පත්කරමිනි. ඒ නිසා සජබයට දැන් ස්වයං විවේචනයක නිරත වීමට කාලය පැමිණ තිබේ. තවදුරටත් හර්ෂලාගේ මේ බ්ලූ ප්‍රින්ට් අණ්ඩර දෙමළය කරේ තියාගෙන යනවාද, එසේ නොමැති නම් පොහොට්ටුවේ උගත් බුද්ධිමත්, ගම සමග සිටින නායකයන් එකතු කරගෙන ගමේ මනුස්සයාට තේරෙන ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරගෙන ඉදිරියට යනවාද කියාය. එසේ කොට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න බලාගෙන සිටින මේ දේශපාලන පුහු වීරයන්ට ජනතාව හමුවට ගොස් ජනතා ඡන්දයෙන් එන ලෙස දැනුම් දීමටද සජබය මෙවර වගබලාගත යුතුව ඇත.

කබීර් හරි තැන

බදාදා දිනයේ පැවැත්වූ සජබ කළමනාකරණ කමිටුව සම්බන්ධයෙන්ද මෙහිදී යමක් සඳහන් කළ යුතුව තිබේ. මෙම කළමනාකරණ කමිටු රැස්වීම සජිත්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේම එහි සාකච්ඡා වන කිසිදු කරුණක් පිටතට නොදෙන ලෙසට සියල්ලන්ටම උපදෙසක් ලබාදෙමිනි. නමුත් ‘මව්රට’ට නම් සජබයද, එජාපයද, මාලිමාවද පොහොට්ටුවද කියා වෙනසක් නොමැතිව ඕනෑම පක්ෂයක් ඇතුළේ සිදුවන අභ්‍යන්තර සාකච්ඡාවක තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් තිබේ. හර්ෂගේ පක්ෂ කාර්යාලයේ පැවැති රැස්වීමේ සිදුවූ අතිශය රහසිගත තොරතුරු පවා අප ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කළේ එම තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයට අනුවය. සදාචාරාත්මක හේතු මත සජබ කළමනාකරණ රැස්වීමේ සාකච්ඡා කළ යම් යම් කරුණු වාර්තා කිරීමට අප පියවර නොගත්තද එහිදී සාධනීය කරුණු රැසක්ම සාකච්ඡා වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ‘මව්රට’ සම්බන්ධයෙන් ඉරාන් චෝදනාවක් එල්ල කර තිබුණේද මෙම කළමනාකරණ කමිටු රැස්වීමේදීය.

මෙහිදී සජිත් සම්බන්ධයෙන් සහ සජිත්ගේ සමීපතමයකු වූ ලක්ෂ්මන් ෆොන්සේකා සම්බන්ධයෙන් සාධනීය විවේචන රැසක් සිදුවී අති බවක්ද දැනගන්නට තිබේ. විශේෂයෙන්ම කබීර් හෂීම් මෙහිදී වහාම පක්ෂය ඇතුළේ හදාගත යුතු අඩුපාඩු රැසක් පෙන්වා දීමට කටයුතු කොට තිබේ. විශේෂයෙන්ම ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරදී සිදුවූ දැවැන්ත අඩුපාඩු, එය මෙහෙයවූ අයගේ පැවැති දුර්වලතා සම්බන්ධයෙන් කබීර් කළ අදහස් දැක්වීම සමග අපද 100%ක් එකඟය. එමෙන්ම කබීර් සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ යමක් සඳහන් කළ යුතුව තිබේ. ඒ, කබීර් සමග සිටි අනෙක් අය පක්ෂ නායකත්වය ඉල්ලද්දී, විවිධ රූකඩවලට හසුවෙද්දී, එක එක්කෙනාගේ කුමන්ත්‍රණ ඉටුකරද්දී කබීර් ඒ කිසිවකට හසු නොවී ඉතා අවංකව අදහස් පළකර ඇති බවය. එහිදී මැතිවරණ ව්‍යාපාරයේදී ඇතැම් දේශපාලන නායකයන්ට හරිහමන් තැනක් නොලැබීම සම්බන්ධයෙන් කබීර් දැක්වූ අදහස් 100%ක් නිවැරැදිය. ඒ අනුව අපට කබීර්ට කීමට ඇත්තේ හැකි ඉක්මණින් ඔය බ්ලූ ප්‍රින්ට් කල්ලියෙන් නිදහස් වී පළපුරුදු දේශපාලන නායකයකු ලෙස තමන්ගේ දේශපාලන අනාගතය දෙස බලන ලෙසය.

සුමන්තිරන් අගමැති?

ජනාධිපතිවරණය අවසන් වීමත් සමග දේශපාලන ක්ෂේත්‍රයේ ගිය විශාල කටකතාවක් වූයේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබල නායකයකු වූ එම්.ඒ. සුමන්තිරන් හට ආණ්ඩුවේ අගමැති ධුරය ලබාදීමට අනුර තීරණය කොට ඇතැයි කියාය. එමෙන්ම අනුරගේ කැබිනට් මණ්ඩලයේ දෙමළ සන්ධාන නියෝජිතයන් සිටින බවටද ඒ ගිය කටකතාවෙන් වැඩිදුරටත් කියවිණ. මේ කටකතාව වෙබ් අඩවි කිහිපයක පළ කළේ වෙන කොහෙන්වත් නොව රනිල්ගේ පැත්තෙනි. එමෙන්ම ඉතා සූක්ෂ්ම ආකාරයට එම පුවත ‘මව්රට’ වෙබ් අඩවියේ පළකර ගැනීමටද ඔවුන්ට වුවමනා වී තිබිණි. නමුත් කතාව ආ සැණින්ම සහ කතාව ආ තැන පිළිබඳ සොයාබැලීමේදී අපට මේ පුවත ප්ලාන්ට් එකක් බව වටහා ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.

කෙසේ වෙතත් මැතිවරණයට පෙර අනුර සහ සුමන්තිරන් අතර පැවැති සාකච්ඡාවලදී අනුරගේ පැත්තෙන් ඒ හා සමාන යෝජනාවක් දෙමළ සන්ධානයට ඉදිරිපත්ව තිබිණි. ඉන් කියැවුණේ ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුවට එකතු වන්නේ නම් රටට වැඩක් කිරීම සඳහා දෙමළ සන්ධානයට ප්‍රබල තනතුරු ලබාදිය හැකි යැයි කියාය. නමුත් ඊට සුමන්තිරන්ගේ පාර්ශ්වයෙන් සාධනීය පිළිතුරක් ලැබුණේ නැත. එමෙන්ම ජනාධිපතිවරණයෙන් පසුව ඒ සම්බන්ධයෙන් කිසිදු කතාබහක් දෙපාර්ශ්වය අතර සිදුවූයේද නැත.

අනුර කරන්න යන දේ

නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට නිල වශයෙන් සිය රාජකාරි ආරම්භ කොට තිබේ. අනුරගේ දෙඋර මත පැටවී ඇති ලොකුම බර වී ඇත්තේ පසුගිය කාලය පුරා මැතිවරණ වේදිකාවලදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමය. ඒ සඳහා යම් ආරම්භයක් ගනිමින් අනුර මේ වනවිට ගොවීන්ට ලබාදී තිබූ රුපියල් 15,000 සහනාධාරය 25,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගත්තේය. එසේම ධීවරයන්ට ඉන්ධන සහනාධාරය ලබාදීමටද කටයුතු කළේය.

කෙසේ වෙතත් මේ ආකාරයට අනුර ජනාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කළත් බොහෝ දෙනා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමට පෙර සැක පහළ කරමින් කියා සිටියේ මාලිමාව ජයග්‍රහණය කළ සැණින් රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් ඇතිවෙනු ඇතැයි කියාය. විරුද්ධවාදීන්ට පහර දෙමින් විරුද්ධවාදීන්ගේ නිවාසවලට පහර දෙනු ඇතැයි කියාය. ඇතැම් පාර්ශ්වයන් විසින් සංවිධානාත්මකව එම ප්‍රචාරය ගෙන යෑම නිසා අනුරට අවශ්‍යව තිබුණේ එවැනි කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇති නොවන තැනට කටයුතු කිරීමටය. එය ඉතා සාර්ථකව අවසන් කරගැනීමටද අනුරට හැකියාව ලැබී තිබිණි.
ඒ අනුව මේ වනවිට අනුර අවධානය දී ඇත්තේ ජනතාවට පොරොන්දු වූ පරිදි හොරු ඇල්ලීමේ ක්‍රියාවලියට අත ගැසීමටය. බොහෝ දෙනා අනුර ජනාධිපති වූ සැණින් පොලිසිය ලවා හොරුන්ගේ බෙල්ලෙන් අල්ලා හිරේ දමනු ඇති බව සිතා සිටියත් අනුර එවැනි තැනකට පත්වූයේ නැත. ඒ වෙනුවට අනුර සැලසුම් කර ඇත්තේ 100%ක්ම තහවුරු කළ හැකි ප්‍රධාන පෙළේ රට හොල්ලපු වංචා දූෂණ 10ක් පමණ එළියට ගෙන ඒවායේ විමර්ශනයන් යළි ආරම්භ කිරීමටය. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් රැසක්ම එළියට ඒමට නියමිත බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

විශේෂයෙන්ම එහිදී මහබැංකු බැඳුම්කර හොරකමටද ඉහළම තැනක් හිමිවී තිබේ. පසුගිය කාලයේ දේශපාලන වේදිකාවේදී රනිල් – අනුර ඩීල් එකක් ගැන දිගටම කියවුණත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ මහබැංකු හොරකම පිළිබඳ මුල සිට යළි විමර්ශනය කිරීමට අනුරගේ ආණ්ඩුව තීන්දු කොට ඇති බවය. ඊට අමතරව පසුගිය වසර දෙකක ආණ්ඩු කාලය තුළ උණු උණුවේ සිදුව ඇති බිලියන ගණන් වටිනා වංචා දූෂණ සම්බන්ධයෙන්ද විමර්ශනය කිරීමට අනුර මේ වනවිටත් තීන්දුවක් ගෙන අවසානය.

ෆයිල් තියෙනවා

මීට අමතරව ජනාධිපතිවරණයට සති 3ක් තබා අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් අප කියා සිටියේ එක්තරා ඇමැතිවරයකුගේ බිරියගේ සහ දරුවන්ගේ ගිණුම්වලට අතිවිශාල මුදල් කන්දරාවක් වැටී ඇති බව කියවෙන ලිපි ගොනුවක් අනුරගේ අතට පත්ව තිබුණා යැයි කියාය. එමෙන්ම රනිල්ගේ ආණ්ඩුවේ ලොකුවට දැඟලූ එක්තරා මන්ත්‍රීවරයකු කොළඹ 03න් මිලට ගනු ලැබූ කෝටි ගණනක් වටිනා අක්කර තුනක ඉඩමක් පිළිබඳවත්, ඊට පෙරාතුව මිලට ගනු ලැබූ තවත් එවැනිම ඉඩමක් පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනුවක් පිළිබඳවත් අප ‘මව්රට’ ඔස්සේ වාර්තා කර සිටියෙමු. එම ලිපි ගොනුව ලැබී තිබුණේ එවක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතටය. ඒ අනුව මෙම ලිපි ගොනු දෙක පිළිබඳවද මේ වනවිට විශේෂ විමර්ශනයක් පැවැත්වීමට අනුර පියවර ගෙන ඇති බව ආරංචිය. මීට අමතරව හිටපු මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් එල්ලවී අති බරපතළ වංචා දූෂණ චෝදනා රැසක් පිළිබඳවද ඉදිරි සතියේ සිට විමර්ශන ආරම්භ කිරීමට නියමිතව තිබේ. එහිදී තමන් දන්නා තොරතුරු ඉතා රහසිගතව ලබාදීමට මහජනතාවට අවස්ථාව ලබාදීමටද අනුර තීන්දු කොට ඇති බවක් ආරංචිය.

රනිල් යනවාද?

1994 සිට වසර 30ක් පුරා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අඛණ්ඩව දරමින් මැතිවරණ 40ක් පමණ පරාජයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ තමන් තරගවැදුණු තුන්වැනි ජනාධිපතිවරණයත් තුන්වැනි තැනට වැටී පරාජයට පත්විය. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නිතරම කතාකරන, බටහිර දේශපාලනය පිළිබඳ නිතරම කතාකරන, දේශපාලන සදාචාරය පිළිබඳ නිතරම කතාකරන රනිල්, එම කතා කතාවට පමණක් සීමාකොට කිසිදු ලැජ්ජාවකින් තොරව තවදුරටත් එජාප නායකත්වයේ සහ තවදුරටත් දේශපාලනයේ යෙදීමට තීන්දු කොට ඇති ආකාරයක් මේ වනවිට දැකගැනීමට පුළුවන. සාමාන්‍යයෙන් බටහිර රටවල නම් මැතිවරණයක් පරාජයට පත්වූ විට නායකත්වයෙන් හෝ දේශපාලනයෙන් ඉවත් වීම සාමාන්‍ය සිරිතක් වුවද, රනිල් සම්බන්ධයෙන් නම් තත්ත්වය එසේ නොවේ.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමග දේශපාලන ක්ෂේත්‍රයේ ගිය කතාව වූයේ එජාපය සහ සජබය එක්විය යුතු යැයි කියාය. ඒ සඳහා තවදුරටත් පාර කපමින් රනිල් වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කළ රුවන් විජයවර්ධන කියා සිටියේ රනිල් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සූදානම් නොමැති බවත්, අඩුම තරමින් ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තු ඒමට සූදානම් නොමැති බවත්ය. රනිල් දේශපාලනිකව විශ්‍රාම යෑමට තීන්දු කර ඇති බවද එම ප්‍රකාශයෙන් තවදුරටත් කියැවිණ. නමුත් මේ ප්‍රකාශය පිටවූ වහාම ‘මව්රට’ වෙබ් අඩවිය ඔස්සේ අප විශේෂ පුවතක් පළකරමින් කියා සිටියේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, රනිල් කිසිසේත්ම එජාප නායකත්වයෙන් හෝ දේශපාලනයෙන් ඉවත් නොවන බවත්ය.
නමුත් අප කී කතාවට ඒ අවස්ථාවේදී හිනාවූ සජබයේ ඇතැමුන් ඒ කිසිවක් නොතකා සජබය සහ එජාපය එක්විය යුතු බවට පක්ෂය ඇතුළේ අදහස් පළකරමින් කියා සිටියහ. එහි ඉදිරියෙන්ම සිටියේ හර්ෂත්, ඉරානුත්ය. මේ දෙදෙනාම සජිත්ට පෙන්වා දී තිබුණේ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එජාපය සමග එක්වී තරග කළ යුතු යැයි කියාය. නමුත් සජිත්ට මුල් අවස්ථාවේදීම රනිල් කරන්න යන්නේ බොරුවක් බව තහවුරු වී තිබිණ. නමුත් විවිධ පාර්ශ්වවලින් ඉදිරිපත් වූ යෝජනා සලකා බලා සාකච්ඡා කඩාකප්පල් කිරීමට සජිත් කටයුතු කළේ නැත.

මෙම යෝජනාව පළමුවෙන්ම හර්ෂලාගේ පැත්තෙන් එළියට ආවේ සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදීය. හරියටම ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම පැවැත්වෙන වේලාව අල්ලා රුවන් විජයවර්ධන රනිල් පාර්ලිමේන්තුවට තරග නොකරන බවට වූ ප්‍රකාශය ඉදිරිපත් කළේය. එය රුවන්ගේ පවුලේ පත්තරය වූ ඩේලි මිරර් පුවත්පතෙන් ප්‍රචාරය කිරීමත් සමග සජබ ආසන සංවිධායක සමුළුවේ අසුන්ගෙන සිටි හර්ෂ එය තමාගේ ජංගම දුරකතනයෙන් ඒ මොහොතේම සජිත්ටත්, ආසන සංවිධායකවරුන්ටත් පවසා සිටීමට පියවර ගත්තේය. නමුත් අප ඒ මොහොතේම කියා සිටියේ මෙය රනිල්ගේ තවත් එක් රඟපෑමක් බවත්, රනිල් කිසිසේත්ම පක්ෂ නායකත්වයෙන් හෝ දේශපාලනයෙන් ඉවත් නොවන බවත්ය.

කපුකම පන්සලක

ඒ අනුව එජාපය සහ සජබය එක්කරන සාකච්ඡා ආරම්භ වූයේ කොළඹ පිහිටි එක්තරා ප්‍රධාන පෙළේ විහාරස්ථානයකය. සාමාන්‍යයෙන් විහාරස්ථානයක බෞද්ධාගමික කටයුතු සිදුකළ යුතු වුවත් මෙම විහාරස්ථානය එදා සිටම දේශපාලන කපුකම් කිරීමට සුප්‍රසිද්ධ විහාරස්ථානයකි. ඊට රාජපක්ෂවරුන් සමගද සම්බන්ධතා තිබේ. රනිල් වික්‍රමසිංහලා සමගද සම්බන්ධතා තිබේ. ඒ අනුව මෙම විහාරස්ථානයේ රුවන් විජයවර්ධනත්, ලක්ෂ්මන් ෆොන්සේකාත්, හර්ෂද සිල්වාත්, රංජිත් මද්දුමබණ්ඩාරත් සාකච්ඡා ආරම්භ කළද සජිත් එහිදී පැහැදිලිවම මෙම කණ්ඩායමට දැනුම් දී සිටියේ රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේ නම් පමණක් එජාපය සමග ගනුදෙනු කිරීමට තමන් සූදානම් යැයි කියාය.

මීට අමතරව එජාප කළමනාකරණ කමිටුව පැවැත්වෙද්දී කලින් සැලසුම් කළ ආකාරයටදෝ අකිල විරාජ් කාරියවසම්ගෙන් සහ රුවන් විජයවර්ධනගෙන් සජබ ප්‍රධානීන්ට එක දිගට දුරකතන ඇමතුම් ලැබී තිබිණි. එහිදී අකිලත්, රුවනුත් කියා සිටියේ රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවත්, ඊට රනිල්ගේ බිරිය වූ මෛත්‍රී වික්‍රමසිංහද එකඟතාව පළකොට ඇති බවත්, එම නිසා පක්ෂ දෙක එකතු කිරීමේ ගැටලුවක් නොමැති බවත්ය.

නමුත් මෙම තොරතුරු අප වෙත වාර්තා වීමෙන් පසු ඒ පිළිබඳ කළ සොයාබැලීමේදී අපට දැනගන්නට ලැබුණේ එයද සම්පූර්ණ අසත්‍යයක් බවයි. මෙවැනි ටෙලිනාට්‍ය හරහා සජිත් ඇන්දවීමට මෙම පිරිස සූදානම් වන බවද අපට එහිදී තහවුරු විය. ඒ අනුව අප එම පුවතද ‘මව්රට’ වෙබ් අඩවිය ඔස්සේ පළකරමින් එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත්, රනිල් කිසිසේත්ම පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට කටයුතු නොකරන බවත් වාර්තා කර සිටියෙමු.

අප කී මෙම කතාව පළමු වරට තහවුරු වූයේ එජාප ජ්‍යෙෂ්ඨයන් රනිල් හමුවීමට ගොස් මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවේදීය. එම එජාප කණ්ඩායමට අකිල, රුවන්, රාජිත, සාගල, වජිර, තලතා එක්ව සිටියහ. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී පැවැති මෙම සාකච්ඡාවේදී අකිල, රුවන්, රාජිත සහ තලතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසට රනිල්ට දැනුම් දී සිටියත් රනිල් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වන ආකාරයක් දක්නට ලැබුණේ නැත. ඒ අනුව වහාම සාගල රනිල් සමග නිවසේ ඇතුළු කාමරයකට ගොස් සාකච්ඡාවක් පැවැත්වූ අතර, එම සාකච්ඡාවෙන් පසු රනිල් එළියට පැමිණ කියා සිටියේ ‘අපි කොහොමද ඒ අයත් එක්ක එකතු වෙන්නේ. ටෙලිෆෝන් එකෙන් පුළුවන්ද අපිට ඡන්දේ ඉල්ලන්න?’ යනාදී වශයෙන් කියමිනි.

සාකච්ඡා අවසන්

මෙම සාකච්ඡාවේදීද ‘මව්රට’ සම්බන්ධයෙන් පිරිසට විශාල ප්‍රශ්නයක් පැනනැගී තිබිණි. එහිදී සිය ජංගම දුරකතනයෙන් ‘මව්රට’ වෙබ් අඩවියේ පළව තිබූ පුවත් රැසක් එහි සිටි පිරිසට පෙන්වමින් වජිර කියා සිටියේ ‘මව්රටෙන් දැන්ම තියලා අපිට ගහනවා දූෂිතයෝ සජබයට ගන්න එපා කියලා. එහෙම තියෙද්දී අපට පුළුවන්ද ගිහිල්ලා මේ අයට යටවෙන්න.’ යැයි කියාය. සජබ කළමනාකරණ කමිටු රැස්වීමේදී ඉරාන්ට ‘මව්රට’ ප්‍රශ්නයක් වූවා සේම එජාප සාකච්ඡාවේදී වජිරට ‘මව්රට’ ප්‍රශ්නයක් වීම පුදුමසහගතය.

මේ අතර, මේ සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පෙර කී කොළඹ දේශපාලන කපුකම් කරන විහාරස්ථානයේදී පැවැත්විණි. ඊටද රුවන්, ලක්ෂ්මන් ෆොන්සේකා සහ රංජිත් මද්දුමබණ්ඩාර එක්වී සිටියහ. මෙහිදී රුවන් අප මුල සිටම ‘මව්රට’ වෙබ් අඩවියෙන් කී රනිල් එජාප නායකත්වයෙන් ඉවත් නොවන බවට වූ පුවත සජබ නායකයන්ට දැනුම් දීමට පියවර ගත්තේය. ඒ අනුව අප අනාවරණ කළ පුවත 100%ක් සත්‍ය බව ඒ මොහොතේම තහවුරු විය. ඒ අනුව තවදුරටත් රුවන්, රංජිත් මද්දුමබණ්ඩාරගෙන් ඉල්ලා සිටියේ හැකි නම් රනිල්ව මුණගැසී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන ලෙසය.

එම ඉල්ලීමට අනුව සිකුරාදා පෙරවරුවේ රංජිත් මද්දුමබණ්ඩාර රනිල්ගේ නිවසට ගොස් ඔහු සමග මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී මද්දුමබණ්ඩාර කෙළින්ම රනිල්ගේ මුහුණටම කියා තිබුණේ දැන්වත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නට කටයුතු කරන්න යැයි කියාය. කෙසේ වෙතත් රනිල් එහිදී රුවන් දෙස බලා ‘මෙන්න මේ අහන ඒවට උත්තර දෙන්න..’ යැයි කියමින් කතාව වෙනත් පැත්තකට හැරවීමට උත්සාහ ගෙන තිබිණ. ඒ අනුව සාකච්ඡාවෙන් පසු තත්ත්වය පිළිබඳ මද්දුමබණ්ඩාර සජිත්ව දැනුවත් කිරීමට කටයුතු කළ අතර එහිදී සජිත් කියා සිටියේ එසේනම් තවදුරටත් එජාපය සමග සාකච්ඡා කිරීමෙන් පලක් නොමැති බවකි.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ගෝල්ෆේස් එකේ දමා ගිය වාහන ගැන කීර්ති තෙන්නකෝන් පිළිතුරු දෙයි! මට දීපු වාහනය නිසි අයුරින් බාර දීලා පදනම් ආයතනයේ නැවැත්තුවා! I Sri Lanka Latest News

Next Post

අනුර එක්ක කතා කරන්න IMF ටීම් එකක් අඟහරුවාදා ලංකාවට එනවා!  I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.