ක්‍රීඩා, යෞවන සහ සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී ‘ශ්‍රී ලංකාව ඉන්දියවේ කොටසක්’ යැයි කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් ‘එට්කා’ එපා ජාතික එකමුතුව’ කොල්ලුපිටියේ පිහිටි ඉඩම් සහ සංචාරක අමාත්‍යංශය ඉදිරිපිට අද (20) පෙරවරු විරෝධතාවක් පැවැත්වීය.Sri Lanka Latest News
එම පිරිස ‘හරීන් ඇමතිකමින් වාහා නෙරපනු සහ ඉන්දියාවට රට විකිණීම වාහා නවතනු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ගෙන විරෝධතාවයේ නිරත වූහ.










