නඩු කටයුත්තකට මුහුණ දී සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සහ සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු ඕස්ට්‍රේලියාවේදී මුණගැසී ඇත.Sri Lanka Latest News
එරට අවන්හලකදී සිදුවී ඇති මෙම හමුවේ ඡායාරුපයක් සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබේ.
ඕස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවරයක් සිදු කර ඇති බවට එල්ල වූ චෝදනා මත ධනුෂ්ක ගුණතිලක මේ වන විට පසුවන්නේ එරටින් පිටවීමට නොහැකිවය.
කෙසේ වෙතත් එම චෝදනාව එල්ල වී ඇති නඩු විභාගයේදී, තම ඉරණම විසඳීම ජූරි සභාවට පැවරීමෙන් වැළකී සිටින ලෙස ඔහු පසුගියදා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙම වසර මුලදී රජයේ අභිචෝදකයා විසින් ධනුෂ්කට එරෙහිව එල්ල කර තිබූ වෙනත් චෝදනා තුනක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු, කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීමේ එක් චෝදනාවකට පමණක් ඔහු මුහුණ දී සිටී.
ඔහු 07 වැනිදා සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ පෙනී සිට ඇති අතර, එහිදී ඔහුගේ නීතීඥයා විනිසුරුවරයා ඉදිරියේ පමණක් නඩු විභාගය සිදුකරන ලෙස ඉල්ලමින්, නඩු විභාගය ප්‍රමාද කරන ලෙස ඉල්ලා ඇත.










