• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පකිස්තාන ආණ්ඩුව IMF කොන්දේසිවලට යට නොවී IMF සල්ලි ගන්න IMF එකත් එක්ක සටන් කළේ මෙහෙමයි! අපි කලින්ම ලිපියක් පළ කළා! මෙන්න ඒ ලිපිය! ආයෙමත් කියවන්න! I Sri Lanka Latest News

July 13, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතහොත් අයි.එම්.එෆ් සමග එළඹි ගිවිසුම තරම් මෑත භාගයේ ශ්‍රී ලංකාවේ සාකච්ඡාවට බඳුන්වූ වෙනත් ලේඛනයක් නොමැති තරම්ය. පාර්ලිමේන්තුවේ සිට ගමේ කෝපි කඩය තෙක් පුළුල් පරාසයක සාකච්ඡාවට ලක්වූ අයි.එම්.එෆ්. ගිවිසුම අපි කැමැති වූවත් නැතත් ඉදිරි දශක දෙක තුනේදී අප කො‍යි කාගේත් ඉරණම තීරණය කරන ලියවිල්ල වන්නේය.(Sri Lanka Latest News)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹි ගිවිසුම අනුව මේ වන විටත් ලංකාවේ ආණ්ඩුව ජාතික ආර්ථිකයේ අතුඉති පාහිමින් සිටියි. මේ පිළිබඳ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසුවේ ‘මීට වඩා හොඳ ගනුදෙනුවකට අපට අයි.එම්.එෆ්. එකත් එක්ක යන්න තිබුණා‘ යනුවෙනි. විපක්ෂ නායකගේ එම ප්‍රකාශය අපට මේ මොහොතේ සිහියට නැගෙනුයේ පාකිස්තානයේ මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් කළ ප්‍රකාශයක් සමගය. ඔහු පවසනුයේද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹි ගිවිසුම අපට එළඹීමට හැකිව තිබූ හොඳම ගිවිසුම නොවන බවයි.

පාකිස්තානය මේ මොහොතේ සිටින්නේ ආර්ථික අර්බුදයක තරමටම දේශපාලන අර්බුදයකද ගිලීගෙනය. මේ වන විට එරට ආර්ථිකය මතු නොව දේශපාලනයද පවතිනුයේ කළු කුහරයක් තුළට ඇදී යමින් යැයි පැවසීම සාධාරණය. මේ මොහොතේ පාකිස්තානයද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උදව් ලබාගෙන ඇති අතර, ඉදිරියේදී වඩාත් විශාල ආධාරයක් එම ආයතනයෙන් බලාපොරොත්තුවෙන් සිටී. එහෙත් ඇතුළත සහ පිටත යන දෙගිනිවලින් දැවෙමින් සිටින පාකිස්තානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග බරපතළ කේවල් කිරීමක යෙදී සිටියි.

එකී කේවල් කිරීම කෙතරම් දුරට ගොස් ඇත්දැයි කිවහොත්, මේ වන විට එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අතහැරීමට පවා සූදානම් බව දැකගත හැකිය. පසුගියදා එරට මූල්‍ය පිළිබඳ සෙනෙට් සභාවේ ස්ථාවර කමිටුව හමුවේ සාක්ෂි දෙමින් මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් පැවැසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කඩිනම් සහන පැකේජය සමග හෝ එවැන්නක් නොමැතිව රට වෙනුවෙන් සිය වගකීම් ඉටු කිරීමට රජය සූදානම් බවයි.

නොවැම්බරයේ සිට විභාග වෙමින් පවතින නවවැනි සමාලෝචනය පිටුපස ඇති ‘අනවශ්‍ය ප්‍රමාදය’ සඳහා IMF විසින් කිසිදු හේතුවක් ඉදිරිපත් කර නොමැති බව පවැසූ ඔහු, ‘IMF ඇත හෝ IMF නැත යන්න ප්‍රශ්නයක් නොවේ. රජයක් ලෙස පාකිස්ථානයේ වගකීම අප දරන්නෙමු’ යනුවෙන් පැවැසීය.

‘ජත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නොවේ, වෙනත් ගෝලීය ආයතනවලද අවශ්‍යතාව අප හඳුනාගෙන සිටින්නෙමු. ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවට කළ දේ පාකිස්තානයටද කරන්නටය. ණය ගෙවීම පැහැර හැර ඉන් පසු සාකච්ඡා කිරීම ඒ අයගේ අපේක්ෂාවයි. මේ පිටුපස ඇත්තේ වෙනත් භූ දේශපාලනයක් බව අප දැන සිටින්නෙමු’ ඉෂාක් ඩාර් පවසන්නේය.

ඒ අතරම ඔහු රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ‘සියල්ල පිළිවෙළට’ ඇති බවත්, ‘සියල්ල සකස් කර ඇති’ බැවින් කලබල විය යුතු නැති බවත්ය.

පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා තවමත් සිදුකරමින් පවතී. අප ඔවුන් අතහැර නැත. අයි.එම්.එෆ්. ආයතනය සිය නවවැනි සමාලෝචනය මේ මාසයේ අවසන් කරනු ඇත. පාකිස්තානයට ඩොලර් බිලියන 3.7ක ණය ආපසු ගෙවීම කරන්නේ කෙසේද යන්න පිළිබඳ අප්‍රේල් මස අගදී ණය ශ්‍රේණිගත කිරීමේ ෆිච් රේටින් ආයතනය විසින් ප්‍රශ්නයක් මතුකරන ලද මුත්, එය කෙසේ හෝ ගෙවීමට පාකිස්තානය සමත් විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම අසාධාරණ බවත්, තම රටවැසියාගේ වඩාත් හොඳ හෙට දවස වෙනුවෙන් මිස ගෝලීය ආයතනවල හිත පිනවීමට පාකිස්තානය තීරණ නොගන්නා බවත් ඉෂාක් ඩාර් පවසන්නේය. ඔහු පුන පුනා පවසන්නේ එකම දෙයකි. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව හිරකළ උගුලේ පාකිස්තානය හිරකරන්නට තම රජය කිසිම දිනයක ඉඩ නොදෙන බවය.

මේ තීරණාත්මක අර්බුදය හමුවේ එය ජයගැනීමේ තිරසාර අරමුණින් පාකිස්තාන ආණ්ඩුව පමණක් නොව, එරට ජනතාවද කටයුතු කරති. අනන්ත දුක් ගැහැට විඳදරා ගනිමින් අයි.එම්.එෆ්. යෝජනා ගෙඩිය පිටින් පිළිගැනීම වෙනුවට ඊට සංශෝධන යෝජනා කරමින් අතිශය ප්‍රශංසනීය කේවල් කිරීමක යෙදෙන්නට එරට ආණ්ඩුව මේ මොහොත වන විටත් සමත්ව ඇත.

අවසානයේ ජය පරාජය කෙසේ වෙතත් මේ මොහොතේදීත් පාකිස්තාන ආණ්ඩුව යාබද ඉන්දියාවේ දැවැන්ත භූ භෞතික දේශපාලන ප්‍රතිරෝධයට මුහුණ දෙමින් සෞදිඅරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය ලබාගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අසාධාරණ කොන්දේසිවලට එරෙහිව සටන් කරමින් සිටිති. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට කරපු දෙය පාකිස්තානයට කරන්න අපි ඉඩ දෙන්නේ නෑ’ යනුවෙන් පාකිස්තාන මුදල් ඇමැතිවරයා ලෝකයට දෙන්නේ එම පණිවුඩයය.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

ඕස්ට්‍රේලියා ගිය හරීන්-සනත් ලිංගික චෝදනා මත නඩු වැටී සිටින ධනුෂ්කවත් බලන්න ගිහින්! I Sri Lanka Latest News

Next Post

ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා උතුරේ විරෝධතාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.