• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

සජිත්ට ගේම දුන්නේ අපි එකට…! ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට…! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 29, 2022
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
සජිත්ට ගේම දුන්නේ අපි එකට…! ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට…! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනයේ පමණක් නොව ලෝක දේශපාලනයේත් පියා හෝ මවගෙන් පසු දේශපාලනයට එන පුතා හෝ දුවට හිමි වන්නේ පියා හෝ මව දේශපාලනය කළ ආසනයය. ඩී.ඇස්. මියගිය විට ඩඩ්ලිට ලැබුණේ ඩී.ඇස්.ගේ දැදිගම ආසනයය. මැතිනිය මියයෑමට කලින්ම අත්තනගල්ල චන්ද්‍රිකාට පැවරීය. ඒ වගේ ප්‍රේමදාස ඝාතනය වූ විට මැද කොළඹ ආසනය සජිත්ව හිමිවෙතැයි හැමෝම සිතූහ. ඒත් ප්‍රේමදාස ඝාතනය වූ පසු අගමැති ධුරයට පත් රනිල් මැද කොළඹ ආසනය තමන් යටතට ගත්තේය. සජිත් දේශපාලනයට එන විට ඔහුට කොළඹින් පිට ආසනයක් තෝරාගැනීමට සිදුවුණේ රනිල් සජිත්ට කොළඹ ආසනයක් දෙනවාට කැමැති නොවූ නිසාය.

එවක ජනාධිපති විජේතුංග සහ අගමැති රනිල් සජිත් හෝ සජිත්ගේ මව හෝ ප්‍රේමදාස පවුලෙන් කිසිවකු දේශපාලනයට එනවාට කැමැති නොවීය. මේ ප්‍රශ්නය නිසා සජිත්ට කවුරුත් යන්න අකැමැති හම්බන්තොට ආසනය දුන්නේ 1994 යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂක වූ ගාමිණී දිසානායකය. ගාමිණී ඝාතනය වී විජේතුංග විශ්‍රාම ගොස් රනිල් යූ.ඇන්.පී. නායකත්වයට පත්වීමෙන් පසු සජිත් යූ.ඇන්.පී. යොවුන් පෙරමුණු සභාපති ධුරයට තරග කරන්නට තීරණය කළේය. ඒත් රනිල් එය වැළැක්වූයේය. රනිල් යොවුන් පෙරමුණ භාරදුන්නේ හම්බන්තොට මන්ත්‍රී ආනන්ද කුලරත්නටය. 1994 මහ මැතිවරණයෙන් යූ.ඇන්.පී.ය හම්බන්තොට දින්නේ මන්ත්‍රී ආසන දෙකකි. එකක් දින්නේ ආනන්ද කුලරත්නය. අනෙක දින්නේ මර්වින් සිල්වාය. හම්බන්තොට දිස්ත්‍රික්කය දින්නේ පොදු පෙරමුණය. ඒ ජයග්‍රහණයට හම්බන්තොටින් නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂය. සජිත් හම්බන්තොට දේශපාලනයට ආවේ 1994 මහ මැතිවරණයට පසුවය. ඔහු හම්බන්තොටින් ආසනයක් අරන් එන විටම මහින්ද, සජිත් තමාට අභියෝගයක් බව වටහා ගත්තේය.

1994ට පෙර ශ්‍රීලනිපයේ අනුර සහ චන්ද්‍රිකා බෙදී ගහමරා ගන්නා කාලයේ සිටම මහින්ද රනිල්ගේ මිතුරකු විය. රනිල් ජේ.ආර්.ගේ සහ ප්‍රේමදාසගේ ආණ්ඩුවල ඇමැති ධුර දරද්දී රනිල් සහාය දුන්නේ ශ්‍රීලනිපයේ අනුර පිලටය. මහින්ද ඒ පිලේ ප්‍රබලයකු විය. මර්වින් සිල්වා හිටියේත් මේ පිලේය. 1993 චන්ද්‍රිකා ශ්‍රීලනිපයේ බලය අල්ලද්දී අනුර, මර්වින් සිල්වලා සමග යූ.ඇන්.පී.යට එක්වූයේ මහින්ද සමග අවබෝධයෙන්ය. මහින්ද ශ්‍රීලනිපය හැරදමා ගියේ නැත. මර්වින් සිල්වාව දේශපාලනයට ගෙන ආවේ මහින්ද රාජපක්ෂය. 1994 මහ ඡන්දය හම්බන්තොටින් දින්නාට පසු මහින්ද සහ මර්වින්ගේ මිතුරුකම් නැති නොවීය. 1994 හම්බන්තොට ඊළඟ මන්ත්‍රී ධුරයට පත් ආනන්ද කුලරත්නද මහින්දගේ පරණ මිතුරෙක් වූයේ 1983 මුල්කිරිගල අතුරු මැතිවරණයට ආනන්ද කුලරත්න යූ.ඇන්.පී.යෙන් තරග කරද්දී රාජපක්ෂ පවුලේ වුණත් මහින්දගේ හතුරුකමට ලක්වී සිටි නිරූපමා රාජපක්ෂ ශ්‍රීලනිපයෙන් තරග කරද්දී මහින්දලා යටින් නිරූපමා පරද්දන්න වැඩ කළ නිසාය. එකල බණ්ඩාරනායක පවුල දෙකට බෙදෙද්දී හම්බන්තොට රාජපක්ෂ පවුලද දෙකට බෙදිණි. මහින්දලා හිටියේ අනුර සමගය. නිරූපමා සිටියේ විජය-චන්ද්‍රිකා සමගය. ඒ වෙලාවේ නිරූපමා පරද්දන්න වැඩ කළ නිසා මහින්දලා සහ කුලරත්න අතර මිතුරුකමද අලුත් වී තිබිණි.

මහින්ද මර්වින්ගේ සහ ආනන්ද කුලරත්නගේ මිතුරුකම සජිත්ව දේශපාලන වශයෙන් විනාශ කරන්න පාවිච්චි කළේය. මහින්දට සජිත්ව අභියෝගයක් වුණේ හම්බන්තොටදීය. රනිල්ට සජිත් අභියෝගයක් වුණේ රට තුළය. සජිත් කෙදිනක හෝ හම්බන්තොට දිනා ජාතික දේශපාලනයට ඇවිත් තමාට අභියෝගයක් වීම නතර කරන්න රනිල් හම්බන්තොට මහින්දගේ උදව් පැතුවේය. ඒ සඳහා රනිල් යොවුන් පෙරමුණේ නායකත්වයට පත් ආනන්ද කුලරත්න සහ මර්වින් සිල්වාගේ සහාය මහින්දට අරන් දුන්නේය.

මේ රනිල් – මහින්ද – ආනන්ද – මර්වින් මිත්‍ර සන්ධානයට එරෙහි සජිත්ගේ තනි සටනේ කූටප්‍රාප්තිය වූයේ 1997 පුංචි ඡන්දයය. මේ පුංචි ඡන්දයේදී හම්බන්තොට සජිත්ගේ අපේක්ෂකයන්ට මහින්දගේ ආධාරකරුවන්ගේ මැර තර්ජනවලට ලක්වෙන්න සිදුවිය. ඒත් මර්වින්ගේ සහ ආනන්දගේ අපේක්ෂකයන්ට මැර තර්ජන නොවීය. 1997 පුංචි ඡන්දයේදී වරක් සජිත්ගේ බිරිය වූ ජලනි ප්‍රේමදාසගේ ජීවිතය බේරුණේ අනූනවයෙනි. ඇය ගෙන් ගෙට ඡන්ද කැම්පේන් යද්දී ඇයට මැරයෙක් වෙඩි තැබීය. බෙලිඅත්ත ආසනයට තරග කළ අහංගම කංකානම්ගේ ගුණරත්නටත් වෙඩිතැබීය. ඔහු ජීවිතය ගලවා ගත්තේත් අනූනවයෙනි. පසුව ඔහු බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස තේරී පත්විය.

1997 පුංචි ඡන්දයට පසු ජූලි 12 කංකානම්ගේ ගුණරත්නව බෙලිඅත්ත පොළේදී ඝාතනය කරනු ලැබීය. මේ ඝාතනයට එරෙහිව නැගී සිටින්න යැයි එවක නිකම්ම නිකම් ආසන සංවිධායකයකු වූ සජිත් පක්ෂ නායක රනිල්ට කීවත් රනිල් එය එතරම් ගණන් නොගත්තේ බෙලිඅත්ත මහින්දලාගේ බලකොටුව නිසාය. ඝාතනයට එරෙහිව හඬ නැගීමට ආනන්ද කුලරත්න සහ මර්වින් සිල්වාද කැමැති නොවීය. මෙය ඉවසාගත නොහැකි වූයේ මාතර දේශපාලනය කළ එවක යූ.ඇන්.පී. මන්ත්‍රී රොනී ඩි මෙල්ටය. ඔහු රනිල් හමුවී හම්බන්තොටට ගොස් මේ ඝාතනයට එරෙහිව සත්‍යග්‍රහයක් පැවැත්විය යුතු යැයිද, එය සංවිධාන කිරීම ආනන්ද කුලරත්නට නොව තමාට දියයුතු යැයිද කියා රනිල්ට බලපෑම් කළේය. රනිල්, රොනීට බයවී සත්‍යග්‍රහය හම්බන්තොට පවත්වන්න තීරණය කළේය. මෙම ඝාතනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට එවක යූ.ඇන්.පී. මන්ත්‍රී මහින්ද සමරසිංහ යෝජනා කළත් රනිල් එයද වැළැක්වීය. අන්තිමේදී සිදුවූයේ මහින්ද හම්බන්තොට ශක්තිමත් වීමය. ඒත් සජිත් 2000 මහ ඡන්දයේදීත් 2001 මහ ඡන්දයේදීත් මහින්දව පරදා හම්බන්තොට දිස්ත්‍රික්කය ජය ගත්තේය. 2001 රනිල් ආණ්ඩුවක් පිහිටෙව්වද සජිත්ට ඇමැති ධුරයක් දුන්නේ නැත. දුන්නේ නියෝජ්‍ය ඇමැති ධුරයකි. ආනන්ද කුලරත්නට ප්‍රබල ඇමැති ධුරයක් දුන්නේය. සජිත් හම්බන්තොට වැටුණි. 2003 මහින්ද විපක්ෂ නායක වී 2004 මහ ඡන්දයේ අගමැති අපේක්ෂකයා තමන් යැයි කියාගෙන හම්බන්තොට ජයගෙන රනිල්ගේ අගමැතිකම හිමි කරගත්තේය.

තමන් හම්බන්තොටින් ආරක්ෂා කරගත් මහින්ද 2005 ජනාධිපතිවරණයේදී තමාගේ ප්‍රතිවාදියා බව රනිල් දැනගත් විට රනිල්ට හීන් දාඩිය දැම්මේය. මහින්ද ජනාධිපති විය. රනිල් පරාජය විය. 2005 ජනාධිපතිවරණ පරාජයෙන් පසු රනිල්ට පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න යැයි කියද්දී රනිල්ට ඉවත් නොවන ලෙස උපදෙස් දුන්නේ මහින්දය. පක්ෂ නායකත්වයට රනිල් එක්ක තරග කළ කරුව ආණ්ඩුවට අරන් මහින්ද රනිල්ගේ නායකත්වය ශක්තිමත් කළේය.

1994 සිට 2005 දක්වා රනිල් මහින්දව හම්බන්තොට ශක්තිමත් කළේය. 2005 සිට පටන්ගත්තේ මහින්ද රනිල්ව ශක්තිමත් කරන ගේමය. 2010 සජිත් රනිල්ගේ නායකත්වයට අභියෝග කරන්න එද්දී රනිල්ව බේරාගත්තේ මහින්දය. සිරිකොත බලය අල්ලන්න පෙළපාළියෙන් සජිත්ලා එද්දී මහින්ද සිරිකොත පාර කාපට් කරන්න පාර වැහුවේය. මහින්ද තමන්ට කඩේ යන මාධ්‍යවලින් රනිල් පුම්බා සජිත්ට වැටෙන තෙක් ගැහුවේය. රනිල් කෙසේ හෝ නායකත්වය ආරක්ෂා කරගත්තේය. 2019 ජනාධිපතිවරණයට පසු සජිත්ට පක්ෂ නායකත්වය දෙන්න යැයි මන්ත්‍රීවරු සහ පාක්ෂිකයන් එක හඬින් කියද්දී රනිල්ට ඉවත් නොවන ලෙස කීවේ මහින්දය. අන්තිමේදී පක්ෂය දෙකඩ විය. 2020 මහ ඡන්දයෙන් රනිල් ආසනයත් පරාජය වීමෙන් පසු රනිල්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න යැයි කීවේත් මහින්ද සහ නාමල්ය. ඒ, සමගි ජන බලවේගය දෙකඩ කොට සජිත්ට විපක්ෂ නායකකම අහිමි කරන්නටය. ඒ වැඩේ හරි ගියේ නැත. අන්තිමේදී පොදුජන පෙරමුණ දෙකට තුනට කැඩුණි. අරගලය ඇවිත් ගෝඨාභය මහින්දට අගමැති ධුරයෙන් ඉවත් වෙන්න කියද්දී ගෝඨාභය සජිත්ට අගමැති ධුරය භාරගන්න ආරාධනා කළේය. ඒ බොරුවටය.

කොන්දේසි මත සජිත් පක්ෂයේ බලපෑම නිසා අගමැති ධුරය බාරගන්න කැමැත්ත පළකරද්දී ගෝඨා දැන් පරක්කු වැඩියි කියා රනිල්ට අගැමැතිකම දුන්නේ සජිත්ව අගමැති නොකරන්න රාජපක්ෂ පවුලම දැඩි තීන්දුවක සිටි නිසාය. ගෝඨාභය ඉවත් වෙන්න තීන්දු කොට සර්වපාක්ෂික ජනාධිපතිවරයෙක් පත්කරගන්න පක්ෂ නායකයන් කතානායක හමුවෙද්දීත් රාජපක්ෂවරු රනිල්ව වැඩබලන ජනාධිපති කළේ සජිත් සර්වපාක්ෂික ජනාධිපතිවරයෙක් යටතේ අගමැති වෙයි කියන බයටය. රාජපක්ෂලා රනිල්ව අගමැති කළේ රනිල් සමගි ජන බලවේගය දෙකඩ කරයි කියලා හිතාගෙනය. ජනාධිපති කළේත් රනිල් සමගි ජන බලවේගය උගුල්ලලා ගනී කියලා හිතලාය. රනිල්ට ඒක කරගන්න බැරි විය. දැන් රනිල් තම ආරක්ෂාවට පොහොට්ටුව දෙකඩ කරන්න පටන්ගෙන ඇත.

1994 සිට 2005 තෙක් රනිල් සජිත්ව විනාශ කරන්න මහින්දව ඉස්සුවේය. 2005 සිට 2022 තෙක් මහින්දලා සජිත්ව විනාශ කරන්න රනිල්ව ඉස්සුවේය.

දැන් ‘ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට’ කියලා මහින්දලා සහ රනිල් පොහොට්ටුවට ගහමරා ගන්න පටන්ගෙන ඇත. සජිත්ට තාම වයස 55ය. මහින්දට වයස 76කි. රනිල්ට වයස 73කි. මේ දෙන්නාම ගයන්නේ දේශපාලන හංස ගීතයය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?

Next Post

සසුනේ ඉඳන් කැත වැඩ කරලා සසුනම විනාස කරන චීවරධාරීන් සසුනෙන් පන්නන්න ක්‍රමයක් හදයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.