• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

SALE ශ්‍රී ලංකා SALE…! දේශප්‍රේමීන් නිදිද බොලව්! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

September 25, 2021
in Exclusive, Gurudawa
Reading Time: 8 mins read
A A
SALE ශ්‍රී ලංකා SALE…! දේශප්‍රේමීන් නිදිද බොලව්! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

1994 චන්ද්‍රිකාගේ පොදුපෙරමුණ ආණ්ඩුව බලයට ගෙන එන්න එවකට මෙරට ඇමෙරිකානු තානාපතිනි ෆරිෂිටා ලොකු කාර්යභාරයක් කළාය. 1994 නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්න ඇය එවකට බලයේ සිටි යූ.ඇන්.පී. ආණ්ඩුවට විශාල බලපෑමක් කළා පමණක් නොව මැතිවරණ දින රාත්‍රියේ අගමැති අපේක්‍ෂිකා චන්ද්‍රිකාගේ ආරක්‍ෂාව තහවුරු කිරීමටද වගබලා ගත්තාය. එකල චන්ද්‍රිකා සහ ඇමෙරිකානු තානාපතිනි ෆරීෂිටා අතර පණිවුඩ රැගෙන ගියේ මහාචාර්ය ජී. එල්. පීරිස්ය. 1994 පොදුපෙරමුණ බලයට පත්වී චන්ද්‍රිකා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එල්.ටී.ටී.ඊ.යත් සමග සාම සාකච්ඡා ආරම්භ විය. සාම සාකච්ඡා කඩාකප්පල් වීමෙන් පසු එල්.ටී.ටී.ඊ.ය කොළඹ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කොට බෝම්බ ප්‍රහාර එල්ල කළේය. ඉන් පසු ඇමෙරිකාවද එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබීය. එල්.ටී.ටී.ඊ.ය මහ බැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මහ බැංකුව යළි ගොඩනඟන වගකීම බාර ගන්න ඇමෙරිකානු සමාගමක් ඉදිරිපත් විය. එම සමාගමට ඇමෙරිකානු ආණ්ඩුවේද ආශීර්වාදය හිමි විය. ඒත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව එම ඇමෙරිකානු සමාගමට මහ බැංකුව ගොඩනැඟීමේ ටෙන්ඩරය දීම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් චන්ද්‍රිකාත් එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මැඩ්ලීන් ඔල්බ්‍රයිට් අතර ප්‍රහාරාත්මක ලිපි හුවමාරුවක්ද සිදුවිය. ඒත් චන්ද්‍රිකා දැඩි ස්ථාවරයක සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇමෙරිකාව සමග ගනුදෙනු කිරීමේදී පවත්වාගෙන ගිය ඓතිහාසික ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගනිමිනි. ඒ ස්වාධීනත්වය නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ලෙස කරළියට ගෙන ආවේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකය. ඔහුගෙන් පසු බණ්ඩාරනායක මැතිනිය එම ප්‍රතිපත්තිය ලෝකයටම හඳුන්වා දුන්නාය. 1994 චන්ද්‍රිකා බලයට එන විට අලුත් ලෝක තත්ත්වය යටතේ සෝවියට් සමාජවාදී කඳවුර කඩාවැටී තිබෙන තත්ත්වයක් තුළ ඇමෙරිකාව සමග සමීපව ගනුදෙනු කිරීමට සිදුවුණත් ඇය ඇමෙරිකාවට ඕනෑ විදියට නැටුවේ නැත. ඇයගෙන් පසු බලයට ආ මහින්ද රාජපක්‍ෂද ඒ ප්‍රතිපත්තිය අකුරට රැක්කේය.

ගෝඨාභය ආරක්‍ෂක ලේකම් ලෙස ඇමෙරිකාව සමග ආරක්‍ෂක ගිවිසුම අස්සන් කළ විට මහින්ද ප්‍රසිද්ධියේ කීවේ ඒක ඇමෙරිකානු පුරවැසියෙක් සහ ඇමෙරිකාව අතර සිදුවූ ගිවිසුමක් නිසා ඒ ගැන කලබල නොවිය යුතු බවය. මේ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මහින්දව ආරක්‍ෂා කළේය. චන්ද්‍රිකා මහින්දට එරෙහිව යූ.ඇන්.පී.ය සමග වැඩ කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාක්‍ෂිකයන් ඇයව මායිම් නොකළේ ඇය දැන් සී.අයි.ඒ. ඔත්තුකාරියක් වී ඇතිය යන හැඟීමෙනි. 1947 මහ මැතිවරණයේ සිටම වාමාංශික පක්‍ෂ යූ.ඇන්.පී.ය හැඳින්වූයේ සී.අයි.ඒ.කාරයන් කියාය. 1951 බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිකිරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, යූ.ඇන්.පී.යට ඒ හංවඩුව ගැහුවේය. 2015 මෛත්‍රිපාල පොදු අපේක්‍ෂකයා වී ජනාධිපති වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයා වුවද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාක්‍ෂිකයන් ඔහුව පිළිනොගත්තේ ඔහු සී.අයි.ඒ. කොන්ත්‍රාත්කාරයෙක් කියාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මහින්ද වටා ගොනු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැද ප්‍රතිපත්තිය, නොබැඳි ප්‍රතිපත්තිය බේරා ගන්නටය. අවසානයේ මෛත්‍රිපාල රනිල්ගේ ආණ්ඩුව ගෙන ආ කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය විකිණීමේ යෝජනාවට, ඇමෙරිකානු මිලේනියම් ගිවිසුමට, සෝෆා ආරක්‍ෂක ගිවිසුමට මෛත්‍රී විරුද්ධ වූයේ තමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැද ප්‍රතිපත්තිය, නොබැඳි ප්‍රතිපත්තිය, රාජ්‍ය සම්පත් විකුණන්නේ නැති ප්‍රතිපත්තිය ආරක්‍ෂා කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සහතික වෙමින්ය.

ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාක්‍ෂිකයන් මෛත්‍රිව විශ්වාස කළේ නැත. ඔවුන් තම පවුල්වල මුතුන් මිත්තන් ආරක්‍ෂා කරගෙන ආ ඇමෙරිකානු විරෝධී රාජ්‍ය දේපොළ නොවිකුණන ප්‍රතිපත්තිය ආරක්‍ෂාකර ගැනීමේදී විශ්වාසය තැබුවේ මහින්ද කෙරෙහිය. 2018 අගෝස්තු 03 මහින්ද කොළඹ ලිප්ටන් වටරවුමේ ජනබල ඝෝෂා නමින් දැවැන්ත රැලියක් සංවිධානය කළේය. මහින්ද එම රැලියේදී පොරොන්දුවක් දුන්නේය.

‘ලංකා ආණ්ඩුවෙන් විකුණන දේවල් ගන්න එපා. අපි බලයට ආ ගමන් විකුණූ සියල්ල ආපසු ගන්නවා.’ -මහින්ද ජාත්‍යන්තරයට කියයි -04.08.2018 – ලංකාදීප.

ඉන්පසු මහින්ද වෙනුවට ජනාධිපති අපේක්‍ෂක වූ ගෝඨාභය රාජපක්‍ෂද ජනාධිපතිවරණ වේදිකාවේ සහතිකයක් දුන්නේය.

‘වත්මන් රජය විකුණා දැමූ සම්පත් සියල්ල යළි රජයට පවරා ගන්නවා…’
ගෝඨාභය රාජපක්‍ෂ
22.10.2019 – දිවයින

මේ පොරොන්දු, මේ සහතික විශ්වාස කර පොදුජන පෙරමුණ වටා එක්රොක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාක්‍ෂිකයන් ජනාධිපතිවරනය දින උදේම ඡන්ද පොළට ගොස් කතිරය ගැසූහ.

එහෙත් මේ ඡන්දදායකයන් නොදැන සිටි දෙයක් තිබුණි. එනම් ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කර ගැනීමේදීත්, ගෝඨාභයට ජනාධිපති වෙන්න ඉන්දියාවේ ආශීර්වාදය ලබා ගැනීමේදීත් රාජපක්‍ෂලා සහ ඇමෙරිකාව සහ ඉන්දියාව සමග ඇතිකර ගත් එකඟතාවයන්ය. කෙරවලපිටිය විදුලි බලාගාරය ඇමෙරිකාවට අවශ්‍ය වූ එකඟතාවයකි. කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට අවශ්‍ය වූ එකඟතාවයකි. කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට නොදුන්නේ මහින්ද ද ඇතුළු විමල්, උදය, වාසුලාගේ පක්‍ෂ එයට එරෙහිව හඬනඟපු නිසාය. ඒත් ඉන්දියාවට බටහිර ජැටිය ලැබුණි. නැඟෙනහිර ජැටිය තවමත් එහෙමම තිබේ. අවශ්‍ය වුවහොත් අනාගතයේ එය පවරා දීම කජු කන වැඩක් යැයි හිතන්නේ කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකානුවන්ට දුන් විදිහ දිහා බලන විටදී්‍ය. එය මහ රෑ හොර රහසේ ගහපු ඩීල් එකකි.

‘කෝ බොල දේශප්‍රේමීයෝ…’

මෙහෙම අහන්නේ වෙන කවුරුවත් නොව ගෝඨාභයට ඡන්දය දුන් 69 ලක්‍ෂයය. ඔවුන් බලාගෙන හිටියේ රනිල්ගේ ආණ්ඩුව චීනයට පවරා දුන් හම්බන්තොට වරාය රාජපක්‍ෂලා අත්පත් කරගන්නා තෙක්ය.

අද කොළඹ වරායේ බටහිර ජැටිය, කෙරවලපිටිය බලාගාරය පමණක් නොව ලංකාවේ මිල අධිකතම කොළඹ ඉඩම් විදේශිකයන්ට විකුණන්න වෙන්දේසියේ දමා ඇත. මේ ආණ්ඩුව කරන්නේ රජයේ දේපොළ සහ ඉඩම් වෙන්දේසි කිරීමය. අද ලංකාවම වෙන්දේසි පොළකි. ඒ විකුණන්න බන්දේසියේ දමා ඇති ඉඩම් ලැයිස්තුවය.

  1. ශ්‍රී ලංකා ප්‍රදර්ශන සම්මේලන මධ්‍යස්ථානය.
  2. මහජන බැංකු, රැජන ශාඛාව
  3. සතොස ගබඩා සංකීර්ණය
  4. විදේශ කටයුතු අමාත්‍යාංශය
  5. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය
  6. ගෆූර් බිල්ඩිම
  7. යෝර්ක් බිල්ඩිම
  8. හිල්ටන් හෝටලය
  9. තැපැල් මූලස්ථානය
  10. මහජන බැංකු මූලස්ථානය
  11. සී-නෝර් ගොඩනැඟිල්ල

මෛත්‍රි – රනිල් ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට බදු දුන් වෙලාවේ වත්මන් පොලිස් ඇමැති සරත් වීරසේකර අපූරු කතාවක් කීවේය.

මේ ඔහු කී කතාවය.

‘රටට ආදරය කරන පුද්ගලයන් වශයෙන් රටේ සම්පත් විකිණීමට සහ රට නිවට රාජ්‍යයක් බවට පත්කිරීමට කටයුතු කරන වත්මන් සියලු පාලකයන්ට විරුද්ධව දේශද්‍රෝහී යන චෝදනාව යටතේ දඬුවම් ලබා දීමට අපේ රජයක් යටතේ කටයුතු කරනවා.’ -සරත් වීරසේකර – අද දෙරණ -01.08.2017

අද සරත් වීරසේකර ඉන්නේ ඇමැති මණ්ඩලයේය. කෙරවලපිටිය ඇමෙරිකාවට විකුණන යෝජනාව එන විට මේ කතාව මතක් වුණේ නැති එක පුදුමය. මේ යෝජනාව සාකච්ඡාවට ගන්නා විට මහින්ද හිටියේ ඉතාලියේය. ඒත් මහින්දට හම්බන්තොට වරාය චීනයට බදු දෙද්දී නිකුත් කළ මේ නිවේදනයේ සඳහන් වචන නම් මහින්දට අමතක විය නොහැකිය.

‘ශ්‍රී ලංකාව වෙන්දේසි කිරීම’

හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කරනු ලැබූ ආකාරය නිසා මුළු ජාතියම මහත් තිගැස්මකට ලක්වී ඇත. ලංකාව සතු වූ වැදගත්ම උපායමාර්ගික රාජ්‍ය දේපොළක් පෞද්ගලීකරණය කිරීමේ ගිවිසුම අස්සන් කිරීමට පෙර එය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට ආණ්ඩුවට යුතුකමක් තිබුණත්, එවැනි කිසිදේකට ඔවුන් ඉඩහැරියේ නැත. වරායේ වටිනාකම තක්සේරු කළේ කවුදැයි කියා කවුරුත් දන්නේ නැත. මේ සම්බන්ධයෙන් තාක්‍ෂණික ඇගැයීම පිළිබඳ වාර්තාවක් කිසිවෙකුත් දැක නැත. හම්බන්තොට වරාය සඳහා ලන්සු ඉදිරිපත් කළ දෙපාර්ශ්වය අතරින් අදාල සමාගම තෝරාගනු ලැබුවේ කුමන නිර්නායක මතදැයි කියාවත් ආණ්ඩුව ජනතාවට පැහැදිලි කර නැත. අපට ලැබී ඇති සියලුම තොරතුරුවලින් පෙනෙන්නේ, ලංකාවට වඩාත්ම වාසිදායක වූයේ අනෙක් ලන්සුව බවයි.

මගේ ආණ්ඩුව විදේශිකයන් හා විදේශීය සමාගම් ලංකාවේ ඉඩම් මිලදී ගැනීම සීමා කරමින් 2014 අංක 38 දරණ ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත සම්මත කළ බවද, වත්මන් ආණ්ඩුව ඒ පනවා තිබූ සීමා කිරීම් 2017 අංක 3 දරණ සංශෝධන පනතකින් ඉවත් කළ බවද කවුරුත් මතක තබාගත යුතුය. මගේ ආණ්ඩුව කළේ අලුත් දේවල් ඉදිකිරීමය. වත්මන් ආණ්ඩුව කරන්නේ, මගේ ආණ්ඩුවෙන් නිර්මාණය කළ දේවල් විකුණා ජීවත්වීමයි.

මගේ ආණ්ඩුව ප්‍රතිපත්තියක් හැටියට පුද්ගලීකරණට හා විදේශීයකරණයට විරුද්ධ වූවා පමණක් නොව, කලින් ආණ්ඩුවලින් පුද්ගලීකරණය කර තිබුණු ඇතැම් ආයතන ආපසු රජයට පවරා ගත් බවද කවුරුත් දනී.

වර්තමානයේ සිදුවෙන ආකාරයට දිගටම වැඩකටයුතු කෙරුණොත්, මේ ආණ්ඩුව අවසන් වන විට ලංකාවේ කිසිදු දේපොළක් ඉතිරි වන්නේ නැත. මුළු ලංකාවම විදේශීය ගැනුම්කරුවන්ට විකුණා දැමීමට මේ ආණ්ඩුවට ඇති සැලසුමට එරෙහිව ජනතාව සෑම ගමකම, සෑම නගරයකම හා සෑම වැඩපොළකම සංවිධානය විය යුතුය.’

‘මහින්ද රාජපක්‍ෂ – අද දෙරණ -01.08.2017

‘මහින්ද ඔබ මේ එදා අනාවැකියක් සේ කීවේ, මෛත්‍රී – රනිල් ආණ්ඩුව ගැනද?’

ඔබ අගමැති ධුරය දරන ඔබේ මල්ලීගේ ආණ්ඩුව ගැනද?

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඇමැති රොෂාන්ට ලේසි වෙන එකක් නෑ! පරාක්‍රම සමුද්‍රයට අත තියන්න දෙන්නේ නෑ! ජීවිත පූජා කරන්න මහ සඟරුවන ප්‍රතිඥා දෙති! (VIDEO)

Next Post

මහ රෑ අමෙරිකාව එක්ක ගහපු යුගදනවි ගිවිසුමත් අරන් සජබෙ මහනාහිමිවරු හමුවෙන්න යයි!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.