අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කර ඇති අලි සබ්‍රි මහතා මුණගැසීමට ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ දින රාත්‍රියෙහි ඒ මහතාගේ නිවෙසට ගොස් ඇති බව වාර්තා වේ.
මෙහිදී මුස්ලිම් මන්ත්‍රීවරුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ මේ මොහොතේ අස්වීමට කටයුතු නොකරන ලෙසයි.
නමුත් අලි සබ්‍රි අමාත්‍යවරයා ඔවුන්ට පෙන්වා දී ඇත්තේ ඥානසාර හිමියන්ගේ පත් කිරීමෙන් පසු තමන්ට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට මුස්ලිම් සමාජයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බවකි.
එම නිසා තමන් අවසන් තීන්දුවක් ගෙන ඇති බවත්, ජනාධිපතිවරයා දිවයිනට පැමිණි, පසු තම තීන්දුව දැනුම් දෙන බවත් සබ්‍රි මහතා ඔවුන්ට පවසා ඇත.
ඉල්ලා අස්වීමෙන් පසු තමන් පසුපෙළ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන බවත්, අධිකරණයේ නීති කටයුතුවලට සහභාගී වන බවත් සබ්‍රි මහතා එම මුස්ලිම් මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.










