මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මස්කෙලිය ආසන සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා ප්‍රාදේශිය සභා රැස්වීම අතර තුර එල්ල වූ විදුරු ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.
මස්කෙළිය ප්‍රාදේශිය සභා සභාපතිනි ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මියගේ (ලංකා කම්කරු කොන්ග්‍රසය) ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්විම පවත්වගෙන යද්දී මෙම පහරදීම සිදුව ඇත.
ආණ්ඩු පක්ෂයේම මනත්‍රීවරයකු මෙම පහරදීම සිදු කර ඇත.
මස්කෙලිය නගරයේ අනවසර ඉදි කිරිම් සම්බන්ධයෙන් ඇතිවූ වචන හුවමාරුවකදී මෙම පහරදිම සිදු වූ බව පෙරියසාමි ප්‍රදිපන් මහතා කියා සිටියේ.
මේ හේතුවෙන් මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්විම දින නියමයක් නොමැතිව කල් තැබිමට එම ප්‍රාදේශිය සභාවේ සභාපතිනි ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මිය පියවර ගත්තාය.










