දැනට පවතින මූළ්‍ය අර්බූූදය හමුවේ ඉන්දියාවෙන් මූල්‍ය ආධාර ලබා ගැනීම සදහා දෙරට අතර යළිත් අලුත් සාකච්ජා වටයක් ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව දෙරටේ මහකොමසාරිස් කාර්යාල හරහා මෙම සාකච්ජා ආරම්භ වී ඇති බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.
පසුගියදා සිදුකෙරුණු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංචාරයේ සිදු කෙරුණු සාකච්ජාවල ඉදිරි පියවරක් වශයෙන් මෙම සාකච්ජා ආරම්භ වී ඇති බවද දැනගන්නට තිබේ.










