ජනාධිපතිවරයා තම පක්ෂය නියෝජනය කළද පවතින තත්ත්වය යටතේ ජනතාවට, ජනතා නියෝජිතයන්ට සහ පොදු දේපොළ ආරක්ෂා කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවට ආණ්ඩුවේම මැතිඇමැතිවරු පිරිසක් ලිපියක් මාර්ගයෙන් තානාපති කාර්යාලවලට දැනුම් දී ඇති බව වාර්තා වේ.
මේ වනවිට මතුව ඇති ප්‍රචණ්ඩත්වය හේතුවෙන් එක් මන්ත්‍රීවරයකු මියගොස් ඇති බවත්, විපක්ෂ මන්ත්‍රීවරයකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, තවත් මැතිඇමැතිවරුන් 50කට අධික ප්‍රමාණයකගේ නිවාස සහ දේපොළ සම්පූර්ණයෙන්ම ගිනි තබා ඇති බවත්, ජනතාව මියගොස් මහජන දේපොළ විනාශ වී ඇති නමුත් වගතිවයුතු ආරක්ෂක අංශ මෙම තත්ත්වය මැඩපැවැත්වීමට හෝ මහජනතාවගේ සහ ජනතා නියෝජිතයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන නැති බවත් එම ලිපියේ සදහන් වේ.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජනතා නියෝජිතයන් වශයෙන් තමන් ලැජ්ජාවට සහ දැඩි කම්පනයට පත්ව සිටින බවත් මෙම මැතිඇමැතිවරු සිය ලිපිය මගින් තානාපති කාර්යාලවලට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.