• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය ආයතන තොරතුරු දැනගැනීමේ පනත ගණන් ගන්නේ නැද්ද? ජනපති-අගමැති කාර්යාලත් ඉන්නේ සෑහෙන පසුපසින්! I Sri Lanka Latest News

September 21, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රාජ්‍ය ආයතන තොරතුරු දැනගැනීමේ පනත ගණන් ගන්නේ නැද්ද? ජනපති-අගමැති කාර්යාලත් ඉන්නේ සෑහෙන පසුපසින්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය අධිකාරීන් බහුතරයක් ප්‍රගාමීව ප්‍රකාශයට පත්කර තිබෙන්නේ අවශ්‍ය තොරතුරුවලින් 40%කට වඩා අඩු ප්‍රමාණයක් පමණක් බව වෙරිටේ රිසර්ච් පවසනවා. 2023 සැප්තැම්බර් මස 09 වැනිදා, කොළඹ දී නිකුත් කර ඇති එම නිවේදනය අනුව තොරතුරු දැනගැනීමේ පනත මගින් නියම කර ඇති පරිදි අන්තර්ජාලය හරහා හෙළිදරව් කර ඇත්තේ එසේ කළ යුතු තොරතුරු වලින් අල්ප ප්‍රමාණයක්.Sri Lanka Latest News

වෙරිටේ රිසර්ච් කර ඇති අධ්‍යනයකින් රාජ්‍ය අධිකාරීන් 70%කට වඩා අන්තර්ජාලය හරහා හෙළිදරව් කර ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත මගින් නියම කර ඇති තොරතුරුවලින් 40%කට වඩා අඩු ප්‍රමාණයක් බවයි අනාවරණයව ඇත්තේ. අධ්‍යනයට අනුව ප්‍රගාමීව තොරතුරු අනාවරණය කිරීම අතින් ඉහළම ස්ථාන ලබාගෙන ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යි. මෙම අමාත්‍යාංශයන් ප්‍රගාමීව ප්‍රකාශයට පත්කළ යුතුව තිබෙන තොරතුරුවලින් අඩකට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ වෙබ් අඩවිවල පළකර තිබෙනවා.

අනෙක් පසින්, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය ඔවුන්ගේ වෙබ් අඩවිවල පළකර ඇත්තේ නියම කර ඇති තොරතුරුවලින් 20%කට වඩා අඩු ප්‍රමාණයක් බවයි පැවසෙන්නේ. එමෙන්ම, ප්‍රගාමීව තොරතුරු ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් තොරතුරු දැනගැනීමේ පනතේ පවතින නියමයන්ට අඩුම මට්ටමකින් අනුගතව කටයුතු කර ඇත්තේ තාක්ෂණ අමාත්‍යාංශය යි.

“බොහෝ රාජ්‍ය අධිකාරීන් අතර ඉතා ඉහළ භාෂා නැඹුරුවක් පවතින බවත් අධ්‍යයනයෙන් සොයාගෙන ඇත. ජනාධිපති කාර්යාලය සහ වනජීවී අමාත්‍යාංශය පමණක් භාෂා ත්‍රිත්වයෙන්ම අන්තර්ජාලයේ තොරතුරු නිරන්තරයෙන් ප්‍රකාශයට පත්කර ඇත. සමස්තයක් වශයෙන්, සියලුම රාජ්‍ය අධිකාරීන් අදාළ සියලුම තොරතුරුවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත්කර තිබේ. නමුත් සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත්කර ඇති ප්‍රමාණය 37%ක් පමණි. දෙමළ භාෂාවෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ ඊටත් අඩු 29%ක ප්‍රමාණයකි.

මෙම සොයාගැනීම් වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ‘ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ප්‍රගාමීව තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන්: පොදු අධිකාරීන් ශ්‍රේණිගත කිරීම’ යන අධ්‍යනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම අධ්‍යනය එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දැක්වූ වෙරිටේ රිසර්ච් ආයතනය හි විධායක අධ්‍යක්ෂක ආචාර්ය නිශාන් ද මෙල්, ප්‍ර‍ජාතන්ත්‍රවාදයේ අපේක්ෂාවන් පිළිබඳව අදහස් දක්වමින්,

‘ජනතාවට හිමිවිය යුතු තොරතුරු බෙදා ගැනීමට රජයට බැඳීමක් තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනතේ රෙගුලාසිවල තොරතුරු ප්‍රගාමීව බෙදාගත යුතු බව දක්වා තිබෙනවා වගේම අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත්කළ යුතු තොරතුරුත් විශේෂ කොටම දක්වා තිබෙනවා’ යැයි පැවසුවේ ය.

තොරතුරු දැනගැනීමේ පනතට සහ එහි පවතින රෙගුලාසිවලට අනුව, අමාත්‍යවරුන් සහ රාජ්‍ය අධිකාරීන් නිරන්තරයෙන් වාර්තා ප්‍රකාශයට පත් කිරීම, වත්මන් ව්‍යාපෘති පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ ඔවුන්ගේ මෙහෙයුම්, අයවැය සහ සේවාවන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු අන්තර්ජාලය හරහා සන්නිවේදනය කිරීම සිදුකළ යුතු වේ.

වෙරිටේ රිසර්ච් සිදුකළ අධ්‍යනයේ දී, අමාත්‍යාංශ 29 ක් සහ ජනාධිපති සහ අගමැති කාර්යාලන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මාර්ගගත ප්‍රගාමීව හෙළිදරව් කිරීමේ අවශ්‍යතා සමඟ අනුකූල වීම තක්සේරු කිරීම සිදුවිය. මෙම තක්සේරුව මානයන් දෙකක් මත පිහිටා සිදුවූ අතර ඒවා වූයේ, : (අ) තොරතුරු ප්‍රගාමීව අනාවරණය කර ඇති ද, සහ (ආ) අනාවරණය කළ තොරතුරු භාවිතා කිරීමට ඇති හැකියාව, යනාදිය යි.

මෙම ඇගයීමෙන් ලැබුණු අගයන් පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ රජයේ විවෘතභාවය ගණනය කිරීමත් වෙරිටේ රිසර්ච් සිදුකළ අතර, එහිදී අනාවරණය වූයේ වසර 2017 සිට 2022 දක්වා ගෙවී ඇති වසර 6ක කාලය තුළ රජයේ විවෘතභාවය 25%ක සිට 33%ක් දක්වා වැඩි වී ඇති බවයි. නමුත් ඒ වැඩිවීම ප්‍රමාණය අනුව ගත්විට ඇත්තේ අඩු මට්ටමක” යැයි සිය අධ්‍යනය පිළිබඳව වෙරිටේ රිසර්ච් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

SendShareShare
Previous Post

මිනිත්තු පහෙන් ලෝන් එකක් දෙනවා ඇපකරුවන් අවශ්‍ය නෑ… ඔබටත් මුදල් හදිස්සියක්ද I Sri Lanka Latest News

Next Post

වෛද්‍යවරු මුහුණපා ඇති ගැටලු විසඳන්න අටවැදෑරුම් යෝජනාවලියක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.