• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා කොවිඩ්වලින් රට ආරක්ෂා කළා! බැසිල් අයවැයෙන් හොඳ දැක්මක් රටට දුන්නා! ආණ්ඩුව ආරක්ෂා කරගන්න කැපවෙනවා! දිනේෂ් දේශපාලනය කතා කරයි!

December 28, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨා කොවිඩ්වලින් රට ආරක්ෂා කළා! බැසිල් අයවැයෙන් හොඳ දැක්මක් රටට දුන්නා! ආණ්ඩුව ආරක්ෂා කරගන්න කැපවෙනවා! දිනේෂ් දේශපාලනය කතා කරයි!
Share on WhatsAppShare on Facebook

සම්ප්‍රදායික පොතේ ගුරුවාදී න්‍යායන්ගෙන් බැහැරව, පශ්චාත් කොවිඩ් සමයේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණදීම 2022 වර්ෂයේ ආණ්ඩුවේ අභියෝගය  බවට පත්ව ඇතැයි, ම.එ.පෙ. නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මහජන එක්සත් පෙරමුණේ සීතාවක බල මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේය.

රටේ අඩු අදායම් ලබන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ප්‍රමාණයක් ලබාදීම පිළිබඳ සහතිකයක් ලබාදිය යුතු බව, ම.එ.පෙ. මතය සහ අදහස බවත්, එය රජයේ බලධාරීන්ට ඉදිරිපත් කර ඇති බවත්, ඔහු අවධාරණය කළේය.

එමෙන්ම අනෙක් ජන කොටස් මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා, හොඳ කළමනාකාරීත්වයකින් යුක්ත මෙහෙයවීමක් අත්‍යවශ්‍ය බවත්, ම.එ.පෙ. නායකයා  කියා සිටියේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු 2022 වසරේ, ආරම්භ වනු ඇතැයි ම.එ.පෙ. බලාපොරොත්තු වන බව පැවසූ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, ජනතාව ආණ්ඩුවට දුන් ජන වරම ආරක්ෂා කරගැනීමට ම.එ.පෙ.කැපවී ඇති බවද අවධාරණය කළේය. ජන වරම වෙනුවෙන් කැපවූ සියල්ලන්, ඊට ප්‍රමුඛතාවය දෙනු ඇතැයි, ම.එ.පෙ. අපේක්ෂාව බවද, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

කෝවිඩ් අර්බුදය පැමිණි අවස්ථාවේ,  කිසිදු විදේශ රටක් ප්‍රතික්ෂේප නොකර ජනාධිපතිතුමා, ජන ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කිරීමේ අතීතය අමතක නොකර යළි සිහිපත් කරන බව ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම මුදල් ඇමතිවරයා අය වැය තුළින් ඉදිරිපත් කළ දැක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට සියලු ශක්තීන් යෙදිය යුතු බවද ඔහු කීය.

පාසල් හමාර කළ රැකියා නොමැති තරුණ පිරිස ප්‍රායෝගික වෘත්තීය ක්ෂේත්‍ර වෙත යොමු කිරීමද 2022 ඇති අභියෝගයක් බව පැවසූ ඔහු, ඒ සඳහා පොතේගුරුවාදයෙන් බැහැරව, ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගතයුතු බවද කියා සිටියේය. මේ තරුණ තරුණියන් රටේ අනාගතය වන නිසා ඔවුන් බලවත් කිරීමට සියලු ශක්තීන් යෙදිය යුතු බවද අවධාරණය කළේය. මීට ප්‍රාදේශීය සභා පවා සහභාගී කරගත යුතු බවද ම.එ.පෙ. නායකයා කීය. ග්‍රාමීය ඉල්ලුම සපුරාලීමට ප්‍රාදේශීය මට්ටමේ සිට ඉහළට නිෂ්පාදනය වැඩිකර, පශ්චාත් කොවිඩ් ආර්ථිකය ගොඩනැගීමට, පොතේගුරුවාදයෙන් තොරව ප්‍රායෝගිකව වැඩ කළ යුතු බවත් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය ඉරිදා (2021.12.26) සීතාවක ප්‍රාදේශීය සභාවේ හංවැල්ල උත්සව ශාලාවේදී පැවති, ම.එ.පෙ. සීතාවක බල මණ්ඩල සභාවාරයට ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම්  පා.ම.යදාමිණි ගුණවර්ධන, බල මණ්ඩල සභාපති සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රොහණ යන මහත්තුරුද සහභාගි වූහ.

එමෙන්ම, හිටපු පළාත් සභා මන්ත්‍රී ලයනල් කාරියවසම් මහතා, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සමන්ත ගමගේ ( බල මණ්ඩලයේ ලේකම්), නන්ද කුමාර, චින්තක දේවේන්ද්‍ර, එස් ඒ ප්‍රේමරත්න මෙන්ම සීතාවක නාගරික මන්ත්‍රී සිසිර ජයසිංහ යන මහත්තුරුද, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී වැලිකල මහතාද, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි රන්ජනි ඉද්දගොඩ මහත්මියද මීට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

අපි වැරැද්දක් කරලා නැති නිසා අස්වෙන්න ඕන නෑ! ඕන නම් අපිව අස් කරන්න! ගම්මන්පිල ජනපතිට උත්තර දෙයි! (VIDEO)

Next Post

පරාක්‍රම සමුද්‍රය ළඟ තියෙන පරාක්‍රමබාහු පිළිමයට පණ ඇවිල්ලද? කාගෙද ඒ කතා කරපු හඬ?

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.