ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණියේ කුමන්ත්‍රණයකින් බවත්, ඒ මහතාට වැදුණේ පාස්කු ප්‍රහාරයේ සාපය බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
‘‘ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලයට ගෙනාවෙම කුමන්ත්‍රණයකින්. ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසි භාවය තිබ්බා ඒක යට ගැහුවා. ගෝඨාභය රාජපක්ෂ එන්න කලින් පාස්කු ප්‍රහාරය සිදුවුණා. ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගන්න බැරි වුණා. ඒ සාපය තමයි ගෝඨාභය රාජපක්ෂට වැදුවේ. මිනිස්සුන්ගේ මිනි මතින් දේශපානයට පැමිණී ගෝඨාභය රාජපක්ෂට වැදුණේ අහිංසක මිනිස්සුන්ගේ සාපය. රටේ විශාල ආගම් භේදයක් , ජාති භේදයක් රට තුළ ඇති කරලා ජාතික ආරක්ෂාව ලබාදෙනවා කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ. අවසානයේ ඔහුට ඔහුගේ ආරක්ෂාවවත් සපයා ගන්න බැරි වුණා. ඔහුගේ පත්වීමම කුමන්ත්‍රණයක්. තේ පෝලිම් ඇතිවුණේ , ගැස් පෝලිම් ඇතිවුණේ කුමන්ත්‍රණ නිසා නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂගේ මෝඩ තිරණ නිසා. අසුචු පොහොර ගෙන්වීම , වැට් එක අඩු කිරිම , ගැසට් පිට ගැසට් ගැසීම නිසා තමයි ඔහුට ගෙදර යන්න වුණේ.‘‘