• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජීව් ගාන්ධි මරලා හිරේ ගිහින් නිදහස් වෙලා ලංකාවට එන්න දින ගැන ගැන හිටියේ… මහේෂ්වරී අම්මවයි, ශාන්තන් පුතාවයි සදහටම වෙන් කළේ ප්‍රභාකරන්ගේ අවතාරයද? I Sri Lanka Latest News

March 8, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

භැඅි යන වචනයෙහි සිංහල තේරුම පුවත්ය. පුවත් යන වචනය ටිකක් විතර භාරදූර නිසා ප්‍රවෘත්ති යන වචනයද සමහරු එතැනදී භාවිත කරති. දැන් නම් බොහෝ විට බොහොමයක් දෙනා, ‘නිවුස් ඇහුවද? නිවුස් බැලුවද? නිවුස් ගියාද? නිවුස් බලන වෙලාව හරිද?’ යන්නෙන් කතා බහවලදී යොදාගනිති.(Sri Lanka Latest News) නිවුස් කියන දේ විවිධාකාරය. විවිධාකාර වූ ඒ නිවුස්වල සාමාන්‍ය සහ අසාමාන්‍ය දේ මෙන්ම සුවිශේෂ වූ සහ කුතුහලය දනවන විස්තරද වේ. අපරාධ සහ මාරාන්තික වූ සිදුවීම් ගැන කියැවෙන නිවුස් ඇතැම් විට වඩාත් සංවේදීය. රූපමය වශයෙන් ඒවා පෙන්වන විට ඇතැම් රූප බොඳ කරවයි. එහෙම නැත්නම් සංවේදී සිත් ඇත්තන්ට එය නැරඹීමෙන් වැළකෙන ලෙස පළමුව දැනුවත් කරවයි. මේ සියල්ල අතර සංකීර්ණ නිවුස් ද වේ. සංකීර්ණ නිවුස් බලන්නට වාගෙම අහන්නටද අපහසුය. හොඳ නරක ගැන ඒවායේ තීන්දු දෙන්නටද අපහසුය.

හරියටම කියනවා නම් අර හරම්බි කියන ගෝරිල්ලාගේ කතාව වාගේය. මතකද ඒ කතාව? කෙටියෙන් කියනවා නම් 2016 මැයි 28 වැනිදා එක්සත් ජනපදයේ ඔහියෝවල සින්සිනාටි සත්වෝiානයේදී වයස අවුරුදු 3ක පොඩි පිරිමි දරුවෙක් තමන්ගේ අම්මගේ නොසැලකිලිමත්කම නිසා සතුන්ව ආවරණය කරලා තියෙන කෙටි බැම්ම උඩින් ගෝරිල්ලෙක් ඉන්න කුටියකට වැටුණා. ඒ ගෝරිල්ලාගේ නම හරම්බි. ළමයව වැටුණේ හරම්බි ඉන්න කුටිය ළඟ තියෙන වතුර වළටයි.

එතරම් ගැඹුරු නැති වතුරට වැටිලා දරුවා අඬද්දී හරම්බි දරුවව තම තුරුලට ගත්තා. බලාගෙන හිටපු පිරිස මහ හඬින් කෑගැහුවා. හරම්බි කලබලවුණා. නොසන්සුන් වුණු හරම්බි දරුවාට අනතුරක් කරයි කියා බයට සත්වෝiානයේ පාලකයන්ගේ අනින් හරම්බිට වෙඩි තියලා මරාදැමුවා. මුළු එක්සත් ජනපදයම හරම්බිගේ මරණයෙන් කොයි තරම් කම්පා වුණාද කියනවා නම් නිව්යෝර්ක් නගරය මැද හරම්බි වෙනුවෙන් ප්‍රතිමාවකුත් තැනුණා. ප්‍රවීණ ගායිකා රීටා මාර්ලි එයා වෙනුවෙන් හැඟීම්බර ගීතයකුත් ගැයුවා. අදටත් සමහර විචාරකයන් කියන්නේ මිනිසුන්ගේ කෑගැහිල්ලට කලබල වුණා දරුවාට අනතුරක් කරන්න හරම්බි හිතුවේ නෑ කියලයි.

සංකීර්ණ නිවුස් කියන්නේ අන්න ඒ වාගේ සිදුවීම් ඇතුළත් නිවුස්වලටයි. අදටත් හරම්බිව මරාදාපු එක සාධාරණද අසාධාරණද කියලා තීන්දුවක් ගන්න බැරි තරම් ඒ කතාව සංකීර්ණයි.

ඒ කතාවට වැඩිය හුඟාක් වෙනස් තවත් සංකීර්ණ නිවුස් එකක් ගැනයි මේ කියන්න යන්නෙත්. අර කතාවේ හිටියේ ගෝරිල්ලෙක් වුණාට මේ කියන කතාවේ ඉන්නේ කොටියෙක්. කොටියෙක් කියන්නේ සිවුපා බළල් ගණයට අයිති කැලේ ඉන්න කොටියෙක් නෙවෙයි. මේ කතාවේ නායක චරිතෙට ඉන්නේ එල්.ටී.ටී.ඊ. කොටියෙක්. තවත් විදියකට කියනවා නම් ත්‍රස්තවාදියෙක්. ඔහුගේ නම ටී. සුතෙන්දි රාජා. කොටි සංවිධානෙට ගැටවර වයසෙදි බැඳෙනකොට සිවරාසන් ඔහුට නම දුන්නේ ශාන්තන් කියලයි.

සිවරාසන් කියන්නේ ශාන්තන් ඇතුළු කොටි ගැටවරයන් සිය ගණනක් මෙහෙයවපු ඔවුන්ගේ නායක ත්‍රස්තවාදියා. ශාන්තන් උපන්නේ සහ ඔහුගේ පුරවැසිභාවය තියෙන්නේ ශ්‍රී ලංකාවේ වුණාට ගැටවර වයසෙදීම ඔහු චෙන්නායිවලට ගියේ තම ජාතිය සහ අයිතීන් වෙනුවෙන් සටන් කරනවාය කියන කොටි සංවිධානයට බැඳෙන්නයි. කොටි සංවිධානයට ඔහු එක්වුණේ කැමැත්තෙන්ද, සිවරාසන්ගේ බලපෑමටද කියන්න තවමත් කිසිවකු දන්නේ නැති කාරණයක්.

කොහොම වුණත් රජිව් ගාන්ධි ඝාතනයට හවුල් වෙනකොට ශෘන්තන් කියන කොටි තරුණයාට යන්තම් වයස අවුරුදු 21 පිරුණා විතරයි. එච්චර භාරදූර අවදානමකට සිවරාසන් ශාන්තන්ව සම්බන්ධ කෙරෙව්වේ ඔහු සිවරාසන් සමග දැඩිව සමීපව හිටපු නිසාය කියලා තමයි කියන්නේ. එවක ඉංජිනේරු තාක්ෂණය හොඳින් ඉගෙන එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශයට බැඳුණු ශාන්තන් රජිව් ගාන්ධිගේ ඝාතනයත් සමගම එයට ශාලිනී ඇතුළු පිරිස සමග සම්බන්ධව හිටපු නිසා අත්අඩංගුවට ගත්තා. 1998දී ඉන්දියානු අගමැති රජිව් ගාන්ධිව ඝාතනය කළ වරද හේතුවෙන් ශාන්තන් ඇතුළු 26 දෙනකුට මරණීය දණ්ඩනය නියම වුණත් පසු කලක එය ජීවිතාන්තය දක්වා දික්වූ සිර දඬුවමක් වුණේ මැඩ්රාස් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලෙසයි.

වයස අවුරුදු 30ක්වත් සම්පූර්ණ නැති ගැටවර වයසෙදීම තමාගෙන් සදහටම වාගේ වෙන්ව කොටි සංවිධානයට බැඳුණු තම තරුණ පුතු ගැන ඔහුගේ අසරණ අම්මා තිල්ලෙසියම්පලම් මහේෂ්වරී හිටියේ ලොකු වේදනාවක. හැමදාමත් මහේෂ්වරී දෙවියන්ට කන්නලව් කළේ තම ආදරණීය පොඩි පුතා තමන්ගේ මරණයට කලින් මුණගස්සන්න කියලයි. යෞවනයකු ලෙස ශාන්තන් කොටි සංවිධානයට බැඳෙනකොට රජිව් ගාන්ධි ඝාතනයට චූදිතයකු වෙනකොට මැඩ්රාස් අධිකරණය විසින් ඔහුට මරණීය දණ්ඩනය නියම කරද්දී පසු කලෙක එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට තීරණය කරද්දී යාපනයට වෙලා මේ හැම දේම දිහා බලාගෙන හිටපු ශාන්තන්ගේ අසරණ අම්මට තම පුතා කොටි ත්‍රස්තවාදියකු බවවත් මිනීමරුවකු හෝ අපරාධකරුවකු බවවත් දැනුණේ නැහැ.

‘අනේ දෙවියනේ මගේ මරණෙට කලින් මගේ දරුවව මට මුණගස්සන්න… මගේ ඉස්සරහට ගෙනත් දෙන්න…’

මහේෂ්වරී උදේ හවස දෙවියන්ට කෑගහමින් වන්දනාමාන කෙරුවා. මහේෂ්වරීගේ හිතේ හිටියේ මනසේ ජීවත් වුණේ තමන් වෙතින් අවුරුදු තිස් ගණනකට කලින් වෙන්වෙලා ගියපු තමන්ගේ දැකුම්කලු ගැටවර පුංචි කොල්ලා මිසක මූනිස්සම් පිරුණු පටියක් පපුවේ දිග අතට දාගෙන යකඩ තුවක්කුව අතට ගත්තු රෞද්‍ර කොටි තරුණයෙක් නෙවෙයි. රජිව් ගාන්ධි ඝාතනයට තම පුත්‍රරත්නයත් වගඋත්තර බැඳිය යුතුය යන නිවුස් එක මහේෂ්වරී දැනගන්න කොටවත්,

‘මේ වගේ එකෙක් මොකට වැදුවද දෙවියනේ මගෙ කුසෙන්…’ කියලා හිතනවා වෙනුවට ‘අනේ දෙවියනේ මගෙ අසරණ දරුවා, පව් නෙවෙද අප්පා…’ කියලා විලාප තියලයි මහේෂ්වරී ඔළුවට දෑත තියාගත්තේ.

‘මගේ දරුවව බලන්න මට අවස්ථාව සලසලා දෙන්න ඔබතුමන්ලාගෙන් දේව කරුණාවෙන් මේ ඉල්ලන්නේ…’

ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක්ව හිටපු ශාන්තන් දැඩි ආගමික භක්තියෙන් යුතුව හොඳින් කල් ගෙවූ නිසා විශේෂ වරප්‍රසාදයක් යටතේ නිදහස් වන බව දැනගත්තම මහේෂ්වරී අම්මා ඉතාම අනුකම්පාසහගත සහ වේදනාත්මක අභියාචනයක් ඉන්දියානු රජයට ඉදිරිපත් කළා. අවුරුදු තිස් ගණනකින් දැක්කේ නැති තම පුතාව තමාට මුණගස්වා දෙන්නය කියලා ඇය හැඬූ කඳුළින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටියා.
මේ තරම් ආදරණීය විදියට තම ත්‍රස්තවාදී පුතාට ආදරය කරන අම්මව දකින්න ඒ පුතාට වුවමනාව තිබ්බේ නැද්ද?

ඇයි නැත්තේ? හිර අඩස්සියේ ඉන්නකොටත් 2022දී නිදහස්ව එළියට ආවමත් ශාන්තන් තමිල්නාඩු රජයෙන් ඉල්ලීමක් කළා. කන්නලව් කළා ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීම තුළ තමන්ට තම අම්මාගේ අවසාන කාලයේදී ඇය සමග ජීවත් වීමට අවස්ථාව ලබාදෙන්න කියා ඔහුද දස දහස් වර ඉල්ලා සිටියා. මේ වන විට මහේෂ්වරී ඉන්නේද වයස අවුරුදු 78ය. කොහොමින් හරි අම්මටයි පුතාටයි උනුන්ව අවුරුදු තිස් ගණනකට පසුව දැකබලා ගන්නට අවැසි අවසරය රටවල් දෙකෙන්ම ලැබුණු නිවුස් එක පත්තරවල පළවෙද්දී මහේෂ්වරී යාපනේ ඉඳගෙනත් ශාන්තන් චෙන්නායිවල ඉඳගෙනත් සතුටු කඳුළු හෙළුවා. දවස එනතෙක් දෙන්නට දෙන්නා ඇඟිලි ගැන්නා.

ඒක හරියට මලයාලම් ෆිල්ම් එකක සංවේදී කතාවක් වගේ වුණා.

‘කොල්ලව දෑහින් දකනතුරු මගේ හුස්ම ඩිංග ඉතුරු කරන්න දෙවියනේ. ඉන් පස්සේ මට මළත් කාරි නෑ…’

රෝගීව සිටි මහේෂ්වරී එහෙම යදිමින් දෙවියන්ට පුද පූජා තිබ්බා. තම පුතා ගෙයි දොරකඩින් මතුවෙනතුරු බලාන හිටියා. ඒ අතර තමයි ශාන්තන් හදිසියේම අසනීප වෙලා ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලට ඇතුළත් කෙරුවේ. ඔහු දරුණු අක්මා රෝගයකින් පෙළෙන බව දැනගෙන වෛiවරු දැඩි සත්කාර ඒකකයට ඔහුව ඇතුළත් කර තිබුණා. හරියටම දවස් දෙකකට පස්සේ පෙබරවාරි මාසේ 27 වැනිදා ශාන්තන් මියගියා. අනේ දෙවියනේ අර අම්මා ඒ ආරංචිය දරාගත්තම මොනවා හිතෙන්න ඇතිද? රෝගීව 78 හැවිරිදි වියේ හිටපු අම්මා දෙවියන්ට කන්නලව් කෙරුවේ පුතා දකිනතුරු තම හුස්ම අල්ලාගෙන සිටින්නැයි කියාය.

නමුත් සිද්ධ වුණේ වයස අවුරුදු 55ක් වෙච්ච පොඩි පුතාගේ හුස්ම ටික දෙවියන් උදුරා ගැනීමය. මහේෂ්වරී අම්මා මේ මොහොතේ මොනවා හිතනවා ඇද්ද? මේ දෛවය විසින් ඇයට කළ මහ අමුතු සරදමක් නොවේද? ශාන්තන්ටද දෛවය කළේ අදහාගන්නට බැරි සරදමකි. රජිව් ගාන්ධි ඝාතනයට හවුල්කරුවකු වූ හෙතෙම අවසානයේ තම අම්මාටද උහුලාගන්නට බැරි ගින්දරක් දී තමාද හවුල්ව මරාදමන්නට සැලසුම් කළ මිනිසාගේ නාමයෙන් තැනූ රෝහලේදීම මියගියේය. එයද අමුතු ආකාරයේ හැඟීමක් හිතට එන සිදුවීමකි. සියල්ල අමුතුය. එලෙසම අහඹුය.

කෙසේ වුවද, දරුණු ත්‍රස්තවාදියකු වුවද මහේෂ්වරී අම්මාට නම් ශාන්තන් තම කුසින් වැදූ පොඩි පුතු පමණය. අවුරුදු තිස් ගණනකට පසු සිය පපුතුරෙහි හිස හොවා වැලඳගෙන හඬන්නට ආදරයෙන් තුරුලු කරගෙන සුවදුක් අසන්නට බලා උන්න පොඩි පුතු පමණය.
ඒ නිසාම මේ නිවුස් එක එක පැත්තකින් බොහෝ සංකීර්ණය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ශ්‍රී ලංකන් – නිමල් සහ මීයා I Sri Lanka Latest News

Next Post

ගෝඨා බලයට ආවෙත් කුමන්ත්‍රණයකින්! එයාට වැදුණේ පාස්කු ප්‍රහාරයේ සාපයයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.