පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා අතර එය ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.Sri Lanka Latest News
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ (6) පෙරවරුවේ මහනුවරදී මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි,
“මං වගකීමෙන් කියනවා. මම දන්නවා මහමොළකාරයා. හැබැයි ඒක මාධ්‍යට කියන්නේ නැහැ. මාධ්‍යට කියනවා… රටේ ජනාධිපතිටයි..ආරක්ෂාව භාරව සිටින අයටයි කියලා.”










