හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි පුද්ගලයකු එම ආයතනයේ බඩු භාණ්ඩවලට පහර දෙමින් විශාල විනාශයක් සිදු කරන අයුරු සමාජ ජාල වල වීඩියෝවක් හුවමාරු වෙයි.Sri Lanka Latest News
සිය පියාගේ උප්පැන්න සහතිකය ගැනීමට සියලු ලිපිලේඛන බාර දී තිබියදීත් එය ඉටු නොවීම හේතුවෙන් කෝපයට පත්වී ඔහු මෙසේ විරෝධය දක්වා ඇති බව සඳහන්ය.
එම අවස්ථාවේ එහි සිටි රජයේ නිලධාරීන් දැඩි භීතියට පත්ව කෑ කෝ ගසන අතර කලහකාරී පුද්ගලයා අල්ලා ගැනීමටද උත්සහ දරයි.
එම පුද්ගලයා මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.










