පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය මෙන් තවත් ප්‍රහාරයක් කිරීමට සූදානම් බවට තොරතුරු හෙළි කළ බවත්, ඊට අවශ්‍ය සියලු බඩු මේ වනවිට සූදානම් කොට ඇති බව හෙළිදරව් කොට මේ වනවිට සැලකිය යුතු කාලයක් ගතව තිබුණද එම බඩු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේද, එම බඩු කිබුණේ කොහේද යනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා ප්‍රශ්න කර සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ එය ජනාධිපතිවරයාට පවා කී බව උන්වහන්සේ කියා සිටින බවකි.
ජනාධිපතිවරයා එකක් කියන බවත්, බුද්ධි අංශවලට තොරතුරු දෙන ඥානසාර හිමියන් තව එකක් කියන බවත්, අප පිළිගත යුත්තේ කුමන කතාවක්ද බවත් ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.









