බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ, මෙරට මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටිති.Sri Lanka Latest News
මීට වසර අටකට පෙර, කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පවත්වන ලද මාධ්‍ය හමුවක දී තමන් වහන්සේ විසින් කරන ලද ඇතැම් ප්‍රකාශ, මෙරට මුස්ලිම් ප්‍රජාවගේ හිත් රිදවීමට හේතු වී නම් ඒ පිළිබදව මෙරට මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව උන්වහන්සේ ඊයේ දිනයේ දී කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.
2016 මාර්තු මාසයේ 03 වන දා කුරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී උන්වහන්සේ විසින් කරන ලද ප්‍රකාශ වාර්ගික හා ආගමික අසමගිය ඇති කිරීමට රුකුල් දෙන බව පවසමින් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඥාණසාරහිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබුණි. එම නඩුව ඊයේ දිනයේ දී විභාගයට ගත් අවස්ථාවේ දී මෙම සමාව ගැනීම ඥාණසාර හිමි විසින් සිදු කර තිබේ.
කෙසේ වෙතත්, නඩු විභාගය අවසන් කළ මහාධිකරණය මෙම නඩුවේ තීන්දුව මාර්තු මාසයේ 28 වන දා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේ ය.










