එක රටක් – එක නීතියක් ස්ථාපිත කිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය අද පළමු වරට රැස් වීමට නියමිත බව වාර්තා වේ.
එක රටක් එක නීතියක් ස්ථාපිත කිරීම සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පසුගිය 27 වන දා පත් කෙරුණු අතර එහි සාමාජිකයන් සංඛ්‍යාව 13 කි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, සභාපති ධූරය ඔසවයි.
සිංහල බෞද්ධ නියෝජිතයන් හත් දෙනෙකු සහ මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙකුගෙන් මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය සමන්විතය.
දෙමළ ජාතිකයෙකු හෝ කාන්තා නියෝජනයක් මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය තුළ නොමැති වීම සම්බන්ධයෙන් විවේචන එල්ල වී තිබේ.










