පසුගිය රජය සමයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ සිදුව ඇති වංචා හා දූෂණ පිළිබදව පැමිණිලි රැසක් විෂය භාර අමාත්‍යවරිය වන හරිනී අමරසූරිය මහත්මියට ලැබී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුව ඇති බවට විශ්වාස කරන වංචා හා දූෂණ සම්බන්ධ විමර්ශන අරඹා තිබේ.
ඉන් එක් විමර්ශනයක්, පළමු වරට විදෙස්ගතවන ගෘහ සේවිකාවන්ට ලබා දී තිබෙන පුහුණුවකදී සිදුව තිබෙන වංචාවක් සම්බන්ධවයි.
මෙම පුහුණුව සදහා එක් අයෙකුගෙන් රුපියල් හැත්තෑපන් දහසක් අයකර තිබේ.
එම මුදල ලැබී ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නොව, වෙනත් පාර්ශ්වයකට බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ විගණකාධිපති දෙපාර්තමේන්තු-ව මේ වන විටත් විමර්ශන අරඹා ඇති බව පැවසේ.










