නාසා ආයතනය මගින් 2020 වසරේ ක්‍රියාත්මක කරන ලද අඟහරු මෙහෙවර මෙතෙක් ක්‍රියාත්මක කෙරුණු වඩාත්ම සාර්ථක ගවේෂණ මෙහෙයුමක් ලෙස සලකනු ලබනවා. 2020 වසරේ ජූලි 30 වැනි දින අභ්‍යවකාශ ගතකෙරුණු රොකට්ටුවක් මාර්ගයෙන් අඟහරු වෙත යවනු ලැබූ පර්සිවියරන්ස් රෝවරය ග්‍රහයා මතට පතිත වූයේ 2021 මාර්තු 05 වැනි දිනයි. දැනට වසර හතරකට වැඩි කාලයක සිට එමගින් අඟහරුගේ පාෂාණ සාම්පල එකතු කරමින් පර්යේෂණ සිදුකරනු ලබනවා. එහි මීළඟ අදියර කුමක්දැයි අප නාසා ආයතනයේ ආචාර්ය සරත් ගුණපාල මහතාගෙන් විමසීමක් කළා.Sri Lanka Latest News
‘අපි අඟහරු ලෝකය ගැන තමා පහුගිය අවුරුදු 30 විතරම ගවේෂණය කළේ. මම ඉන්න සෙන්ටර් එකෙන්, නාසා ජෙට් ප්‍රපල්ෂන් ලැබෝරටරි එකෙන්. දැන් අපිට තියෙන මාස්වලට සම්බන්ධ අලුත්ම නිවුස් එක තමා, අපි 2021වල ඇරපු පර්සිවියරන්ස් රෝවර් එකෙන් මාස්වල ලයිෆ් එක තියෙනවා කියලා හිතන සාම්පල් 40ක් අරගෙන අපි ස්ටෝර් කරලා තියෙන්නේ. ලයිෆ් එක තියෙනවා කියලා හිතන්නේ, පෘථිවියේ අපි හැදිලා බිලියන 4.2ක් විතර හැදෙනකොට වතුර තිබුණේ නැහැ. වතුර හම්බවුණේ කඩාවැටෙන උල්කාපාතවලින්. ඒ වතුර ලැබිලා, ගොඩාක් ඉක්මනටම වතුර ලැබිච්ච ගමන් ලයිෆ් එක හැදුණා. ඒ කියන්නේ ඉතාම සරල ජීවීන්. ඒ වගේ ඒවා අපිට ෆොසිල්වලින් දැනගත හැකියි.
දැන් ඉතින් අඟහරු ලෝකය අපි හොයාගත්තා, දැන් අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා, අඟහරු ලෝකයේ වතුර තිබිලා තියෙනවා. ගලාගෙන ගිය ගඟවල් තියෙනවා, ලේක් බෙඩ්ස් තියෙනවා. එතකොට, දැන් වතුර නැහැ. දැන් වතුර තියෙන්නේ පර්මාෆ්‍රොස්ට් විදිහට. වතුර, පස් එක්ක එකතු වෙලා මඩවෙලා, වතුර කලින් ඉස්සර තිබුණ හින්දා අපි හිතනවා, සම් ෆෝම් ඔෆ් ලයිෆ් හැදෙන්න ඇති කියලා. තාම අපිට හම්බවෙලා නැහැ ඒ සිග්නේචර්ස්. පර්සිවියරන්ස් රෝවර් එකේ අපි ඇරියා ටූ එක්ස්පරිමන්ට්, කෝල්ඩ් පික්සල් ඇන්ඩ් ෂර්ලොක්. ඒ ඉන්ස්ටෘමන්ට් දෙකෙන් කරන්නේ, එකක් එක්ස්රේ, අනික අල්ට්‍රා වයලට්. ඒ දෙකෙන් බලලා අපිට කියතහැකි මේ මේ සාම්පල් වල ලයිෆ් සිග්නේචර්ස් ඇති කියලා. ලයිෆ් සිග්නේචර්ස් පොළොවේ තියෙන්නේ ගල්වල. එකක් තමා ඉග්නියස් රොක් කියන්නේ. ඉග්නියස් රොක් කියන්නේ ලාවා ඇවිල්ලා මිදිලා, කළු ගල් වගේ ඒවා. දැන් අනික තමා ලේයර්ඩ් රොක්. ලේයර්ඩ් රොක් කියන්නේ, ලයිෆ් එකේ සිග්නේචර්ස් වතුරත් එක්ක ගිහිල්ලා, ඒවා සෙඩිමන්ට් වෙලා, ඒ සෙඩිමන්ට් ග්‍රෝ වෙනවා. එතකොට ලේයර්ඩ් රොක් හැදෙනවා. ලේයර්ඩ් රොක්වල තමා ෆොසිල් එහෙම තියෙන්නේ. ඉතින් අපි ලේයර්ඩ් රොක් හොයලා, ඒවායෙන් සාම්පල් 40ක් අරගෙන, දැන් පැක් කරලා තියෙන්නේ පොළොවට ගේන්න. මොකද මෙහෙට ගෙනාපුවාම ගොඩක් එක්ස්පරිමන්ට් කරන්න පුළුවන්නේ. එතකොට අපිට හොයාගන්න පුළුවන් ඒකේ ඩී.එන්.ඒ. කෑල්ලක් තියෙනවා, ෆ්‍රැග්මන්ටඩ් ඩී.එන්.ඒ. හරි මොනවා හරි, කලින් ලයිෆ් එකක් තිබුණද කියලා හොයාගන්න. මොකද දැන් ලයිෆ් එකක් නැහැ. සිග්නේචර්ස් හොයාගන්න. ඒක තමා අපේ ප්‍රධාන අරමුණ. දැන් අපි ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා….’
Rupavahini News










