අවසරයකින් තොරව අවාරයේ ශ්‍රීපාදස්ථානය කරුණා කිරීම සපුරා තහනම් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ ඊයේ (30) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය. (Sri Lanka Latest News)
2022-2023 ශ්‍රීපාද වන්දනා සමග අවසන් විමත් සමග ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි අවාරයේ ශ්‍රි පාදස්ථානය හැටන් මාර්ගය ඔස්සේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ අවසරයකින් තොරව කරුණා කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබියදී ඇතැම් මාධ්‍යයන්වල ශ්‍රීපාදස්ථානය කරුණා කිරීමට ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් විසින් අවසර ලබාදී ඇති බවට පළවූ පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.
අවාරයේ ශ්‍රීපාදස්ථානය කරුණා කිරිමේදි අදාල ආයතනවලින් අවසර ලබාගෙන ඒ පිලිබඳව නල්ලතන්නිය සහ රත්නපුර පොලිස් ස්ථාන දැනුවත් කර අවාරයේ ශ්‍රීපාදස්ථානය කරුණා කිරිමට අවස්ථාව ලැබෙන බවත්, එසේ අවසරයකින් තොරව ශ්‍රීපාදස්ථානය කරුණා කිරිමට ඉඩ ලබා නොදෙන ලෙස නල්ලතන්නිය සහ රත්නපුර පොලිසිය දැනුවත් කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.
මේ දිනවල ශ්‍රීපාදස්ථාන මළුව ප්‍රදේශයට කඩින් කඩ අධික වර්ෂාව පතිත වන නිසා ශ්‍රීපාදස්ථානයට පිවිසෙන පියගැටපෙල දිගේ අධික ජල ධාරිතාවක් පහලට ගලා බසින නිසා ශ්‍රීපාදස්ථානය කරුණා කිරිම අවදානම් බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
lankasara










