අවසන් යුද සමයේ මියගිය පිරිස් සමරා මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සැමරුම් සතියක් ආරම්භ කර තිබෙනවා.
මියගිය පිරිස් වෙනුවෙන් 12 වැනිදා සිට 18 වනදා දක්වා මෙම සැමරුම් සතිය ක්‍රියාවට නංවා ඇති අතර මෙය ජන සංහාර සතිය වශයෙන් නම්කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කෙරෙන ජංගම රථයක් ද සූදානම් කර ඇති අතර එය මෙම සතිය පුරා උතුරේ සංචාරය කිරීමට නියමිතයි.
එමෙන්ම මෙහි ප්‍රධාන සැමරුම ලබන 18 වැනිදා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවැත්වීමටයි එහි සංවිධායකයන් සැලසුම් කර ඇත්තේ.
අදාළ සැමරුම් සතිය නිමිති කර ගෙන 12 වැනිදා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී පහන් දල්වා මියගිය පිරිස් සිහිකළ අතර එම අවස්ථාවට උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී. රවිහරන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.
dasathalankanews